දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාධ්‍ය වටකළ සිවිල් සංවිධාන කරුණු පහදයි
Homeප්‍රවෘත්ති

මාධ්‍ය වටකළ සිවිල් සංවිධාන කරුණු පහදයි

PropellerAds

පසුගියදා මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධයේ නිරත වූ සිවිල් සංවිධාන ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ එම විරෝධය ඇතැම් මාධ්‍ය ආයතන වාර්ත...

69 ලක්ෂයට අද පාරට බහින්න බෑ… පොහොට්ටු අපේක්ෂකයන්ට පාරෙ යන්න බෑ - පොහොට්ටු මන්ත‍්‍රී
අනුර කුමාරගේ පැටිකිරිය ගැන පිටු 2ක වාර්තාවක් ඕස්ට්‍රේලියා තානාපති අතේ!
සල්ලි ගත්ත කල්ලියක් හෙලිකොප්ටරය බිම දාන කුමන්ත්‍රණයක - තිස්ස විතාරණ හෙලිකොප්ටරයේ සිට!
මාධ්‍ය වටකළ සිවිල් සංවිධාන කරුණු පහදයි

පසුගියදා මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධයේ නිරත වූ සිවිල් සංවිධාන ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ එම විරෝධය ඇතැම් මාධ්‍ය ආයතන වාර්තා කල ආකාරය සම්බන්ධයෙන් පිළිතුරැ ලබා දෙමින්ය.

එම නිවේදනය පහතින්

සිවිල් සමාජ ක්‍රියාකාරී එකමුතුවක් වන අප විසින් පසුගිය ජනවාරි 10 වනදා සදාචාරත්මක හා ජනතාවට වග වන මාධ්‍ය අවශ්‍යතාවයක් වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන ඉදිරිපිට නිහඬ විරෝධයක් දැක් වූ අතර ඉන් පසු ඇති වූ අහිතකර හා සාවධ්‍ය ප්‍රතිචාර හමුවේ නැවතත් අපගේ විරෝධයේ අරමුණ ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.

එම විරෝධයේ මුලික අරමුණ වුයේ මාධ්‍ය සමග ගැටුමකට යාම නොව රටේ ජනතාවට වග වන කිසිඳු ආකාරයේ හිංසනයකට ඉඩ නොදෙන අපක්ෂපාති මාධ්‍යකරණයක යෙදීමේ අවශ්‍යතාවය පිළිබඳ ජනතාව හා මාධ්‍ය අතර කතිකාවක් ගොඩනගා ගැනීමයි. එහිදී අප එවැනි මාධ්‍ය භාවිතයකට අදාළවන මුලික කාරණා කිහිපයක් මතු කළෙමු. අභුත පුවත් මැවීම් වලින් ප්‍රේක්ෂක, ග්‍රාහක හා පාඨක සමාජය අපහරණයට ලක් කරනු ලැබීම වැළැක්වීම උදෙසා සත්‍ය ගවේෂණය හා වාර්තාකරණය, අපක්ෂපාති හා සාධාරණ ලෙස සෑම වාර්තාකරණයකටම අදාළ සංධර්භය එළි කිරීමට බැඳී සිටින මාධ්‍ය ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, විවිධ ආණ්ඩු හා කණ්ඩායම් මගින් ක්‍රියාත්මක කරන වර්ගවාදී, ජාතිවාදී, ලිංගවාදී, හා කුලවාදී ක්‍රියාකලාපයන් පෝෂණය නොකිරීම, ස්ත්‍රීන්, ළමුන්, සමරිසි ප්‍රජාවන්ගේ හා අනෙකුත් චුදිතයන් සම්බන්ධ වාර්තාකරණයන්වලදී සදාචාර වටිනාකමකින් බැඳී සිටීම යනාදියත් මේ සියලූ කරුණුවලට වගවන මාධ්‍යයක අවශ්‍යතාවයත් ඒ අතර විය. එම වගවීම ඇත්තේ සාධාරණ, යුක්තිගරුක, සියලූ දෙනාට නිදහසේ ජීවත් විය හැකි සමාජයක් ඉල්ලා සිටින බහුතර ජනතාවට මිස, ආර්ථීක වාසි මුල් කරගත් සුළුතර පිරිසකගේ අභිලාශවලට නොවන බව අප ඔවුනට මතක් කර දීමට උත්සාහ කළෙමු.

අප එම සාමකාමී විරෝධතාව සිදු කරනු ලැබුවේම ශිෂ්ට සම්පන්නවය. කළු පටි වලින් අප ආවරණය කලේ අපගේ මුහුණු නොව මුඛයයි. ඒ විරෝධයේ සංකේතයක් වශයෙනි. එසේම අප මාධ්‍ය ආයතන තුලට ගොස් එම ලිපිය භාර දුන්නේ ආවරණය ඉවත් කරගෙනය. බහුරතයක් මාධ්‍ය ආයතන එම ලිපිය භාරගත් අතර තවත් ආයතන එය සාමකාමී ලෙස ප්‍රතික්ෂේප කළේය. එහෙත් මාධ්‍ය ආයතන දෙකක් පමණක් මේ විරෝධතාව ඉතා අවලස්සන ආකාරයෙන් වාර්තා කරමින්, පැමි‚ සිවිල් පුරවැසියන් සම්බන්ධව අභූත චෝදනා නගමින්, විරෝධතාකරුවන්ව විවිධ දේශපාලන පක්ෂ වලට ඈඳමින් අප විරෝධය පෑ ජඩමාධ්‍යකරණයම අප වෙත මුදා හැරීම උත්ප්‍රාසයක්ද දනවයි. එම එක් මාධ්‍ය ආයතනයක් අපගේ ලිපිය භාරගැනීම වෙනුවෙන් විනාඩි 5ක කාලයක් ඉල්ලා සිටිමින් අප විනාඩි 30කටත් අධික කාලයක් එම පරිශ්‍රයේ රඳවා ගත්තද ලිපිය භාර නොගත්තේය. ඒ තුල පෙන්නුම් කලේ ඔවුනට ලිපියක් භාර ගැනීමට තරම්වත් අවම සදාචාර වටිනාකමක් නොතිබූ බවයි.

අප විරෝධය පෑවේ ජනතා පොදු දේපලක් වන සංඛ්‍යාත ජනතා සුභ සිද්ධිය සඳහා මිසෙක පෞද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා නොවන බව සිහි කැඳවීමටය. මාධ්‍ය ආයතනවලට ඇති මාධ්‍ය බලපත්‍රය යනු, රටේ පාලන බලය හැසිරවීම වෙනුවෙන් ප්‍රධානය කළ බලපත්‍රයක් නොවන බව මතක් කිරීමටය. මාධ්‍ය වෘත්තියට අර්ථයක් හා වටිනාකමක් එක් වන්නේ ප්‍රකාශන හා තොරතුරුවල ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරන්නේ නම් පමණක් බව සිහි කැඳවීමටය. ඒ අනුව සමස්ථ මාධ්‍ය භාවිතාව තුළ සුරැකිය යුතු සමාජ වටිනාකම් ගැන සංවාදයට එළැඹීම හා ඒ වෙනුවෙන් ක්‍රියාකිරීම මාධ්‍යයේ වගකීම බව අපි නැවත නැවතත් මතක් කරනු කැමැත්තෙමු.

ශ්‍රී ලංකාවේ කාන්තාවෝ

අලූත් පියාපත්

අලූත් පරපුර

මාරුතයේ හඬ

දිදුලන හදවත

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලූ

වෘතීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය

සාධු ජනරාව

නැගී සිටිමු ශ්‍රී ලංකා

චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ සංගමය

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ නීතිඥවරු

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාධ්‍ය වටකළ සිවිල් සංවිධාන කරුණු පහදයි
මාධ්‍ය වටකළ සිවිල් සංවිධාන කරුණු පහදයි
http://am.lk/media/k2/items/cache/47f92ffc6bbd08037cdc0567220a9079_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_391.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_391.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy