දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ ඉඩම් වහා ලබාදෙනු! – කළු ගඟ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවූවෝ අඛණ්ඩව විරෝධතාවයේ
Homeප්‍රවෘත්ති

අපේ ඉඩම් වහා ලබාදෙනු! – කළු ගඟ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවූවෝ අඛණ්ඩව විරෝධතාවයේ

PropellerAds

මොරගහකන්ද – කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ අවතැන්වූ කළුගඟ ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 12ක ජනතාවගේ දු දරවන්ට ඉඩම් ලබාදෙන ලෙස බලකරමින් හා ඉඩම් හි...

Exclusive : ගෝඨාභයගේ අපේක්‍ෂකත්වයට කිසිදු බලපෑමක් කරන්න අභියාචනාධිකරණයට බෑ.. ශ්‍රේෂ්ඨාධිකරණයට පමණයි… ජනාධිපතිවරණ නීතිය මෙන්න
සජිත් සමග කතා කලා පමණයි.. ඔහුට සහාය දෙන්න එකග වූයේ නෑ - TNA
gotabaya rajapaksa case
අපේ ඉඩම් වහා ලබාදෙනු! – කළු ගඟ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවූවෝ අඛණ්ඩව විරෝධතාවයේ

මොරගහකන්ද – කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ අවතැන්වූ කළුගඟ ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 12ක ජනතාවගේ දු දරවන්ට ඉඩම් ලබාදෙන ලෙස බලකරමින් හා ඉඩම් හිමිකම් ලබාදෙන කඩයිම් දින ඉවත්කරන ලෙස ඉල්ලමින් ඊයේ  (05)  ලග්ගල- පල්ලේගම නව නගර මධ්‍යයේ ආරම්භ කළ විරෝධතාවය විසදුමක් ලබා දෙනතුරු අඛණ්ඩව පවත්වා ගෙනයාමට තීරණය කර ඇත.

මොරගහකන්ද – කළුගඟ ජලාශයෙන් අවතැන්වුවන්ගේ සංවිධානය විසින් විසින් මෙම විරෝධතාවය ආරම්භ කෙරිණි.

විරෝධතාවය අතරතුර එම ස්ථානයට පැමිණි මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා ඇතුළු නිලධාරින් විරෝධතාකරුවන්ගේ ගැටළු පිලිබදව සාකච්චා කිරීමට අමාත්‍යංශ ලේකම්වරයා සමග ලබන 17 දින අවස්ථාවක් ලබාදීමට සුදානම් බව නිලධාරීන් ප්‍රකශ කළත් විරෝධතාකරුවන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.

මේ පිලිබදව අදහස් දැක්වූ එහි කමිටු සාමාජික කේ.ජි. බණ්ඩාරතිලක මහතා කියා සිටියේ මෙම ව්‍යාපෘතියෙන් අවතැන්වූවන් තෝරාගෙන විකල්ප ඉඩම් ලබාදීමේ වැඩ පිළිවෙල 2008 වසරේ සිට අවස්ථවන් කීපයකදී ප්‍රමාදවෙමින් ඉදිරියට ඇදී ගිය බවත් ග්‍රාම සේවා වසම් 12ක මුල්ම පදිංචි පවුල් 930කට කළු ගඟ දකුණු ඉවුර යටතේ ඉඩම් ලබාදුන් බවත්, යලි 2011 වසරේ දෙවන අදියර යටතේ තවත් පවුල් 250කට විකල්ප ඉඩම් ලබා දුන් බවය.

කෙසේ වෙතත් එසේ එම පවුල්වලට ඉඩම් ලබාදීම සිදුකලත් එම පවුල්වලට සිය ජීවනෝපාය සදහා තවමත් වියලි ආහාර සලාකය මත යැපීමට සිදුව ඇති බවත් විකල්ප ඉඩම්වල වගා කිරීම සදහා අවශ්‍ය ජලය ඇතුළු පහසුකම් මෙතෙක් ලබාදී නොමැති බවය.

එසේ ජීවනෝපාය මාර්ග අහිමිවූ පවුල්වල දු දරුවන්ද මේ වනවිට විවාහවී ඔවුන් පදිංචිවීමට ඉඩම් නොමැතිව ඔවුන්ගේ දෙමව්පියන්ගේ නිවෙස්වල පදිංචිවී සිටින බවත් දෙමව්පියන්ට ලබාදෙන වියලි සලාකයෙන් එම අනු පවුල්ද ජීවත්වෙමින් සිටින බව බණ්ඩාරතිලක මහතා කියා සිටියේය.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ පවතින තත්වය තුළ තවත් පවුල් 150ක් පමණ පිරිසකට ඉඩම් හිමිකම් ලබාදෙන ලෙසත් අවතැන්වුවන් පදිංචි කරන ලද කළු ගඟ දකුණු ඉවුරේ ඉඩම්වලට අවශ්‍ය ජලය, ඇලවේලි සකස් කිරීම ඇතුළු යටිතල පහසුකම් සදහා ස්ථිර විසදුමක් ලබාදෙන තෙක් ව්‍යාපෘතියේ කඩයිම් දින වෙනස්කර තමන්ට සහන ලබා දෙන ලෙස ඔවුන් මහවැලි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද බණ්ඩාරතිලක මහතා කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ ඉඩම් වහා ලබාදෙනු! – කළු ගඟ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවූවෝ අඛණ්ඩව විරෝධතාවයේ
අපේ ඉඩම් වහා ලබාදෙනු! – කළු ගඟ ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවූවෝ අඛණ්ඩව විරෝධතාවයේ
http://am.lk/media/k2/items/cache/89f71e57b4d5a65174f4d42e6fd86758_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_239.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_239.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy