දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉරණමඩු ජලය යාපනයට ගෙන යන්න යෝජනාවක්
Homeප්‍රවෘත්ති

ඉරණමඩු ජලය යාපනයට ගෙන යන්න යෝජනාවක්

PropellerAds

කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ ඇති ජලයෙන් සියයට හැටක ප්‍රමාණයක් පානීය ජලය වශයෙන් යාපනයට රැගෙන යාමට ඇති හැකියාව පිළිබදව වහාම සොයා බලන ලෙස උතුරු ...

අද නායකයා ගැන විශ්වාස කර ව්‍යවස්ථා සංශෝධන එපා.. 20ට කිසිසේත්ම එකග නෑ.. ආණ්ඩුව ගැන මං හොදටම කලකිරිලා - ඇල්ලේ ගුණවංශ හිමි
පොහොට්ටු මන්ත‍්‍රී කුට්ටිආරච්චි ඇමති නිමල් සිරිපාලගේ ඇගට ගොඩවේ.. සභාව අමතා බැණ වැදී යන්න යයි - (Video)
ඩඩ්ලිගේ වාරය එයි.. වෙලද අමාත්‍යංශයට ගොස් ඇමතිලා, නිලධාරීන් දණ ගස්වයි.. රටට කන්න සහල් රටින් ගෙන්වන්න යයි - (video)
ඉරණමඩු ජලය යාපනයට ගෙන යන්න යෝජනාවක්

කිළිනොච්චිය ඉරණමඩු ජලාශයේ ඇති ජලයෙන් සියයට හැටක ප්‍රමාණයක් පානීය ජලය වශයෙන් යාපනයට රැගෙන යාමට ඇති හැකියාව පිළිබදව වහාම සොයා බලන ලෙස උතුරු පළාත්  ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන් මහතා නිලධාරීන්ට දැණුම් දී තිබේ.

මේ පිළිබදව සාකච්ඡා කිරීමට ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයේ විශේෂ සාකච්ඡාවක් වාරිමාර්ග නිලධාරීන් හා ජල සම්පත් නිලධාරීන් සමග පසුගියදා පැවැත්විණි.

ආණ්ඩුකාරවරයා පසුගියදා ඉරණමඩු ජලාශය නිරීක්ෂණය කිරීමට ගිය අතර එහිදී වාරිමර්ග නිලධාරීන්ට උපදෙස් දී තිබුණේ පළාතේ ඇති විශාලතම සම්පත මෙය බැවින් එය ඉතා හොදින් සුරැකීමේ පියවරක් වශයෙන් ඉරණමඩු ජලාශය නිලධාරීන් විසින් දින පහකට වතාවක් නිරීක්ෂණය කළ යුතු බවයි.

මෙම සංචාරයෙන් පසුව ආණ්ඩුකාරවරයා නිලධාරීන්ට දැණුම් දී අත්තේ යපනයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ඉතා අත්‍යවශ්‍ය බැවින් මෙම ව්‍යාපෘතිය සදහා වහාම සැලසුමක් සකස් කරණ ලෙසයි

කිළිනොච්චිය දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු එන්.සුදාකාර්න් මහතා ආණ්ඩුකාරවරයාට පවසා ඇත්තේ ඉරණමඩු ජලාශයේ වත්මන්  ජලධාරිතාවයට අනුව එහි ජලයෙන් සියයට හතළිහක් පළාතේ කෘෂිකාර්මික කටයුතු සදහා ප්‍රමාණවත් වන බවයි.

ආණ්ඩුකාරවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ඉරණමඩු ජලාශයේ ජලයෙන් සියයට හැටක් යාපනයට පානීය ජලය වශයෙන් රැගෙන යාමට ඇති හැකියාව පිළිබදව සැලසුමක් සකසන ලෙසයි.

ඉරණමඩු ජලාශය ප්‍රතිසංස්කරණය කිරීමට පෙර ආසියානු සංවර්ධන බැංකුව විසින්ද ඉරණමඩු ජලාශයේ ජලය යාපනයට රැගෙන යාම සදහා ව්‍යාපෘතියක් සකස් කරණු ලැබීය.මේ අවස්ථාවේදී කිළිනොච්චියේ ගොවි සංවිධාන ඊට විරුද්ධ වී  එවකට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතාටද ගොවීන් සිය විරෝධය පැමිණිල්ලක් වශයෙන් ඉදිරිපත් කොට තිබුණි.

මේ අවස්ථාවේදී එ පිළිබදව සොයා බැලීමට විග්නේස්වරන් මහතා විසින් විශේෂ කමිටුවක් පත් කළ අතර කමිටුවේ නිර්දේශය වූයේද කෘෂිකාර්මික කටයුතු හා යාපනයට පානීය ජලය සපයා දීමට යන කාරණා දෙකටම ඉරණමඩු ජලාශයේ ජලය ප්‍රමාණවත් නොවන බවයි.

විග්නේස්වරන් මහතාද කමිටු වාර්තාව පැමිණීමටත් පෙර එම ව්‍යාපෘතියට විරුද්ධ වූ අතර එම ව්‍යාපෘතිය නතර කරණ මෙන් ඉල්ලා රජයට ලිපි කීපයක්ද යොමුකොට තිබුණි.

ඒ අතරතුර විග්නේස්වරන් මහතා කිළිනොච්චියේ ගොවි සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන කීපාය්ක් සමග රැස්වීම්ද පවත්වා එම ව්‍යාපෘතියට විරෝධය පලකොට සිටියහ.

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ආරම්භ කිරීමට උත්සහ දරන්නේ එම නතර වූ ව්‍යාපෘතියයි.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉරණමඩු ජලය යාපනයට ගෙන යන්න යෝජනාවක්
ඉරණමඩු ජලය යාපනයට ගෙන යන්න යෝජනාවක්
http://am.lk/media/k2/items/cache/080522a3b2e5ebbc24e880229c6ea123_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_238.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_238.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy