දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බන්දුලගේ කාලෙත් පුද්ගලික පාසල්වල අයට උසස්පෙළ රෑන්ක් තිබ්බා - පටු දේශපාලන කතාවක් - අකිල
Homeගොසිප්

බන්දුලගේ කාලෙත් පුද්ගලික පාසල්වල අයට උසස්පෙළ රෑන්ක් තිබ්බා - පටු දේශපාලන කතාවක් - අකිල

PropellerAds

මෙවර උසස් පෙළ විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍...

එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රීලනිපයෙන් විශ්වාසභංගයක්.
'ජනපති ශ්‍රීලනිප ඇමතිවරුන් කැඳවයි : ඇමතිලා ඉල්ලා අස්වීමට සුදානම්'
'එජාප තනි ආණ්ඩුවක් හදන්නේ නෑ' - මරික්කාර්
මෙවර උසස් පෙළ විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනා ගැනීම සම්බන්ධයෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා
සිදුකළ ප්‍රකාශය අධ්‍යාපන අමාත්‍ය නීතීඥ අකිල විරාජ් කාරියවසම් පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබේ.
ඊයේ (02) නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ ගැන පැහැදිලි කර ඇත.

ඔහු පවසන ආකාරයට බන්දුල අධ්‍යාපන ඇමති කාලයේත් දේශිය උසස් පෙළ විභාගය සඳහා පුද්ගලික පාසල් සිසුන් ඉදිරිපත්වී දිවයිනෙන් ස්ථාන ලබා තිබෙන අතර ප්‍රථම ස්ථානය ලබා නොතිබීම මත ඒ ගැන කතාබහක් මතුව නැත. එසේම උසස් පෙළ ප්‍රතිඵල අනුව දිවයිනෙන් ස්ථාන ලබාදීමේදී රජයේ බලපෑමක් සිදු නොවන බවත් විභාග දෙපාර්තමේන්තුව ස්වාධීන ආයතනයක් ලෙස හැමවිටම

කටයුතු කර ඇති බවත් පෙන්වා දෙන අකිල සිසුවියගේ ප්‍රතිඵල දඩමීමා කරගෙන දේශපාලනික පටු වාසි ලබාගැනීමේ අරමුණ හෙළා දකින බව දන්වා ඇත.

මගේ කාලයේ නම් මෙහෙම කළේ නෑ යයි බන්දුල දැක්වීමෙන් විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම් කටයුතු වලට අනිසි මැදිහත්වීමක් බන්දුලගේ කාලයේ සිදුව ඇතිදැයි සැක බවද අකිල පවසා ඇත.ඔහු පවසන්නේ  ලංකාව අධ්‍යාපනයේ සම අවස්ථා පිලිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියට ගරු කරන රටක් ලෙස මෙම ඇගයීම් පාසල් අනුව භේදකාරී ලෙස ලබාදීමට අවශ්‍යතාවක් නැති බවයි.

අකිල විරාජ් කාරියවසම් නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්

“බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන ආකාරයට උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේදී ජාතික පාසල් සහ ජාත්‍යන්තර පාසල් වෙන් කොට දැක්විය යුතු ය. ඔහු පවසන ආකාරයට ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට පෙනී සිටීමට හැකිවන්නේ ජාත්‍යන්තර විභාග වලට පමණි.

ඔහුගේ කාලයේ දී කිසිවිටෙකත් ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට ජාතික මට්ටමේ විභාගවලට පෙනී සිටීමට ඉඩ ලබා නොදුන් බව න්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

ජාත්‍යන්තර පාසල් වල අධ්‍යාපන ලබන දරුවන් ගේ ප්‍රතිඵල ජාතික පාසල් වල ඉගෙන ගන්නා දරුවන්ගේ ප්‍රතිඵල සමඟ එකට ඉදිරිපත් කිරීමෙන් නිදහස් අධ්‍යාපනය වලපල්ලට යන බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ තර්කයයි.

මෙලෙස ජාතන්තර පාසලක දරුවකුට ප්‍රථම ස්ථානයක් හිමි කර දීම හරහා විභාග දෙපාර්තමේන්තුව නිදහස් අධ්‍යාපනය විනාශ කර දැමීමට කුමන්ත්‍රණයක් සිදුකර ඇතැයි ගම්‍යවන ආකාරයේ ප්‍රකාශයක් ද  බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

වසර ගණනාවක් අධ්‍යාපන අමාත්‍යධූරය දැරූ සහ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙස ද කටයුතු කර ඇති බන්දුල ගුණවර්ධන මහතා පවසන මෙම කරුණ පදනම් විරහිත ජනතාව නොමඟ යවන්නකි. එමෙන් ම රටේ දරුවන්ගේ අධ්‍යාපනය ද ඈදා ගනිමින් නිර්දය ලෙස දේශපාලනික පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ නිර්ලජ්ජිත උත්සාහයකි.

රටක සියලු පුරවැසියන්ට අධ්‍යාපනය හැදෑරීමට ඇති සම අයිතිය එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයන් තුළද අන්තර් ගත , ශ්‍රී ලාංකිකයන් ලෙස අප පිළිගන්නා මානුෂීය කරුණකි. ජාතික හෝ ජාත්‍යන්තර හෝ කුමන පාසලක අධ්‍යාපනය හැදෑරුව ද ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය ය මූලික සුදුසුකම් සපුරන ලද ඕනෑම පුරවැසියෙකුට ඕනෑම

විභාගයට පෙනී සිටීමට කිසිදු බාධාවක් නොමැත.

එමෙන් ම ජාතික හෝ ජාත්‍යන්තර හෝ කුමන ආකාරයකින් එකම විභාගයට පෙනී සිටි විභාග අපේක්ෂකයන්ට  ප්‍රතිඵල නිකුත් කිරීමේ දී පාසල , ජාතිය ආගම  කුලය අනුව වෙන් කොට ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රම වේදයක් ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක ය කිසි සේත් නොමැති බව සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

එමෙන් ම විභාග පැවැත්වීමේ දී සහ ප්‍රතිඵල නිකුත් කිරීමේදී විභාග දෙපාර්තමේන්තුවට එවැනි අකටයුතුකම්  සිදු කිරීමට නොහැකි බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට සිහිපත් කර දීමට කැමැත්තෙමි.

විභාග දෙපාර්තමේන්තුව ස්වාධීනව සහ අපක්ෂපාතී විශ්වසනීයත්වයෙන් යුතු ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන්නට ඉඩකඩ ලබා දීම විනා කිසිදු අනිසි දේශපාලන හෝ අයුතු පරිපාලන මැදිහත් වීමක් අමාත්‍යවරයා ලෙස මා විසින් සිදු කර නොමැති බව ද අවධාරණය කරනු කැමැත්තෙමි.

නමුත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසන ආකාරයට ඔහු අධ්‍යාපන අමාත්‍යධූරය දැරූ කාලවකවානුවේ දී ප්‍රතිඵල නිකුත් කිරීමේ දී කිසිදු අවස්ථාවක ජාත්‍යන්තර පාසල් වල දරුවන්ට ඉහළ ප්‍රතිඵල ප්‍රදර්ශනය කිරීමට ඉඩ ලබා නොදුන් බවට හැඟවෙන ප්‍රකාශයක් සිදු කිරීම මගින් ඔහු යම් ආකාරයකින් විභාග දෙපාර්තමේන්තුවේ ඇගයීම් කටයුතු වලට අනිසි මැදිහත්වීමක් සිදු කර ඇද්දැයි සැක සංකා මතු වීම වැළැක්විය නොහැක.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පුද්ගලික පාසල් සම්බන්ධීකරණය කිරීමේ අංශයක් බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යධූරය දරන සමයේ ද පවත්වාගෙන ගොස් තිබූ බව නොරහසකි. එමෙන් ම ඔහු අධ්‍යාපන අමාත්‍යධූරය දැරූ සමයේ ජාත්‍යන්තර පාසල්වල සිසු දරුවන්ද පාසල් මට්ටමේ කඩඉම් විභාගවලට පෙනී සිටිමින් ප්‍රතිඵලලාභීන් අතර ඉහළ ස්ථාන හිමි කර ගෙන තිබූ බව නිලධාරීන් විසින් මා හට තහවුරු කර තිබේ. අවශ්‍ය ඕනෑම මොහොත එම කරුණු ඉදිරිපත් කිරීමට හැකි බවද ඔවුන් මා වෙත දන්වා තිබේ.

මෙරට දරුවන්ට රජයේ හෝ පෞද්ගලික  අංශයේ ඕනෑම පාසලක අධ්‍යාපන හැදෑරීමට අයිතිවාසිකමක් තිබේ. එය අභියෝගයට ලක් කිරීමට හෝ ඒ මඟ අහුරාලීමට කිසිවෙකුට අයිතියක් නොමැත. පසුගිය දශකයේ සංදර්ශන වලට පමණක් සීමා වූ නිදහස් අධ්‍යාපනයේ සංවර්ධනය වත්මන් රජය මගින් වඩා ප්‍රතිඵල දායක ඉසව් ඔස්සේ සිදුකිරීමට මා දේශපාලන නායකත්වය ලබා දී තිබේ.

මෙරට සමස්ත පාසල් පද්ධතිය ආවරණය කරමින් ක්‍රියාත්මක කර ඇති ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය ඊට කදිම නිදසුනයි. උසස් පෙළ සිසුන්ට නොමිලේ ටැබ් පරිගණක ලබාදීම,විද්‍යාගාර නොමැති පාසල් වලට ජංගම විද්‍යාගාර ලබා දීම, පරිගණක පහසුකම් නොමැති පාසල් වලට ලැප්ටොප් පරිගණක ලබාදීම,සියලු දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා සිසුරක්ෂණාවරණය,අඛණ්ඩ ගුරු පුහුණු වැඩසටහන් ඇතුළු ව්‍යාපෘතීන් රැසක් යෝජනා කරමින් එකිනෙක ක්‍රියාත්මක කරමින් සිටින්නේ නිදහස් අධ්‍යාපන තවදුරටත් සුරක්ෂිත කිරීමේ අරමුණ පෙරදැරිව බවද සිහිපත් කරමි.

නිදහස් අධ්‍යාපනය,පාසල් දරුවන්ට නොමිලේ නිල ඇඳුම් ,නොමිලේ පෙළපොත්,දිවා ආහාර පහසුකම් රැසක් ලබා දෙමින් මෙරට සියලු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමට කැප වූ එක්සත් ජාතික පක්ෂයේ වත්මන් මහලේකම් වරයා ලෙසත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය මා නැවත පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන අතර,මෙරට බුද්ධිමත් ජනතාව මෙවැනි අවස්ථාවාදී දේශපාලනඥයන් සහ දේශපාලන භාවිතයන් පිළිබඳ සවිඥානික වීමේ වැදගත්කම සහ අවශ්‍යතාවය ද නැවත සිහිපත් කිරීමටද මෙය අවස්ථාවක් කරගනිමි.'
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බන්දුලගේ කාලෙත් පුද්ගලික පාසල්වල අයට උසස්පෙළ රෑන්ක් තිබ්බා - පටු දේශපාලන කතාවක් - අකිල
බන්දුලගේ කාලෙත් පුද්ගලික පාසල්වල අයට උසස්පෙළ රෑන්ක් තිබ්බා - පටු දේශපාලන කතාවක් - අකිල
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYWhX4pf2UCH9HG-uWj5shgmv8UOS48YjyFuDSxwbVhtoeIzhWqm8KAmcyeheuxJEWFaUv1Gz2ngTyBzBlaOcsdszSr6_XTtAqPdOGhGAxEB1yxLvbL5j8p8T1kQhOEVcs3_TUKPa6fOA/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYWhX4pf2UCH9HG-uWj5shgmv8UOS48YjyFuDSxwbVhtoeIzhWqm8KAmcyeheuxJEWFaUv1Gz2ngTyBzBlaOcsdszSr6_XTtAqPdOGhGAxEB1yxLvbL5j8p8T1kQhOEVcs3_TUKPa6fOA/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_19.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_19.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy