දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති අපේක්ෂකයා ගැන රාජපක්ෂවරුන් 4 දෙනෙක්ගේ පරස්පර කතා
Homeගොසිප්

ජනපති අපේක්ෂකයා ගැන රාජපක්ෂවරුන් 4 දෙනෙක්ගේ පරස්පර කතා

PropellerAds

වි පක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සොයුරන් තිදෙනකු හා නාමල් පුතණුවන් පසුගිය 13 ඉරිදා සිට මේ දක්වා ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයෙකු ගැන එකිනෙක පරස්පර අ...

හෝමාගම තාක්ෂණ නගරයට ඉඩම් ලබාදීමට පාර්ශව තුනක් එකඟ වේ.
සීනි වල සිල්ලර මිල වැඩිකිරීමට අවසර නෑ!
මහින්දට ඇමරිකාවෙන් ආරාධනා නෑ - ට්‍රම්ප් හමුවක් ගැන ඒකාබද්ධය නොදනී!
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සොයුරන් තිදෙනකු හා නාමල් පුතණුවන් පසුගිය 13 ඉරිදා සිට මේ දක්වා ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයෙකු ගැන එකිනෙක පරස්පර අදහස් දක්වා තිබේ. දේශපාලන ආරංචි හෙළි කරන්නේ මහින්ද කඳවුර සිය ප්‍රතිවාදීන් අවුලට පත් කිරීම පිණිස මෙම කතාව හිතාමතා නිර්මාණය කර ඇති බවයි.
තංගල්ලේ දෙමාපිය ස්මාරකය
රජයේ වියදමින් තැනීම පිළිබඳ ගෝඪාභය රාජපක්ෂ පෙනී සිටින නඩුව ලබන සතියේ (22 දින සිට) දිනපතා විමර්ශනය කර අවසන් කිරීමේ පසුබිමක් තිබියදී තම ශක්තිය විදහාදැක්වීමේ ප්‍රකාශයක් ලෙස ‘ජනපතිවරණයට ඔබත් සූදානම් නම් මම සූදානම්‘ යයි ගෝඨාභය පවසා තිබෙන බව දේශපාලන ආරංචි හෙළි කර තිබේ.

ඒ අතරම ඔහු ඇමරිකාවේ සිට ලංකාවට ආවේ සිය ඇමරිකානු පුරවැසිභාවය පිලිබඳ ගැටලුව නිරාකරණය පිණිස කටයුතු යොදා බවටද කතාවක් පැතිර තිබේ.

මේ අතර ගෝඨාභය එසේ කියූ දිනයේම ඔහුගේ සොයුරු බැසිල් රාජපක්ෂ 2020 ජනපතිවරණයට අනිවාර්යයෙන් පොහොට්ටුවේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව කියා සිටි නමුත් නම හෙලි කළේ නැත. තවම ගෝඨාභය පොහොට්ටුවේ සාමාජිකයෙකු ලෙස පෙනී නොසිටින පසුබිමක් තුළ ගෝඨාභයගේ හා බැසිල්ගේ කතා පරස්පර මුහුණුවරක් ගන්නා ලදි.
 
මේ අතර ඊයේ 15 ලංකාදීප පුවත්පත වෙත ප්‍රකාශයක් ලබාදී ඇති හිටපු කතානායකවරයෙකුද වන චමල් රාජපක්ෂ ජනපතිධූරය සඳහා තමන් සුදුසු නම් ඒ සඳහා තමන් සූදානම් බවත් පවසා තිබේ. “ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වේ ඔබ සූදානම් නම් මමත් සූදානම් කියලයි. මමත් සූදානම්. සුදුසුම නම් මමත් සූදානම්” ඔහුගේ වචන පෙළයි.

මෙම කතා හුදෙක්ම තිදෙනාම කතාබහ කර ප්‍රකාශ කරන්නාවූද අසන්නන්ගේ අවධානය වෙනතක යැවීමේ වෑයමක් වූද ඒවා ලෙස මේ අනුව හඳුනාගත හැකිව තිබේ.

මේ අතර මහින්ද රාජපක්ෂ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හම්බන්තොට උඩ මත්තලදී  පැවැති ජන හමුවකදී ඊයේ (15දා) මෙසේ කියා ඇත.
“අපිට ජනාධිපති අපේක්ෂකයෙක් තෝරනවයි කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඒක කියන්නත් අපි බය නෑ.ගැටලුව තියෙන්නේ අපි අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා රටට කියන්න කලින් මේ ආණ්ඩුව කියන්න ඕනේ, ජනාධිපතිවරණයක් තියනවද නැත්නම් ව්‍යවස්ථාවක් ගේනවද කියලා.ව්‍යවස්ථාවක් ගෙනල්ලා ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් අපේක්ෂකයෙක් තෝරලා වැඩක් නෑ.නමුත් නියම වෙලාවට නියම අපේක්ෂකයා කවුද කියලා අපි රටට කියනවා.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති අපේක්ෂකයා ගැන රාජපක්ෂවරුන් 4 දෙනෙක්ගේ පරස්පර කතා
ජනපති අපේක්ෂකයා ගැන රාජපක්ෂවරුන් 4 දෙනෙක්ගේ පරස්පර කතා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhf4mFF0Cd7WoPS99DI22RGPw4bSm4aGiCL0aOn6q2Wi_5LUKVuSPjK2mdMqt7rNVMRClumJi4srRXQneflPyhBHFveKqTvC48wU11igMU8IQTh8oaihc-KCgjgWj84q5WALPYSOnQaaQo/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhf4mFF0Cd7WoPS99DI22RGPw4bSm4aGiCL0aOn6q2Wi_5LUKVuSPjK2mdMqt7rNVMRClumJi4srRXQneflPyhBHFveKqTvC48wU11igMU8IQTh8oaihc-KCgjgWj84q5WALPYSOnQaaQo/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/4_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/4_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy