දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දට ඇමරිකාවෙන් ආරාධනා නෑ - ට්‍රම්ප් හමුවක් ගැන ඒකාබද්ධය නොදනී!
Homeගොසිප්

මහින්දට ඇමරිකාවෙන් ආරාධනා නෑ - ට්‍රම්ප් හමුවක් ගැන ඒකාබද්ධය නොදනී!

PropellerAds

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සාකච්ඡාවක් සඳහා අමෙරිකාවෙන් ආරාධනාවක් ලැබී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි...

පළාත් පාලන ජන්දයට මනෝ අලුත් පක්ෂයකින්.
ටෙලිකොම් ලාභ අඩුවී සේවකයින්ගේ වැටුප් වැඩිවීම් කැපෙයි.
කෝලි - අනුෂ්කා විවාහ වූ වසර 800 ක් පැරණි ඉතාලි ගම්මානය [Photos]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සාකච්ඡාවක් සඳහා අමෙරිකාවෙන් ආරාධනාවක් ලැබී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අවධාරණය කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අමෙරිකාවෙන් ආරාධනාවක් ලැබී ඇතැයි නිල වශයෙන් වාර්තා නොවන බවයි.

ඒ පිළිබඳ සොයා බලා තොරතුරු ලබා දිය හැකි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා අමෙරිකානු ජනාධිපති ඇතුළු එරට රාජ්‍ය තාන්ති‍්‍රකයින් හමුවීමටද නියමිත බවයි.

කෙසේ වෙතත් ඉකුත් සතියේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට විශාල උත්සාහයක යෙදී ඇති බවටද මාධ්‍ය වාර්තා කර තිබිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයේ ඉහල නිලධාරියෙකු විසින් ඇමරිකානු ජනාධිපතිවරයාගේ ඉහල නිලධාරියෙකු සම්බන්ධ කර ගෙන ඇති අතර ඔහු විසින් පවසා ඇත්තේ කිසි විටකත් හිටපු ජනාධිපතිවරයෙකුට එවැනි සංවාදයක් සදහා අවස්ථාවක් ලබා දීමට නොහැකි බවයි.

එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් වාර්තා වන්නේ ඉන් පසුව කිසිවක් නොකියාම ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නිලධාරියා විසින් දුරකථනය විසන්ධි කර ඇති බවයි.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඇමරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් එය තවමත් ඉල්ලීමක් පමණක් බවත් ඇමරිකානු තානාපති කාර්යාලය ආරංචි මාර්ග පවසයි.

[AM]

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දට ඇමරිකාවෙන් ආරාධනා නෑ - ට්‍රම්ප් හමුවක් ගැන ඒකාබද්ධය නොදනී!
මහින්දට ඇමරිකාවෙන් ආරාධනා නෑ - ට්‍රම්ප් හමුවක් ගැන ඒකාබද්ධය නොදනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFyZTNqwKHtsNmgkVo8wSAmL19BTFIIH_xSeHmFJ3wdC7shC6PGRULNm5_NbZ6C2iPnLlJoO94LRhu60_ze6rzfwZGeWWloaRyrbIzCbDVXvdQtxXjQiQpdltDHWeO5uEjr0qluCxJqjBV/s1600/1c4acfc6a63ba66cb4f320a45cffeb38_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFyZTNqwKHtsNmgkVo8wSAmL19BTFIIH_xSeHmFJ3wdC7shC6PGRULNm5_NbZ6C2iPnLlJoO94LRhu60_ze6rzfwZGeWWloaRyrbIzCbDVXvdQtxXjQiQpdltDHWeO5uEjr0qluCxJqjBV/s72-c/1c4acfc6a63ba66cb4f320a45cffeb38_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_160.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_160.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy