දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සන්ලයිට් ඇඩ් එකේ ගමේ කෑල්ල හොයාගන්න අවුරුදු 3 ක් කට්ට කෑවා - රෝහිත
Homeගොසිප්

සන්ලයිට් ඇඩ් එකේ ගමේ කෑල්ල හොයාගන්න අවුරුදු 3 ක් කට්ට කෑවා - රෝහිත

PropellerAds

ඊ යේ යුග දිවියට පත් මහින්ද රාජපක්ෂ පුත් රෝහිත රාජපක්ෂ වසර 8 ක පමණ දීර්ඝවූ සිය ආදර කතාව මාධ්‍ය ඉදිරියේ හෙළි කර තිබුණේය. තමන් ව්‍යායාම පුහුණු...

දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටුවයි
කන්දේ විහාරය වැඳ සීයා බලන්න ගිය සිසුවා යතුරුපැදි අනතුරින් මරුට
කරන්දෙණිය අලියා එක්වරම ඇත් ගොව්වාව හොඬෙන් අරන් බිම ගසා පෑගුවා-පොලිස් කොස්තාපල් සාක්ෂි දෙයි
යේ යුග දිවියට පත් මහින්ද රාජපක්ෂ පුත් රෝහිත රාජපක්ෂ වසර 8 ක පමණ දීර්ඝවූ සිය ආදර කතාව මාධ්‍ය ඉදිරියේ හෙළි කර තිබුණේය. තමන් ව්‍යායාම පුහුණුවීම් අතරතුර රූපවාහිනී තිරයක දුටු ‘සන්ලයිට් ඇඩ් එකේ ගමේ කෑල්ල‘ සමග යාළුවෙන්න සිතක් පහළවූ තැනේ සිට රණ්ඩු සරුවල් කරගෙන තරහා වෙවී යාළු වෙවී අවසානයේ සිය සහකාරිය බවට ටටියානාව පත්කරගැනීම දක්වා
කතාව ඔහුගේම වචනවලින් විස්තර කර තිබුනේ පහත පරිදිය.

‘අපේ ආදර කතාව අවුරුදු 8 කට විතර පස්සට යනවා. මම ජිම් එකේ වර්ක් අවුට් කර කර හිටියේ.අපේ සර් කෙනෙක් හිටියා රංග සර් කියලා. ඇත්තටම ලැප් කූල්ඩවුන් එකක් කර කර හිටයේ. ඉස්සරහ ටීවී එකක් තිබුණා.ටීවී කමර්ෂල් එක ඉස්සරහ යනවා. එවෙලෙ මං දැක්කා ටීවි කමර්ෂල් එකේ තිබ්බෙ ගමක ගැහැනු ළමයෙක් කහපාට ගවුමක් ඇඳගෙන..


ඒක මල් මල් තියන ගවුමක්.. සන්ලයිට් ඇඩ් එක හැමෝම දන්නවා. ගමේ දුවන් එනවා එතකොට මං නිකං සර්ට කිව්වා බලන්න සර් මාර ලස්සණ කෙල්ලෙක් ගමේ කෑල්ලක්ද කොහෙද.. මේ.. කොහෙන් හරි හොයාගන්න ඕන කියලා මුලින්ම අපේ සර්ට කිව්වා.
එතකොට මං දන්නෙත් නෑ කොහෙද කියලවත්...තොරතුරු විස්තර දැනගෙන හිටියෙ නෑ.
එහෙම කිව්වට පස්සෙ සර් ඔන්න ඕව නැතිව වර්ක්අවුට් කරන්න කියල කිව්වා..

එදයින් පසුසේ අවුරුදු 2 ක් 3 ක් විතර මං හෙව්වා. කවුද මේ සන්ලයිට් ඇඩ් එකේ ඉන්න ගෑණු ළමයා කියලා. එතකොට ඇත්තටම අපේ රංග සර්ට මං කිව්වා ‘සර් කමක් නෑ ගමේ වුනාට කමක් නෑ. හොඳ කෙල්ලෙක් නම් කියලා..‘
බොරු කියන්න දෙයක් නෑ මුලින්ම ඇත්තටම මං කැමති වුනේ එයාගෙ පෙනුමට..
මං කිව්වා ලස්සණ ගෑණු ළමයෙක් සර් කියල.

ඉතින් මං අවුරුදු 2 කට 3 කට කාලයක් තිස්සෙ හොයනවා. එහෙම හොයලා හොයාගන්න ලැබුණා එයා අඳුරන යාලුවෙක්ව.
ඊට පස්සෙ ඒ යාළුවා හරහා තමයි ඇත්තටම සම්බන්ධ කරේ. යාලුවෙන්න කලින් ඒ කියන්නේ සාමාන්‍ය යාලුවො වගේ ආශ්‍රය කරන්න හරිම කට්ටක් කෑවා. ඒ කාලෙ එයාත් හරිම පොඩියි. වැඩිය කථාබහ කරන් නෑ. ඉතින් එහෙම හොඳ කට්ටක් කාලා අන්තිමට අඳුරගත්තා.
ඊට පස්සෙ යාළුවො වගේ හිටියා අවුරුද්දක් එකහමාරක් විතර. ඉඳලා තමයි මම කැමැත්ත ඇහුවෙ. ඇහුවට පස්සෙ දැන් අවුරුදු 7 ක් වෙනවා.
ඇත්තටම ඒක කිව්වෙ ෆෝන් එකින්..

අපි හොඳ යාළුවො වගේ ඒ කාලේ සම්බන්ධතාව පැවැත්වුවේ. ඒ කාලෙ එයා එයාගෙ ප්‍රශ්න ඔක්කොම මට කියන්න ගත්තා. එයා ඒවා ගැන කියනවා. එක එක කතන්දර ගොඩාක් තිබුනා. ඒවා කිව්වා. හොඳටම තරහ ගිහිල්ල තිබුණ වෙලාවක්.. මං ඒ වෙලාවෙම මේක කියලදාලා අතෑරල දානව කියලා හිතලා..  මුලින්ම ආදරේ එයාට කිව්වා.

නිකං ඔයාට කැමතියි කියලා කිව්වේ..
ඒක කිවව හැටියෙම එයා නිකං ෂොක් වෙලා වගේ කථා කරන්න බැරිවෙලා.. එහෙම්මම ෆෝන් එක තිබ්බා. මං හිතුවා අනාථයි තමා.. මේකෙ වැඩේ ඉවරයි. මමත් ඊට පස්සෙ කතා කරන්න ගියේ නෑ.

ඒත් ඊට පස්සෙ එයාම තමයි පස්සෙ කතා කරලා කිව්වේ හරි කියලා..ඉතින් ඒවා අනුව අපි තීරණය කළා ආදරය කරන්න.
අපි හොඳ යාලුවො වගෙනෙ හිටියේ එයාගේ ප්‍රශ්න හැමදේම මට කිව්ව.. ඒත් මං මගේ ඒවා කියන්න ගිහින් තිබුනෙත් නෑ.එයාගෙ ප්‍රශ්න ටික තමා ඔක්කොම මට කිව්වේ. මං එයා ගැන හොඳ අධ්‍යයනයක් කරමින් හිටියේ. එයා කැමති දේවල් සහ අකමැති දේවල් ගැන දැනගෙන හිටියා. මොකද මගේ හිතේ අවුරුදු 3 ක් 4 ක් එයාගැන තිබුණට එයාට මං ගැන එහෙම කිසි දෙයක් තිබුනෙ නෑ.

ඇත්තටම අවුරුදු 7 ක් විතර දිග කථන්දරයක්. මුල කාලෙ ගහගත්තා...ඒත් දැන් අවුරුදු 3 ක් 4 ක් විතර ගහගන්නෙ නෑ දැන් අපි හොඳ අන්ඩර්ස්ටෑන්ඩ් එකේ ඉන්නේ. මුල කාලේ ඕන් නැති බොරු බොරු දේවල් වලට හැමෝම ඉතින් ගහ ගන්නවනේ. එහෙම ප්‍රශ්න ඇතිවුනානං ඇතිවුනේ මම හින්දමයි. හැබැයි ඉතින් යාලුවෙන්නෙත් මංම තමයි. ඒ කියන්නෙ එයා මාව හඳුනගෙන තියන විදිහට මටත් පහසුයි.

මං තරහ ගිය වෙලාවට එයා කතා කරන්නෑ ෆොන් එකට එන් නෑ මොනවත් නෑ. කම්ප්ලීට් කමිනුකේෂන් කට් ඕෆ් කරනවා. පස්සෙ මං කූල් ඩවුන් වෙලා. කේන්තිය නිවුණම මං වැරදියි කියල එයාට කියල ආයෙ යාලු වෙනවා. සමහර වෙලාවට එයා වැරදි වුණත් මං වැරදියි කියල බොරුවට කියල යාලු වෙලා තියනවා. එහෙම ලොකුවට ප්‍රශ්න නං ඇතිවුනේ නෑ ඒ නිසා මෙච්චර දිග කාලයක් සම්බන්ධය පැවතුනේ.

ජීවිතයේ සියලු අවස්ථාවල ඇය අපි සමග ඉඳල තියනවා. ජයග්‍රහණයේ හෝ පරාජයේ ඇය ඉඳල තියනවා. ඒකෙන් පෙන්නෙත් එයාගෙ බුද්ධිමත්කම හා අන්ඩර්ස්ටෑන්ඩ් එක මං හිතන්නේ. එයා ඕන එක්කෙනෙක් එක්ක කතා බහ කරනවා.එයා ආගම් කුලභේද වයස බලන් නෑ. අපේ ගමේ ආච්චි කෙනෙක් එක්ක වුණත් කතා කරනවා. ඒ නිහතමානී කම තමා මං අගය කරන්නේ. දේශපාලන පවුලකට සම්බන්ධ වෙද්දි ඒ නිහතමානී කම තමා වටින්නේ. එයාගේ ඒ ගුණය තමා මං වැඩිය අගය කරන්නේ.‘

ටට්යානා මුලින්ම පෙනී සිටි සන්ලයිට් වෙළෙඳ දැන්වීම පහතින්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සන්ලයිට් ඇඩ් එකේ ගමේ කෑල්ල හොයාගන්න අවුරුදු 3 ක් කට්ට කෑවා - රෝහිත
සන්ලයිට් ඇඩ් එකේ ගමේ කෑල්ල හොයාගන්න අවුරුදු 3 ක් කට්ට කෑවා - රෝහිත
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5z2AGsa0Yq60ekeEfCOWbj3UZaOs9nzQDSbM0F4Yfo4VtSO-zEco7L1EEdG2Tzo1YJK-3y96FtUpc0npN-s6VZ2ciWS2y3fio3A4if_a_xFA-SFi7VjdMHU9XhJwEGSLO3VWdS3vhjb4/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg5z2AGsa0Yq60ekeEfCOWbj3UZaOs9nzQDSbM0F4Yfo4VtSO-zEco7L1EEdG2Tzo1YJK-3y96FtUpc0npN-s6VZ2ciWS2y3fio3A4if_a_xFA-SFi7VjdMHU9XhJwEGSLO3VWdS3vhjb4/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/3_46.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/3_46.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy