උතුර, සබරගමුව සහ ඌව පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත් කර තිබේ. පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධ...
උතුර, සබරගමුව සහ ඌව පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත් කර තිබේ.
පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
මේ අනුව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය සූරේන් රාඝවන් මහතා ද, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය ධම්ම දිසානායක මහතා හා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
පසුගිය සිකුරාදා දිනයේදී බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කෙරුණි.
ඒ අනුව අද දිනයේදී සෙසු පළාත් 04 සඳහා ද නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිත බව වාර්තා විය.
කෙසේ වෙතත් දකුණු පළාත සඳහා මෙතෙක් ආණ්ඩුකාරවරයෙක් පත් කර නොමැත.
COMMENTS