අය-වැය ඉදිරිපත් කිරීමට නියමිත මාර්තු 05 වැනිදාට පෙර ජනපති සමග සිටින ශ්‍රීලනිප 17 දෙනා තම දේශපාලන අනාගතය පිළිබඳ පැහැදිලි තීන්දුවක් ගැනීමට න...
අය-වැය ඉදිරිපත් කිරීමට නියමිත මාර්තු 05 වැනිදාට පෙර ජනපති සමග සිටින ශ්‍රීලනිප 17 දෙනා තම දේශපාලන අනාගතය පිළිබඳ පැහැදිලි තීන්දුවක් ගැනීමට නියමිත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
ඒ අනුව එම 17 දෙනාම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව හා එක්වීම හෝ ඉන් බහුතර පිරිසක් එම තීන්දුව ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවද දැනගන්නට තිබේ.
මෙම කණ්ඩායමට අයත් වන මහින්ද අමරවීර මන්ත්‍රීවරයා, එජනිස ලේකම් ධුරය දරන අතර නිමල් සිරිපාලද සිල්වා මන්ත්‍රීවරයා එහි උප සභාපති ධුරය දරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි සභාපති ධුරය දරන අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ආණ්ඩුවට එක්වන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබා නොදෙන බවය.
COMMENTS