කෙ රවළපිටිය විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (17) සිදුවූ පැය 08කට ආසන්න විදුලි බිඳ වැටීමෙන් ආර්ථිකයට සිදුවන පා...
කෙරවළපිටිය විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ (17) සිදුවූ පැය 08කට ආසන්න විදුලි බිඳ වැටීමෙන් ආර්ථිකයට සිදුවන පාඩුව රුපියල් කෝටි 100 කට අධික විය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබේ.
මේ විදුලි බිඳවැටීම ඊයේ (17) පස්වරු 12.45 සිට ඇතැම් ප්‍රදේශවලට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැති බව වාර්තා වේ.
සාමාන්‍යයෙන් දිවා කාලයේදී පැයකට විදුලි ඒකක මිලියන 1.8 ක්ද රාත්‍රී කාලයේ පැයකට විදුලි ඒකක මිලියන 2 කට අධික සංඛ්‍යාවක්ද මුළු දිවයිනටම සපයන බව විදුලි බල මණ්ඩලය පවසයි.
විදුලිය නොසැපයෙන කාලයේ විදුලි ඒකකයකින් සිදුවන ආර්ථික පාඩුව රුපියල් 125 ක් බවද ඇස්තමේන්තු කර ඇත.
විදුලි ඒකක මිලියන 12ක් රටට අහිමිවෙයි
සම්ප්‍රේෂණ මාර්ග ඇනහිටියද නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඇතුළු තවත් බලාගාර ක්‍රියාත්මකව පැවැති බවද විදුලි බල මණ්ඩල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
සේ ක්‍රියාත්මක වුවද විදුලිය උත්පාදනය කිරීමට නොහැකි වීම හේතුවෙන් පැය 6කදී විදුලි ඒකක මිලියන 12ක් රටට අහිමිවී තිබේ.
විදුලිය බිඳ වැටීම නිසා මාර්ග සංඥා පද්ධතිය ක්‍රියාත්මක නොවීමෙන් කොළඹ නගරයේ දැඩි රථ වාහන තද බදයක් ඇති වූ අතර ජල සැපයුමද තාවකාලිකව අඩාලව පැවැතිණි.
කෙසේවුවද, විදුලි බලය යථා තත්ත්වයට පත්වූ පසුව ජල සැපයුම සක්‍රිය වීම සඳහා එතැන් සිට තවත් පැය පහකට අධික කාලයක් ගතවනු ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
පානීය ජල සැපයුම කෙරෙන සියලු පිරිපහදු මධ්‍යස්ථානවල ජල සැපයුම ඊයේ (17) පස්වරුවේ සිට අක්‍රියව පැවතිණි.
අඹතලේ, කලටුවාව සහ ලබුගම පිරිපහදු මධ්‍යස්ථාන අක්‍රියවීම නිසා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම නතරවී තිබිණි.
කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවෙයි - ඩලස්
විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොවන බව තමන් විශ්වාස කරන බව ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍යට පවසා තිබේ.
මෙලෙසම 2016 වසරේදී ද එක් දිනක් විදුලිය විසන්ධිවී තිබූ බව කී ඇමැතිවරයා සිදුවූ අපහසුතාව පිළිබඳ සිය කනගාටුව පළකරන බවද කියා සිටී.
මේ අතර, රට පුරා විදුලිය බඳවැටීම සම්බන්ධයෙන් දින තුනක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසමද ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් දී ඇත.
විදුලි බල වෘත්තීය සමිති එකමුතුව විසින්ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.
මීට වසර කිහිපයකට ප්‍රථම විශාල ධනස්කන්දයක් වැය කරමින් ජාතික විදුලිබල පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා නව පද්ධති පාලන මධ්‍යස්ථානයක් බත්තරමුල්ල ප්‍රදේශයේ ඉදිකර තිබෙන බව එම වෘත්තීය සමිති එකමුතුව පවසයි.
එක් සම්ප්‍රේෂණ රැහැන් මාර්ගයක හෝ ග්‍රිඩ් උප පොළක බිඳවැටුමක් හේතුවෙන් පද්ධතියම බිඳවැටෙන්නේ නම් ජාතික ධනයෙන් අති විශාල මුදලක් වැය කර සිදු කළ නව පද්ධති පාලන මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ වටිනාකම කුමක්දැයි ඔවුන් ප්‍රශ්න කර සිටිති.
බල්බ් මාරු කරන ආකාරයට කමිටු පත් කළ පමණින් වගකීම භාර ගන්නා අයෙකු නැතැයි ද වෘත්තීය සමිති එකමුතුව කියා සිටී.

COMMENTS