දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හික්කඩුවේ ව්‍යාපාරිකයා සුද්දන් සමග එක්ව කොල්ලුපිටිය අපාර්ට්මන්ට් එකේ සඟවා තිබූ කෝටි 108 ක කුඩු අල්ලාගත් මෙහෙයුම
Homeගොසිප්

හික්කඩුවේ ව්‍යාපාරිකයා සුද්දන් සමග එක්ව කොල්ලුපිටිය අපාර්ට්මන්ට් එකේ සඟවා තිබූ කෝටි 108 ක කුඩු අල්ලාගත් මෙහෙයුම

PropellerAds

කෝ ටි 108 ක පමණ වටිනාකමින් යුත් තවත් දැවැන්ත මත්කුඩු තොගයක් ඊයේ (22) කොල්ලුපිටියේ සුපිරි මහල් නිවාසයකින් සොයාගන්නට පොලිසිය සමත් විය. ඇමරික...

මාතර ගේම් එකට ප්‍රභූ ආරක්ෂක ගිනිඅවිය ආවේ කොහෙන්ද?
විපක්ෂ නායකකම අතහැරලා සම්පන්දන් ඇමැතිකමක් ගනීවිද?
ගාල්ලේ අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න අගමැතිගෙන් නියෝගයක්.
කෝටි 108 ක පමණ වටිනාකමින් යුත් තවත් දැවැන්ත මත්කුඩු තොගයක් ඊයේ (22) කොල්ලුපිටියේ සුපිරි මහල් නිවාසයකින් සොයාගන්නට පොලිසිය සමත් විය.
ඇමරිකානු ජාතිකයින් හා ඇෆ්ගන් ජාතිකයින් සම්බන්ධිත මෙම ජාවාරම මින් ඉහත දෙහිවලදී අල්ලාගත් මහා පරිමාණ කුඩු තොගය ඇල්ලූ ආකාරයටම මුලින් හමුවූ  කුඩු තොගයක හෝඩුවාවක් ඔස්සේ
අල්ලාගැනීමට හැකිවීම විශේෂිතය. මෙම මෙහෙයුමේදී 5 දෙනෙකු හසුවූ අතර ඔවුන් සතුවූ මත්කුඩු ප්‍රමාණය කිලෝග්‍රෑම් 97 කි. අත්අඩංගුවට ගත් පස්දෙනා අතර අවුරුදු 29 හා 43 වයස්වල ඇමෙරිකානු ජාතිකයන් දෙදෙනකුද 45 හැවිරිදි ඇෆ්ගනිස්ථාන ජාතිකයකු හික්කඩුව ප්‍රදේශයේ හෝටල් හිමි 61 හැවිරිදි ව්‍යාපාරිකයකු සහ ඔහුගේ 35 හැවිරිදි සහායකයා ද වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
 හික්කඩුවේ හෝටල් ව්‍යාපාරිකයා නිතර නිතර කොළඹට පැමිණ මත්කුඩු රැගෙන යන බවට විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ පොලිස් පරීක්ෂකවරයකු වෙත ලැබුණු තොරතුරු අනුව පොලිස්
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එක්ව ඔහු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පරික්ෂණ ආරම්භ කර තිබිණි. එම පරීක්ෂණ අනුව හික්කඩුවේ එම කෝටිපති ව්‍යාපාරිකයා ඔහුගේ සගයා සමග මත්කුඩු රැගෙන ඒම සඳහා කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳසැලක් වෙත පැමිණෙන බවට ලැබුණු තොරතුරක් මත ඊයේ පෙරවරු 10.40 ට පමණ විශේෂ කාරය බලකායේ බුද්ධි නිලධාරින් හා පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක්

එම සුපිරි වෙළෙඳසලේ රැකවල්ලා සිටි බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකාර ව්‍යාපාරිකයා හා ඔහුගේ ගෝලයා ඊයේ එම සාප්පු සංකීර්ණයට පැමිණ ඇති අතර පෙරවරු 11.00 පමණ ඔවුන් රැඳී සිටි ස්ථානයට පැමිණි ඇමැරිකානු ජාතිකයකු ව්‍යාපාරිකයාට කිසියම් පාර්සලයක් ලබා දී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් ඒ අවස්ථාවේදීම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර විදේශිකයා ලබා දුන්නේ හෙරොයින් පාසලයක් බවට හෙළි කරගත් බවත් විදේශිකයා තවදුරටත් පරික්ෂා කිරිමේ දී ඔහුගේ කලිසම් සාක්කුවේ කොල්ලුපිටිය ගාලුපාරේ ගාලුමුවදොර ආසන්නයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයක නිවසක යතුරක් සොයාගත් බවද විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් පැවසීය. මෙම ඒ අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් එම සැකකරු එම නිවාස සංකිරණය වෙත රැගෙන විත් එහි ආරක්ෂක නිලධාරීන්ගෙන් කළ විමසීමේ දී එම නිවාස සංකීර්ණයේ පළමු මහලේ අංක 4 දරණ නිවසේ ඔවුන් පදිංචිව සිටින බවට තොරතුරු හෙළි කරගත් බවද එම උසස් නිලධාරියා කීය.
නිලධාරීන් කණ්ඩායම එම නිවසට ගොස් පරික්ෂා කිරිමේ දී එහි කාමර දෙකක විශාල ගමන් මලු දෙකක කිලෝ එක බැගින් අසුරා තිබූ තවත් හොරොයින් කිලෝ 96ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
එම හොරොයින් තොගය සමග එම නිවසේ සිටි තවත් ඇමෙරිකානු ජාතිකයකු හා ඇල්ගනිස්ථාන ජාතිකයකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති මෙරට පුද්ගලයන් දෙදෙනා වන්නේ හික්කඩුව තිරාණගම පදිංචි යූ.ඩී. ඉන්ද්‍රජිත් පත්මකුමාර (41), හික්කඩුව ගොඩගමත්ත, මිල්ල ප්‍රදේශයේ පදිංචි කේ. වමින්ද දිමුතු අමරසිංහ (39) දෙදෙනා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියා සිටියේය. මෙම මෙම සැකකරුවන් සතුව තිබූ ජංගම දුරකතන 9ක්, අයිපෑඩ් එකක් සහ

පරිගණකයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
මත්කුඩු සමග මෙරටදී ඇමරිකානු ජාතිකයන් අත්අඩංගුවට පත් වූයේ 1995 වසරින් පසුව බවත්, ඇෆ්ගනිස්ථාන ජාතිකයෙක් අත්අඩංගුවට පත්වූයේ 2008 වසරින් පසුව බවත් රුවන් ගුණසේකර මහතා කියා සිටියේය. මෙම ඉකුත් වසරේදී හෙරොයින් සමග විදේශිකයන් 42ක් අත්අඩංගුවට
ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. මේ පස් දෙනාගෙන් තිදෙනකු කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳසැලකදීත් ඉතිරි දෙදෙනා කොල්ලුපිටියේ ගාලුමුවදොර ආසන්නයේ පිහිටි සුපිරි නිවාස සංකීර්ණයකදීත් අත්අඩංගුවට ගත් බවද ඔහු කීය.
මෙම සැකකරුවන් මසකට රුපියල් ලක්ෂ 2 1/2 ක කුලියකට මෙම නිවස ලබාගෙන ඇත්තේ ඉකුත් දෙසැම්බර් 21 වැනිදා බවත්
මෙම ජනවාරි මස 21 වැනි දිනෙන් මසක කාලය සම්පූර්ණ වූ පසු තවත් මසක කාලයක් සඳහා මොවුන් මුදල් ගෙවා කාලය දික්කරන්ගෙන ඇති බවත් පොලිසිය පවසයි.
පිරිස මෙම මන්ද්‍රව්‍ය ජාවාරම කාලයක පටන් සිදුකරගෙන ගොස් ඇති බවත් විදේශිකයන් සංචාරක වීසා මගින් මෙරටට පැමිණ සුපිරි නිවාස කුලියට ගෙන මන්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන බවත්
පොලීසිය කියයි. විදේශිකයන් දෙදෙනා වරින්වර ලංකාවට පැමිණ ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම මන්ද්‍රව්‍ය මොවුන්ට ලැබුණේ කෙසේ ද යන්න ත්තෙළි කර ගැනීමට සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමට ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දී තිබුණි. මෙම
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ අධීක්ෂණ යටතේ, පොලිස් මන්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලක් ධනපාල මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වේ.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හික්කඩුවේ ව්‍යාපාරිකයා සුද්දන් සමග එක්ව කොල්ලුපිටිය අපාර්ට්මන්ට් එකේ සඟවා තිබූ කෝටි 108 ක කුඩු අල්ලාගත් මෙහෙයුම
හික්කඩුවේ ව්‍යාපාරිකයා සුද්දන් සමග එක්ව කොල්ලුපිටිය අපාර්ට්මන්ට් එකේ සඟවා තිබූ කෝටි 108 ක කුඩු අල්ලාගත් මෙහෙයුම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEig0SK4ycAf-_DkGb9GaNVGGEno5qPW93JfU71jhkdWqRWu89sK8vUElA71uYMFDl9wr9Db72dOALizwV16klmM6XTZsNUt5IGgKRtd71Ya8SnAiyCE81TmaIcKKP8TV_OUZJ8w5U4rgjA/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEig0SK4ycAf-_DkGb9GaNVGGEno5qPW93JfU71jhkdWqRWu89sK8vUElA71uYMFDl9wr9Db72dOALizwV16klmM6XTZsNUt5IGgKRtd71Ya8SnAiyCE81TmaIcKKP8TV_OUZJ8w5U4rgjA/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/108.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/108.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy