දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාතර ගේම් එකට ප්‍රභූ ආරක්ෂක ගිනිඅවිය ආවේ කොහෙන්ද?
Homeගොසිප්

මාතර ගේම් එකට ප්‍රභූ ආරක්ෂක ගිනිඅවිය ආවේ කොහෙන්ද?

PropellerAds

මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳ...

විජයකලා රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවතට!
විනීතා දමයන්ති සිසුවියට ජනපති අතින් කෘතිම අතක්.
ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කරන්න එපා! - නිව්යෝක් ටයිම්ස් මහින්දට කියයි.

මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා මිනිඋෟෂි වර්ගයේ ස්වයංක්‍රිය ගිනිඅවියක් බවට මූලික පොලිස් පරීක්‍ෂණවලදී තොරතුරු අනාවරණය වී තිබේ.

ඉහළ පෙළේ ප්‍රභූන්ට ආරක්‍ෂාව සලසන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් සීමිත සංඛ්‍යාවකට සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළුන් මෙම විශේෂිත ගිනි අවිය භාවිත කරන බවද ආරක්‍ෂක අංශ ඉහළ පෙළේ නිලධාරියෙක් 'මව්බිම' කළ විමසීමකදී පැවැසීය.

මෙරට ආරක්‍ෂක අංශය සඳහා ඉතා සීමිත සංඛ්‍යාවක් නිකුත් කර ඇති මෙම විශේෂිත ගිනි අවිය පාතාල කල්ලි අතට පත්වූයේ කෙසේද යන්න සෙවීමට විශේෂ පොලිස් පරීක්‍ෂණයක්ද මේ වන විට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතාගේ අධීක්‍ෂණය සහ උපදෙස් මත මේ වන විට ආරම්භ කොට තිබේ.

ස්වර්ණාභරණ අලෙවිසල තුළ මෙම ගිනි අවිය භාවිත කර ඇත්තේ පොලිස් වෙඩි පහරින් මියගිය චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර විසින් බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

දැනට අත්අඩංගුවේ පසුවන කොස්ගොඩ තාරකගේ නායකත්වය මත කොල්ලය සැලසුම් කර ඇති අතර එය ව්‍යර්ථ කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා භාවිත කර ඇත්තේද මිනිඋෟෂි වර්ගයේ මෙම ස්වංක්‍රිය ගිනි අවිය බවද පොලිසිය පවසයි.

මිනිඋෟෂි වර්ගයේ ස්වංක්‍රිය ගිනි අවිය සමඟ මිලීමීටර් 9 වර්ගයේ සජීව පතරොම් 18ක් සහිත මැගසින් එකක්ද පොලිස් භාරයට ගැනුණි.

මෙම ගිනි අවිය ශ්‍රී ලංකා පොලිසියේ ගිනිඅවි පිළිබඳ විශේෂඥවරුන් විසින් පෙරේදා (23දා) පරීක්‍ෂා කර ඇති අතර එහි වාර්තාව මේ සතිය තුළ ලැබීමට නියමිතව ඇතැයිද උසස් පොලිස් නිලධාරියකු සඳහන් කෙළේය.

විදෙස් රටක නිෂ්පාදනය කොට ඇති මෙම ගිනි අවිය පිළිබඳ ඉදිරියේදී අධිකරණ නියෝග මත රජයේ රස පරීක්‍ෂක වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගන්නා බවද එම නිලධාරියා පැවසීය.

ඊයේ (24දා) පස්වරුව වන විටත් කොල්ලයට පැමිණි පාතාල සාමාජිකයන්ට මෙම ගිනි අවිය කෙසේ ලැබුණේද යන්න සොයා ගැනීමට නොහැකිවූ බවද එම උසස් නිලධාරියා සඳහන් කළේය.

මෙවැනි ගිනි අවි ඊශ්‍රායලය නිෂ්පාදනය කරන අතර යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ. නායකයන්ද මෙවැනි ගිනි අවි භාවිත කර ඇතැයි වාර්තාවේ.

එසේම මෙවැනි නවීන ගිනි අවි පාතාල කල්ලි අතට පත්වීම මෙරට ජාතික ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් බවද ආරක්‍ෂක අංශ පවසයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාතර ගේම් එකට ප්‍රභූ ආරක්ෂක ගිනිඅවිය ආවේ කොහෙන්ද?
මාතර ගේම් එකට ප්‍රභූ ආරක්ෂක ගිනිඅවිය ආවේ කොහෙන්ද?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEje9uZDSQybUfFclIodnn8iypcBTwQ6pyFnAxzL2WksK141qlXwetbPUtnTg7n1WRVz9um17vOuaemGYfoeuHdFpnvJhHHeIjvK1O4Ud9uLkfUF4gkqWGvpYImumRyXRwJiKws2CdiO4DA/s1600/d9551498f0.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEje9uZDSQybUfFclIodnn8iypcBTwQ6pyFnAxzL2WksK141qlXwetbPUtnTg7n1WRVz9um17vOuaemGYfoeuHdFpnvJhHHeIjvK1O4Ud9uLkfUF4gkqWGvpYImumRyXRwJiKws2CdiO4DA/s72-c/d9551498f0.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_652.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_652.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy