දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රු.1000 ඉල්ලු වතුකම්කරුවන්ට අද ලැබුනේ රු.50
Homeප්‍රවෘත්ති

රු.1000 ඉල්ලු වතුකම්කරුවන්ට අද ලැබුනේ රු.50

PropellerAds

දෛනික මුලික වැටුප රු.1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා වතු කම්කරුවන්  ගෙන ගිය අරගලයේ ප්‍රථිපලයක් ලෙස වැටුප් පිළිබද නව අවබෝධතා ගිවිසුමට අද අත්සන...

අද විරෝධතාවට ඔක්කොම එකතුවෙද්දි ජවිපෙ මග හරින්නේ ඇයි? මඩ ගහන්නෙ ඇයි? සුදා පිටරට ඉඳන් තරිඳුගෙන් ප්‍රශ්න කරයි! (VIDEO)
නවක වධයට එරෙහිව කැලණි සිසුන් පොලිසියට! හිස බූ ගා සපත්තු ඔරලෝසු නැතිව එන්නැයි තර්ජන... කැන්ටිමට අරන් ගිහින් පහර දීලා!
විපක්ෂය අද කොළඹ වටලන්න එයි! ආරක්ෂක අංශයට සජිත්ගෙන් අවවාදයක් – පා ගමන බාධා කළොත් කරන දේත් කියයි
රු.1000 ඉල්ලු වතුකම්කරුවන්ට අද ලැබුනේ රු.50

දෛනික මුලික වැටුප රු.1000 දක්වා වැඩිකරන ලෙස ඉල්ලා වතු කම්කරුවන්  ගෙන ගිය අරගලයේ ප්‍රථිපලයක් ලෙස වැටුප් පිළිබද නව අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබිණි.

ඒ , අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි.

ලංකා කම්කරු කොන්ග්‍රසය නිවේදනය කලේ වතු හාම්පුතුන්ගේ සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් කනිෂ්ක විරසිංහ සහ වතු ඒකාබද්ධ වෘත්තිය සමිති වෙනුවෙන්  ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන්, ලංකා ජාතික වතු කම්කරු සංගමය වෙනුවෙන් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යය වඩිවෙල් සුරේෂ් යන මහත්වරුන්  අත්සන් කල බවය.

වැඩි කල රු 200 ට දීමනා හිලව්

මෙම ගිවිසුම මගින් වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රුපියල් 500 සිට 700 දක්වාද අතිරේක දීමනාව රුපියල් 30 සිට 50 දක්වා වැඩිවන බව එම නිවේදනයේ සදහන්ය.

ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් ඔබේසේකර මහතා පැවසුවේ නව ගිවිසුමෙන් පැමිණීමේ දීමනාව සහ ඵලදායිතා දීමනාව ඉවත් කල  බවය.

ඒ අනුව වතු කම්කරුවන් අද දිවයිනේ ස්ථාන කිහිපයක විරෝධය පල කරමින් පැවසුවේ රු 200කින්  වැටුප් වැඩි කල බවට පැවසුවද සැබවින්ම වැඩිවී ඇත්තේ රු 50ක් පමණක් බවය.

වෘත්තිය සමිති හාම්පුතුන්ට යටවෙලා

වතු සමාගම් නියෝජනය කරන හාම්පුතුන්ගේ සංගමය සහ  වෘත්තිය සමිති අතර ඇතිකර ගන්නා සාමුහික ගිවිසුමේ  අඩංගු කොන්දේසි හා එකඟත්වයන් කිසිවකට සිය කැමැත්ත අකමැත්ත විමසා නොලැබූ බව වතු  කම්කරුවන් පවසයි.

මේ අතර වතුකරයේ විශාලතම වෘත්තීය සමිතිය අයත්  වන ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමාන් මහතා පසුගිය සෙනසුරාදා(26)  පැවති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය: “අපි රුපියල් 1000 ක් ඉල්ලලා රුපියල් 855 ක් අරගෙන තියෙනවා. අපේ ඉල්ලීමෙන් රුපියල් 250 ක් අඩුවෙල තිබුනට 250 ක් වැඩි වෙලා. කේවලයකදි එහෙම තමයි වෙන්නෙ. මේක සියයට 40 ක වැඩිවීමක්. ඉතිහාසයෙ කවදාවත් මෙහෙම වැඩිවීමක් වෙලා නෑ.”

විශ්‍රාම වැටුපත් වැටුප් වැඩිවීමට

කෙසේ වෙතත් වතු කම්කරුවන් පවසන්නේ තොන්ඩමන් මහතාගේ කතාව අසත්‍යක් බවය.

තොන්ඩමන් මහතා  කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අරමුදලට යැවීම සඳහා කැපෙන මුදල වන රුපියල් 105 ද දෛනිකව ලැබෙන වැටුප ලෙස එකතු කර වැටුප් වැඩිවීම පෙන්වන බව කම්කරුවන් කියති

{gallery}tea protest:::0:0{/gallery}

රාජගිරියේ වතු හාම්පුතුන්ගේ සංගම් කාර්යාලය ඉදිරිපිට අද කම්කරුවන් කල උණුසුම් විරෝධතාවකදී සදහන් වුයේ රුපියල විශාල ලෙස අවප්‍රමාණය වීම නිසා ලෝක වෙළද පොලේ තේ විකුණා විශාල ලාබයක් වැවිලි සමාගම් ලබන බවය.

එම වීඩියෝව පහතින් 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රු.1000 ඉල්ලු වතුකම්කරුවන්ට අද ලැබුනේ රු.50
රු.1000 ඉල්ලු වතුකම්කරුවන්ට අද ලැබුනේ රු.50
http://am.lk/media/k2/items/cache/30f91b38079e18433d95f8bde4b59d23_S.jpg
https://i.ytimg.com/vi/jun1W8DGgIk/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/1000-50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/1000-50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy