ඊයේ (02) කොළඹ, රාජගිරිය සදහම් සෙවණ විහාරස්ථානයේ දී පැවති උත්සවයක් සඳහා වසන්ත සේනානායක මහතා සහභාගී වී සිටියේය. මෙහි විශේෂත්වය වුයේ එම අවස...
ඊයේ (02) කොළඹ, රාජගිරිය සදහම් සෙවණ විහාරස්ථානයේ දී පැවති උත්සවයක් සඳහා වසන්ත සේනානායක මහතා සහභාගී වී සිටියේය.
මෙහි විශේෂත්වය වුයේ එම අවස්ථාව සඳහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, අමාත්‍ය උදය ගම්මන්පිල සහ දේශපාලනඥයින් කිහිප දෙනෙක් එක්ව සිටීමයි.
රට නව මඟකට ගෙන ඒම සඳහා යෝජිත වැඩපිළිවෙළක් ඇතුළත් 'තිරසර ජාතික වැඩපිළිවෙළ - රට ගොඩනගන ජාතික පිළිවෙත' සැලැස්ම පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මීට දේශීය ව්‍යවසායකයින් ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියේය.
කෙසේ වෙතත් මෙම හමුවට එක්වු වසන්ත සේනානායක මහතා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමඟ එක්ව සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පළ වී තිබිණි.
මේ පිළිබඳ අදහස් දක්වමින් වසන්ත සේනානායක මහතා කියා සිටියේ, එම උත්සවය දේශපාලඥයින් කිහිප දෙනෙක්ට ආරාධනා කර සිටි බවත්, එහි පොල්තෙල් පහන දැල්වීමට ගිය අවස්ථාවේ දී ලබා ගත් ඡායාරූප පළ කරමින් වැරදි අර්ථ කථනයක් ලබා දීමට ඇතැමුන් උත්සහ කරන බවත්ය.
"මම කොහේවත් ගියෙත් නෑ-යන්නෙත් නෑ" යනුවෙන් ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් වසන්ත සේනානායක මහතා කියා සිටියේය.
වැරදි දේවල් පවසමින් දෝෂාරෝපණ එල්ල කරන විට තමා අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින බවත්, එය විසඳීමට කාලය ඉඩ ලබා දෙන බවත් මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් වසන්ත සේනානායක මහතා පැවසීය.
COMMENTS