පුනරුත්තාපනය වී දේශපාලනය පිවිස නව පක්ෂයක් ආරම්භ කරන ලද හටපු කොටි සාමාජිකයින්ගේ සටන්කාමී විමුක්ති කාමීන්ගේ පක්ෂ නායක කනේශලිංගම් චන්ද්‍රලිංග...
පුනරුත්තාපනය වී දේශපාලනය පිවිස නව පක්ෂයක් ආරම්භ කරන ලද හටපු කොටි සාමාජිකයින්ගේ සටන්කාමී විමුක්ති කාමීන්ගේ පක්ෂ නායක කනේශලිංගම් චන්ද්‍රලිංගම්ට ත්‍රස්ත මරධන හා විමර්ශන මූලස්ථානය වෙත අද (19) දින පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.
මේ පිළිබඳව කනේශලිංගම්ගෙන් විමසූ විට තමන්ට වව්නියාව ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය විසින් ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ හෙට දින කොළඹ ත්‍රස්තමර්ධන හා විමර්ශන මූලස්ථානයේ දෙවන මහලේදී පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති බවටයි.
නමුත් තමන්ට එසේ පෙනී සිටීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් තමන් නොදන්නා බවටත් හෙට දිනයේදී තමන් ත්‍රස්තමර්ධන හා විමර්ශන මූලස්ථානයේ පෙනී සිටීමට පියවර ගෙන ඇති බවටද කනේශලිංගම් චන්ද්‍රලිංගම් වැඩි දුරටත් කියා සිටියේය.
යුද්දෙන් පසුව වසර දෙකකට වැඩි කාලයක් යුද හමුදාව භාරයේ පුනරුත්තාපනය වී නවෙස් වෙතට ගිය හිටපු කොටි සාමාජිකයින් විසින් දේශපාලනයට පිවිසීමට නව පක්ෂයක් පිහිටුවාගෙන ඇති අතර එය සටන්කාමී විමුක්තිකාමීන්ගේ පක්ෂය වශයෙන් නම් කොට එහි නායකත්වය දරන්නේ කනේශලිංගම් චන්ච්‍රලිංගම්ය.
(වන්නි රොමේෂ් මධුසංක)
COMMENTS