ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති අංශය අවම සේවකයන් ප්‍රමාණයකින් සාර්ථක ප්‍රවෘත්ති සේවාවක් සැපයිය හැකි බව ඊයේ (17) සහ පෙරේදා (16) ඔප්පු කර තිබේ. ...
ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති අංශය අවම සේවකයන් ප්‍රමාණයකින් සාර්ථක ප්‍රවෘත්ති සේවාවක් සැපයිය හැකි බව ඊයේ (17) සහ පෙරේදා (16) ඔප්පු කර තිබේ.
ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය වන රාත්‍රී 8.00 ට ප්‍රවෘත්තිය සකස් කිරීමට ඊයේ (17) එහි සිට ඇත්තේ නිෂාපාදකයින් (Producers) සිවුදෙනෙක් පමණකි. එසේම පෙරේදා තත්ත්වයද එයම බව පැවසේ. වෙනත් දිනයන්හිදී මේ ප්‍රවෘත්තිය සකස් කිරීමට නිෂ්පාදකයින් (Producers) 15 දෙනෙකු පමණ සිටින බව පැවසේ. රූපවාහිනී ප්‍රවෘත්ති අංශයට අනුයුක්තව ඇති නිෂ්පාදකයින් ගණන 20 ඉක්මවන බවද වාර්තා වේ.
මේවන විට සේවක අතිරික්තයක් පවතින රාජ්‍ය ආයතන අතර ජාතික රූපවාහිනියට ප්‍රධාන තැනක් හිමිවේ. ජාතික රූපවාහිනිය තුළ සිටින සේවකයන් පිරිස දහස ඉක්මවන බවත් එහි සිටින නිෂ්පාදකයන් (Producers) ගණන 200 ඉක්මවන බවත් පැවසේ. කෙසේවුවද, ජාතික රූපවාහිනියේ වැටුප් ගෙවීම සඳහා මසකට වැයවන මුදල රුපියල් මිලියන 60 ඉක්මවන බවත් වාර්තා වේ.
මේවන විට මේ මුදලින් රුපියල් මිලියන 40ක මුදලක් රජයේ භාණ්ඩාගාරයෙන් මාසිකව ලබාදෙන බව පැවසේ. පැවැති යහපාලන ආණ්ඩුව ජාතික රූපවාහිනියේ වැටුප් ගෙවීමට එසේ ලබාදෙන රුපියල් මිලියන 40ක මුදල ලබන වසරේ ලබා නොදී ජාතික රූපවාහිනිය මුදල් උපයන ආයතනයක් බවට පත් කිරීමට පිඹුරුපත් සකස්කර තිබූ බවද මේ අතර වාර්තා වේ.
ඊයේ හා පෙරේදා ජාතික රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ සේවක සංඛ්‍යාව ඉතා අවම ප්‍රමාණයක් බවට පත්ව ඇත්තේ එහි සේවකයන් නිවාඩු ගැනීම නිසාය. ඉන් සේවකයන් පිරිසක් නිවාඩු ගෙන ඇත්තේ විනෝද සවාරියකට සහභාගිවීමට බවද පැවසේ. මේ අතර, පෞද්ගලික රූපවාහිනී නාලිකා වල සිටින උපරිම සේවක ප්‍රමාණය 350 කට අඩු බවද වාර්තා වේ. එසේම ඇතැම් පෞද්ගලික රූපවාහිනී නාලිකා සතු නිෂ්පාදකයින් ගණන 10කට අඩු බවච වාර්තා වේ.

COMMENTS