දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චීන වරායේ තෙල් ටැංකි කපා යකඩවලට විකුණන්න තැත් කළ පුද්ගලයින් කොටු
Homeගොසිප්

චීන වරායේ තෙල් ටැංකි කපා යකඩවලට විකුණන්න තැත් කළ පුද්ගලයින් කොටු

PropellerAds

දෙවන ලෝක යුද සමයට පෙර බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ විශ්මිත නිර්මාණයක් ලෙස ලංකාවට දායාද වූ චීන වරායේ පිහිටි තෙල් ටැංකි යකඩවලට විකිණීමට කැපූ අටදෙනක...

රනිල්ට අගමැතිකම දෙන්නෑ කියල අදත් මං කියනවා පාර්ලිමේන්තුවට ගරු කරන නිසා කරේ- මෛත්‍රී
නහී වේරේන වේරානි - එජාප ප්‍රධානීන් ජනපති ගැන දැන් කියන කතා
දවස් 51 දේශපාලන නාඩගමින් මුකුත්ම වෙලා නෑ - මහේල
දෙවන ලෝක යුද සමයට පෙර බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ විශ්මිත නිර්මාණයක් ලෙස ලංකාවට දායාද වූ චීන වරායේ පිහිටි තෙල් ටැංකි යකඩවලට විකිණීමට කැපූ අටදෙනකු ඉකුත් 27 වැනිදා අත්අඩංගුවට ගත් බව චීන වරාය පොලිසිය කියයි.

දැනට මෙම තෙල් ටැංකි ලංකා ඉන්දීය තෙල් සමාගම  (අයි.ඕ.සී) පරිශ්‍රයේ පිහිටා ඇති අතර එම සමාගමේ ආරක්ෂක අංශය කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකර මෙම සැකකරුවෝ ටැංකිවලින් කපා ඉවත් කළ තහඩු තොගයක් සමග අත්අඩංගුවට ගනු ලැබූහ.  
කැලෑවට වැසි ඇති කොටසින් තෙල් ටැංකි පරිශ්‍රයට ඇතුළු වී මෙම විනාශය සිදුකර ඇති අතර එය කාලයක් තිස්සේ සිදුකර ඇතැයි පොලිස් පරික්ෂණවලින් හෙළිකර ගැනීමට මූතූර්. චීනවරාය භාර සහකාර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සමත් වූයේය.

කලක සිට යකඩ හොරු විසින් ටැංකි කිහිපයක් කපා ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ටැංකි දෙකක් කපා යකඩ තහඩු ඉවත්  කරගෙන ගොස් තිබේ. ලංකා ඉන්දීය තෙල් සමාගම චීන වරාය පොලිසියට කළ පැමිණිලෙත් මෙම ටැංකි දෙකට කළ හානිය ලක්ෂ අනූවක් ලෙස දැනුම් දී තිබේ.

ත්‍රිකුණාමල වරායට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා එවකට ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යය ඡාතිකයන් 1924 දී ටැංකි 101ක් ඉදිකර 1930 දී වැඩ අවසන් කර තිබුණි. මෙම ටැංකි අගල් 2 1/2 යකඩ තහඩු රිවට් ඇණවලින් සවිකර ඉදිකර තිබුණු විශ්මිත නිර්මාණයක් ලෙසින් සැලකේ. අක්කර 685 වපසරියක් තුළ විහිදී ඇති ටැංකි වැඩි කොටසක් කැලෑවට ගොස් තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවීම යටතේ චීන වරාය වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කුඹුරේගම මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 -අමදෝරු අමරජීව-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චීන වරායේ තෙල් ටැංකි කපා යකඩවලට විකුණන්න තැත් කළ පුද්ගලයින් කොටු
චීන වරායේ තෙල් ටැංකි කපා යකඩවලට විකුණන්න තැත් කළ පුද්ගලයින් කොටු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4JbHT_62iu61ZQqo_JbGRXOk6hrJOiO9ukKN9yJRjpqVN40JijwnLBehnJpvudteuaaMe9kb0lB_woLI7Jo-eDbs7EDlheazKGDa7fBygrh4lbcTZnH3h_DXbInk8isYZCyTcEiXMrqw/s1600/image.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj4JbHT_62iu61ZQqo_JbGRXOk6hrJOiO9ukKN9yJRjpqVN40JijwnLBehnJpvudteuaaMe9kb0lB_woLI7Jo-eDbs7EDlheazKGDa7fBygrh4lbcTZnH3h_DXbInk8isYZCyTcEiXMrqw/s72-c/image.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_813.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_813.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy