දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ට අගමැතිකම දෙන්නෑ කියල අදත් මං කියනවා පාර්ලිමේන්තුවට ගරු කරන නිසා කරේ- මෛත්‍රී
Homeගොසිප්

රනිල්ට අගමැතිකම දෙන්නෑ කියල අදත් මං කියනවා පාර්ලිමේන්තුවට ගරු කරන නිසා කරේ- මෛත්‍රී

PropellerAds

ජ නපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති සහ එජාප නියෝජිතයන් අමතමින් ජනපතිවරයා තමන් රනි...

මහින්ද රනිල්ගේ බඩට පිහියෙන් අනින්න ඇවිත් (සිකුරාදා කාටූන්)
සිරස නිවුස් වොක්ස්වැගන් හෙළිදරව්වට -අගමැති රනිල්ගෙන් පිළිතුරු
මනුෂ අහක බලා වසර 5 කට පසු රොෂානා අලූත් ජීවිතයකට
නපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති සහ එජාප නියෝජිතයන් අමතමින් ජනපතිවරයා තමන් රනිල්ට අගමැති ධූරය නොදෙන්නට සිතා පසුව තීරණය වෙනස් කළ හේතුව පැහැදිලි කළේ මෙසේය.
'අපි මුහුණ දුන් ඉතාම කටුක අත්දැකීම් ගත්තහම මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පරාජය කරලා රටේ ජනාධිපතිවරයෙක් පළමු වතාවට
පරාජය කරලා හැට දෙලක්ෂ පනස්දහසක ජනතාව මාව ජනාධිපතිවරයා ලෙස පත්කර ගත්තේ විශේෂයෙන්ම එදා ඒ ආණ්ඩුවේ තිබුණ බරපතළ වැරදි නිසා. ඒ තුළ මූලිකම දේ තමයි දූෂණය සහ වංචාව, එතකොට දූෂණයට සහ වංචාවට විරුද්ධව ජනතාව ජනතාවාදී ආණ්ඩුවක් පත්කරගත්තහම තමන්ගේ ඡන්දයෙන් මාස තුනක් යන්න කළින් ඇති වූ මහ බැංකු මහා මංකොල්ලය, 2015 වසරේ අවස්ථා දෙකක දී වාර්තා වූ සිද්ධින් අනුව අපි දූෂණයට විරුද්ධව ගෙනගිය සටන සම්පුර්ණයෙන් දූෂිත කළා. එය සම්පූර්ණයෙන් ජනතාවගේ ප්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් සුණු විසුණු කරලා තිබෙනවා. යහපාලන දේශපාලන සංකල්පය විනාශ කරලා තිබෙනවා.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා අදත් නැහැ. ඔහු අල්ලා ගැනීම පිළිබඳව වැඩපිළිවෙළක් හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. මේ මංකොල්ලය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවට සහයෝගය දුන්න ද, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට සහ අනිත් නිලධාරින්ට තර්ජන ආවා, ඒ අයට බලපෑම් ඇති වුණා. ඒ අයට විරුද්ධව පරික්ෂණ පැවැත්වුවා.


ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව ආරම්භ කළ සී.සී.එම් එක. ප්‍රශ්න රාශියක් ඇති වුණා. ඒ තුළ ගැටුම් රාශියක් ඇතිවුණා. ඇත්තටම කියනවනම් මම අගමැතිතුමාට කොච්චර කළගුණ සැළකුවා ද කියන්නේ ජනාධිපතිවරයාගේ බලතළත් අගමැතිතුමා අරගෙන ක්‍රියාකළා. මම ඒවා ගැන ඇහුවේ නැහැ. රාජ්‍ය නායකයන් සමග ගනුදෙනුවලදී, ජාත්‍යන්තර ගිවිසුම්වල දී ඒ ආකාරයට එතුමා කටයුතු කළා. 19 වැනි සංශෝධනයෙන් අගමැතිවරයාට හිමි නැති බලතළ රනිල් වික්‍රමසිංහ මහත්තයා ක්‍රියාත්මක කළා. මම ඒත් නිහඩව හිටියා කළගුණ දන්න මිනිහෙක් විදියට. සිංගප්පුරු ගිවිසුම පිළිබඳව මම කොමිෂන් සභාවක් පත් කළා. එහි නිර්දේශ මට පසුගිය සතියේ ලැබුණා. එම නිර්දේශවල සදහන් වෙනවා මෙම ගිවිසුමේදී වැරදි රාශියක් සිදු වෙලා තිබෙන බව.

ඒ වගේම තමයි මම පැහැදිළිව කියන්න ඕන. ත්‍රිවිධ හමුදාව අත්අඩංගුවට ගැනීම, යුද්ධයක් කරපු රටක යුද ජයග්‍රහණය ලබාදීලා ම්ලේච්ඡ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් නැති කරපු අපේ රණිවිරුවෝ හිරේ දාන්න එපා කියන එක මම නිතරම කියපු දෙයක්. ඒත් ඇහුවේ නැහැ.

 මාව ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ගැන මම දැක්කේ නැහැ තමුන්නාන්සේලා කිසි තැනක මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියනවා. ඒක ඔප්පුවෙලා නෙවේ, නමුත් ඒකට කරුණු කාරණා රාශියක් තියෙනවා. දැන් මේ දිනවල මගේ භාරයේ පොලිසිය තිබුණු නිසා ඒ ප්‍රශ්නවල ලොකු ප්‍රගතියක් තියෙනවා. නමුත් අවාසනාව කියන්නේ රටේ ජනාධිපතිවරණයා ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත්‍රණය අධිකරණයේ විභාගවන වෙලාවේ පහුගිය නඩු දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක්වත් නැහැ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, වාර අවසන් කිරීම, අගමැති පත් කිරීම, ඉවත් කිරීම මේවා පිළිබඳව මම පිළිබඳව කරන විවේචනවල දී ඉතාම ළදරු ස්වභාවයේ විවේචන තමයි කරන්නේ. ඒ මොකද මම නීතඥයෙක් නොවන බව රටම දන්නවා. මම ඒ ගැසට් නිවේදනය නිකුත් කළේ මගේ තනි කැමැත්තට නෙවේ. මීට සම්බන්ධවූණා ජනාධිපති නිතිඥවරු, මීට සම්බන්ධ වුණා රටේ ඉහළම නිති විශාරදයින්. ඒ අය සාකච්ඡා කරලා තමයි ඔය ගැසට් නිවේදන සියල්ල සකස් කළේ.
එහෙම නැතිව ළදරුවෝ කරපු වැඩක් නොවේ,
විශේෂයෙන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ඔබතුමන්ලා සටන් ව්‍යාපාරය ගෙන ගියේ ඡන්දයක් එපා කියලා, උසාවි ගියේ ඡන්දයක් එපා කියලා. නමුත් මේ අර්බුදයේදී මේ දූෂිත වී තිබෙන පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් පිරිසිදු පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගන්න ජනතාවට අවශ්‍යයි කියලා ජනමතයක් ඇතිවුණා. ඒක එක්සත් ජාතික පාක්ෂිකයෝ තුළත් ඇතිවුණා මම දන්නවා. ඒ අයත් කිව්වා අපෙත් ඉන්නවා වැරදි කරන අය ඒ අය ගෙදර යවන්න මැතිවරණයක් තමයි ඕන කියලා.

අධිකරණ තීන්දුව තුළ ජනතාව කියන්නේ ප්‍රශ්නය විසදන්න හොදම මග මේ දූෂිත පාර්ලිමේන්තුව විසුරලා අලුත් පාර්ලිමේන්තුවක් පත් කරන්න අපට අවස්ථාව තිබුණා. ඒක නැතුවි ගියා අධිකරණ තීන්දුවෙන්. ජනතාවගේ ඡන්ද බලය නැතිවුණා අධිකරණ තින්දුවෙන් කියලා ජනතාව කියන්නේ, මම නෙවේ කියන්නේ, මම මේ සියලුදෙනාගෙන් අදහස් විමසනවා, ආගමික පූජකවරු, විද්වතුන් අහනවා. එතකොට බහුතර මතය අදත් අධිකරණ තීන්දුව කිසේ වෙතත් ඡන්දයක් දුන්නනම් හොදයි කියන එක තමයි ජනතාවගේ මතය. මන්ත්‍රීවරු 122 ක් අත්සන් කරලා අධිකරණයට දුන්නේ ඡන්දයක් එපා කියන ඉල්ලීමයි. ඉතින් මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තහම මම මේ කරුණු පිළිබඳව කතා කළේ අපි මේ පසුබිම් සමග අතීතයේ අත්දැකීම් සමග අනාගතය කොහොමද හදාගන්නේ කියන ප්‍රශ්නය තුළයි.


මේ ගැසට් නිවේදන ගැහුවේ නීති විශාරදයන්ගේ උපදෙස් අනුව ඉතාමත් සද් භාවයෙන් මම මේක කළේ. ඉතාමත් යහපත් චේතනාවෙන් කළේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළයුතුයි කියන අපවිත්‍ර චේතනාවකින් කරලා නැහැ. රට තුළ බරපතළ දේශපාලන අර්බුදයක් ඇතිවුණා. ඒක විසදාගැනීමට හොදම ක්‍රමය ඡන්දයකට යාමයි. පාර්ලිමේන්තුවේ මේ ලියුම අත්සන් කළේ මන්ත්‍රිවරු 122 යි. මේ රටේ ලක්ෂ 155 ක ඡන්ද දායකයින් ඉන්නවා. මේ ලක්ෂ 155 ක් ඡන්ද දායකයින්ට බලය දෙන්න මම ගැසට් නිවේදනය ගැහුවේ පාර්ලිමේන්තුවේ ඉන්න 122 කට වැඩිය මේ ලක්ෂ 155 ඡන්දය තමයි ජනතා පරමාධිපත්‍ය තීරණාත්මක සාධකය සාක්ෂිය සහ රට වගේම ලෝකය පිළිගත යුතු වෙන්නේ කියලා. ඒ නිසයි මම එතනට ගියේ. බොහොම පැහැදිළි පිරිසිදු චේතනාව තුළ මම කරපු දේවල්වලට මට දඩුවම් දෙනවානම්, මට දඩුවම් දෙනවනම් දෝෂාභියෝග ගෙනවනම් ඒක වෙනම කාරණයක්.

නමුත් සත්‍යය ගලේ කෙටුව අකුරක් ලෙස ඉතිහාසයේ ලියවෙයි. උසාවිය මෙහෙම තීන්දු දුන්නට මගේ චේතනාව කුමක්ද, ලක්ෂ 155 කට ජනවරම දීම, පාර්ලිමේන්තුවේ ඡන්දය එපා කියපු 122 ට වඩා ශක්තිමත් කියා මම දන්නා නිසා.
ඒ නිසා මට ඕනම දඩුවක් දුන්නට ගැටලුවක් නැහැ මම මගේ දේශපාලන ජීවිතය තුළ මම පස් හය සැරයක් මැරණ මිනිහෙක්. මාව ඉස්සෙල්ලා මැරුවේ 71. මාව ජේවිපියට කිසිම සම්බන්ධයක් නැතුව මගේ පාසලේ විදුහල්පතිවරයා මගේ නම දීලා මාව චේගුවේරාකාරයා කියලා මට ගහලා මාව ගෙනිහිල්ලා මඩකලපුවේ හිර ගෙදර හිටියා. ඒ පළවෙනි දෙවියන් වහන්සේ මාව බේරා ගත්ත තැන.

ඒක නිසා රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේකයි. කෙනෙක් අහන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ 225 තිබුණත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා මම කිව්වා නේද කියලා දැන් අදින් පස්සේ අහයි. මට සමාජ ජාලා වල ගහයි නොයෙක් දේවල් කියයි නොයෙක් නොයෙක් අපහාස උපහාස කරයි. ඒක මගේ දේශපාලන මතය. මම ඒ මතයේ තිබෙන ප්‍රබලකම නිසා තමයි මම එහෙම කිව්වේ, 225 ම අත්සන් කලත් මම රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම දෙන්නේ නැහැ කියලා. ඔබතුමාලා එතැන දී පාර්ලිමේන්තුවට ගිහිල්ලා 117 ක් අත්සන් කරලා, පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවා. පාර්ලිමේන්තුවට කිසිම තැනක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ ජනාධිපතිට යෝජනා කරන්න, නියෝග කරන්න කිසි තැනක මේන්න මෙයා අගමැති විදියට පත් කරන්න කියලා. අධිකරණයටත් බැහැ මම දන්න විදියට අහවල් පුද්ගලයා අගමැති විදියට පත් කරන්න කියලා අධිකරණයටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොහේවත් නීතියේ නැහැ. ඒක බොහෙම පැහැදිලිව තියෙන්නේ විධායක ජනාධිපතිවරයාට.

නමුත් මම සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරන කෙනෙක් විදියට පාර්ලිමේන්තුවේ 117 ක් කතානායකතුමාගේ ඡන්දය පෙන්වූ විට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දෙන්න කියලා ඒ අනුව මම තීන්දු කළා. මම මගේ පෞද්ගලික මතය දේශපාලන මතය 225 ම අත්සන් කලාත් දෙන්නේ නැහැ කියලා, ඒක එහෙමම තමා අදත්. නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මම ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරලා, මම තීන්දු කළා අගමැතිකම දිය යුතුයි කියලා. මම මේක දකින්නේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී සමාජයක, සදාචාර සම්පන්න සමාජයක ලක්ෂණයක් විදියට මම දකින්නේ.'
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ට අගමැතිකම දෙන්නෑ කියල අදත් මං කියනවා පාර්ලිමේන්තුවට ගරු කරන නිසා කරේ- මෛත්‍රී
රනිල්ට අගමැතිකම දෙන්නෑ කියල අදත් මං කියනවා පාර්ලිමේන්තුවට ගරු කරන නිසා කරේ- මෛත්‍රී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVPnpqFSjD2s0uHwYFQ7nAWb_UMbbXPZJ2_-0r_LCKvWx5pNEk-z_F_vKmKZ77e6DpThUhBnTLsAGsvZWIkyO_OvAkxAhvgvoD-4zXIBeiWXrFdidepIrur7NeRm6O7we2HLaEEB3Li7g/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVPnpqFSjD2s0uHwYFQ7nAWb_UMbbXPZJ2_-0r_LCKvWx5pNEk-z_F_vKmKZ77e6DpThUhBnTLsAGsvZWIkyO_OvAkxAhvgvoD-4zXIBeiWXrFdidepIrur7NeRm6O7we2HLaEEB3Li7g/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_410.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_410.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy