පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ නඩු විභාගය කඩිනමින් ලබා දෙන ලෙස නීතිපත...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පිළිබඳ නඩු විභාගය කඩිනමින් ලබා දෙන ලෙස නීතිපතිවරයා මඟින් අගවිසුරුවරයාගෙන් ඉල්ලීමක් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේ අද (11) දිනයේ ජනාධිපතිවරයා එම ඉල්ලීම සිදු කරනු ඇති බවයි.
අග්‍රාමාත්‍යවරයා හා ඇමති මණ්ඩලය ක්‍රියාත්මකවීම අත්හිටුවමන් අභියාචනාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව ලෝක කිසිඳු අධිකරණයක් නොදුන් තින්දුවක් බව එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
එලෙස අභියාචනාධිකරණය දුන් තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔවුන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල විභාගයට ගැනීමට මේ වනතුරු දියක් යොදා නොමැති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් ඔවුන්ට පෙනී යන්නේ අසාමන්‍ය හැසීරිමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයට රට අරාජික කිරීමට හෝ අස්තාවර කිරීමට අවශ්‍යතාවක් නොමැති බව ඔවුන් විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS