දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකා ගුරු සංගමයෙන් ඉල්ලීමක්
Homeප්‍රවෘත්ති

ලංකා ගුරු සංගමයෙන් ඉල්ලීමක්

PropellerAds

දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් යයි සඳහන් කරමින් දේශපාලන හිතවතුන්ට ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයට, ශී‍්‍ර ...

වෙල්ගම එජාය දිනවන්න ආ පිල්ලියක් - දයාසිරිගෙන් දැඩි ප‍්‍රහාරයක්
සජිත්ට කොන්දේසි 10යි.. අපේක්‍ෂකත්ය එකගතා ලිඛිතව දුන්නොත් පමණයි
gotabaya rajapaksa
ලංකා ගුරු සංගමයෙන් ඉල්ලීමක්

දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් යයි සඳහන් කරමින් දේශපාලන හිතවතුන්ට ශී‍්‍ර ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට, ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයට, ශී‍්‍ර ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයට හා ශී‍්‍ර ලංකා ගුරු සේවයට අනීතික ලෙස පත්වීම් 1014 ක් ලබා දීමට යහපාලන රජය කටයුතු කරමින් පැවතුනි. ඊට එරෙහිව අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සියලූ සේවාවන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධව විරෝධය පළ කළ අතර, මෙම පත්වීම් ලබාදීම නතර කිරීමට බල කරමින් 2018 ජුලි 26 දින දිවයින පුරා අධ්‍යාපන සේවාවන්වල දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැඳවන ලදී.

 වැඩවර්ජනයට පෙර දින වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ජා කළ ජනාධිපතිවරයා එම පත්වීම ලබාදීම වහා නතර කර දේශපාලන පලිගැනීම් සිදුව තිබේද යන්න සොයා බැලීම සඳහා හිටපු අධ්‍යාපන ලේකම් ගෝඨාභය ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලදී. එම කමිටු වාර්තාව 2018.12.21 දින ජනාධිපතිවරයාට භාරදුන් බවට පුවත්පත් වාර්තා පළ විය. 

දේශපාලන පලිගැනීම් පත්වීම් නිර්දේශ සම්බන්ධයෙන් වන මෙම කමිටු වාර්තාව වහා ප‍්‍රසිද්ධ කළ යුතුය. පසුගිය දිනවල සිදු වූ දේශපාලන අර්බුදයෙන් පසු නැවතත් එක්සත් ජාතික පක්ෂය විසින් දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් යයි සඳහන් පිරිසට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ තනතුරුවලට පත්වීම් ලබාදීමේ උත්සාහයක් පෙරට ගෙන ඇති තත්වයක ඉහත වාර්තාව වහා ප‍්‍රසිද්ධ කර අනීතික ලෙස අධ්‍යාපන පද්ධතිය තුළ පත්වීම් ලබාදීමේ උත්සාහයන් නතර කිරීමට කටයුතු කළ යුතුය. 

අධ්‍යාපන සේවාවන්ට දේශපාලන පලිගැනීම් නිර්දේශ මත පත්වීම් ලබාදීමට එක්සත් ජාතික පක්ෂ රජය විසින් දරණ උත්සාහය දැඩි ලෙස හෙළා දකින ලංකා ගුරු සංගමය ඒ පිළිබඳ දැඩි විරෝධය පළ කර සිටී. තමන්ට බලය අහිමි වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මොරදුන් එක්සත් ජාතික පක්ෂ රජය බලය තහවුරු කරගත් විගස ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ආකාරයෙන් අනීතික ලෙස දේශපාලන උවමනාවන් මත අධ්‍යාපන සේවාවන්ගේ තනතුරුවලට පත්වීම් ලබාදීමේ උත්සාහයට විරෝධය පළ කර සිටින අතර, මෙම පත්වීම් ලබාදීමට කටයුතු කළහොත් ඊට එරෙහිව අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සියලූ වෘත්තීය සමිති සමග වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරත වන බව ද අවධාරණය කර සිටිමු. එම තත්වය වැලැක්වීම සඳහා ගෝඨාභය ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව කඩිනමින් ප‍්‍රසිද්ධියට පත් කරන ලෙස ඉල්ලා සිටිමු.  

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකා ගුරු සංගමයෙන් ඉල්ලීමක්
ලංකා ගුරු සංගමයෙන් ඉල්ලීමක්
http://am.lk/media/k2/items/cache/2b84aca95ddaa99893d43f408f55ac5d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_735.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_735.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy