ජ නපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ගැන නාමල් කුමාර නමැත්තෙකු පසුගියදා ඉදිරිපත් කළ දුරකථ...
ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් ගැන නාමල් කුමාර නමැත්තෙකු පසුගියදා ඉදිරිපත් කළ දුරකථන ඇමතුම් සාක්ෂි නිවැරදිද යන්න හා ඒ ගැන වැඩිදුර සොයා බැලීම සඳහා
හොංකොංහි ‘ඩේටා එක්ස්පර්ට්‘ නමැති ආයතනයක් වෙත නාමල් කුමාරගේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනය එහි ඩේටා චිප්පත
සමග පසුගියදා පොලිසිය මගින් යොමු කරන ලදි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිපදෙනකු පසුගියදා එම දුරකතනය රැගෙන හොංකොං
වෙත ගොස් කඩිනමින් ඒ ගැන වාර්තාවක් ලබාදෙන්නැයි ඉල්ලා රජයේ වියදමින් විශේෂ විමර්ශනයක්ද සිදු කරන ලදි. ඒ අනුව එම ආයතනය මගින් එම දුරකතනයේ දත්ත සියල්ල පරීක්ෂා කර ඇති අතර නාමල් කුමාර මාධ්‍ය වෙත ඉදිරිපත් නොකර මකා දැමු දුරකථන පණ්විඩද සහිත දත්ත ගිගාබයිට්ස් 39 ධාරිතාවකින් පවතින බව අනාවරණය කර ඇත.
ඒවා සියල්ල නැවත සවන්දීමට හැකි පරිදි ක්‍රමලේඛනය කර පෙන්ඩ්‍රයිව් එකක දමා ඊට අමතරව පිටු 60 කින් යුත් දත්ත වාර්තාවක්ද ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නියෝජිතයින්ට සපයා තිබේ.
අද (19) ඒ පිලිබඳ නඩුව සලකා බැලූ අවස්ථාවේ හොංකොං හි විශේෂ පරීක්ෂණයක් සඳහා යැවු නාමල් කුමාරගේ දුරකතන පරීක්ෂාවේ දත්ත වාර්තාව ලැබී ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
ඒවා අධිකරනයට ඉදිරිපත් කරන ලෙස විනිසුරු දැන්වූ අතර අද දවස ඇතුළත එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි බව පොලිසිය පවසන ලදි.
නාමල් කුමාර යන අය විසින් ඉදිරිපත් කළ හඬ පටවල ඇතැම් ඒවා මකා දමා තිබූ බවත් එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම තුලින් අලුත් කරුනු රැසක් අනාවරණයවී ඇති බවත් පොලිසිය අධිකරණයට වාර්තා කර ඇත.

COMMENTS