පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිස නාමයෝජනා ලැබ දිස්ත්‍රික් පදනමින් තේරී පත්වූ මන්ත්‍රීවරු හා මැතිවරණයෙන් පසු ජාතික ලයිස්තුවෙන් නම් කරන...
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එජනිස නාමයෝජනා ලැබ දිස්ත්‍රික් පදනමින් තේරී පත්වූ මන්ත්‍රීවරු හා මැතිවරණයෙන් පසු ජාතික ලයිස්තුවෙන් නම් කරන ලද මන්ත්‍රීවරුන් වර්ථමාන පාර්ලිමේන්තු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන බව එජනිස ප්‍රධාන ලේකම් මහින්ද අමරවීර මහතා කථානායකවරයාට ලිපියකින් දැනුම් දෙයි.
ඒ අනුව අධිකරණ නියෝගයක් මත ඉවත් වූ ගීතා කුමාරසිංහ මහත්මිය හැරණුකොට අනෙක්තු සාමාජිකයන්ගේ නියෝජනයේ කිසිදු වෙනසක් සිදුවී නොමැති බව එම ලිපියෙහි සඳහන් වෙයි.
මේ අතර විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවත් ඒ අනුව පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු කරගෙන යන මෙන් ඉල්ලා තවත් ලිපියක් කථානායකවරයාට යොමු කර ඇත.
එම ලිපි පහතින්
COMMENTS