දකුණේ මෙන්ම පාර්ලිමේන්තුවේ හා ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලනමය කටයුතු ව්‍යවස්ථා විරෝධියි බව උතුරු පළාත් හිටපු මහ ඇමති සී. වී විග්නේශ්වරන් මහතා...
දකුණේ මෙන්ම පාර්ලිමේන්තුවේ හා ආණ්ඩුවේ උද්ගතව ඇති දේශපාලනමය කටයුතු ව්‍යවස්ථා විරෝධියි බව උතුරු පළාත් හිටපු මහ ඇමති සී. වී විග්නේශ්වරන් මහතා පැවසීය.
හිටපු ප්‍රධාන අමාත්‍යවරයා එලෙස පැවසූයේ වවුනියාව සංස්කෘතික රංග ශාලාවේදී ඊයේ (02) දින පැවති ප්‍රාදේශිය කලාකරුවන් වෙත සම්මාන පිරිනැමීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේ,
‘‘ඉදිරි මැතිවරණයකදී ඉදිරිපත්වීමට මගෙ කැමත්තක් නොතිබුනත් මගේ ජනතාවගේ ඉල්ලීම නිසා ඉදිරියේදී කුමන මැතිවරණයක් පැවතුන් ඉදිරිපත් වෙන්න තමයි ඉන්නේ හරයටම තීරණයක් නැහැ නමුත් එහෙම වෙන්න පුලුවන් ඒ වගේම දෙමළ ජනතාව උතුරු නැගෙනහිර පලාත් දෙකේම ජීවත් වෙනවා ඒ අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමයි අපි හඩ නගන්නේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දකුණේ දේශපාලන පක්ෂ පිළිගන්නවනම් ඒ අයත්එක්ක කොයි මොහොතේ හරි එක් වෙලා කටයුතු කරනවා.
පාර්ලිමේන්තුවේ වගේම දුකණේ දේශපාලනය ගැන කව්රුත් දන්නවා ව්‍යවස්ථානුකූල නැහැ කියලා නමුත් ඒක නෙමෙයි කල යුත්තේ ඇති වෙලා තියෙන ප්‍රශ්නය එකතුවෙලයි විසඳගත යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි මහින්ද රාජපක්ෂ මහත්තයයි එකතුවෙලා තමයි ජාතික ආණ්ඩුවක් පිහිටවිය යුත්තේ ඒහෙම වුනොත් අපේ ප්‍රශ්න විසඳගන්න පුලුවන් ඒක විසඳගෙනයි අපේ තරග ගැන හිතන්න ඕන. යනුවෙනි.
සී.වී.විග්නේශවරන් මහතාගේ වව්නියාව සංචාරයට ඊයේ දින විරෝධය පා අත්පත්‍රිකා බෙදාහැරීමක්ද සිදු වූ අතර විග්නේශ්වරන් මහතාගේ නව පක්ෂය වූ ටී.එම්.කේ පක්ෂයේ ප්‍රචාරණ කටයුතු සඳහාද ඊයේ දින පක්ෂ ක්‍රියාකාරීන් කිහිපදෙනකු හමු වී සාකච්ඡා කරනු ලැබීය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS