දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අධිවේගී අනතුරින් මියගිය ගාල්ලේ ගුරුමාතාව
Homeගොසිප්

අධිවේගී අනතුරින් මියගිය ගාල්ලේ ගුරුමාතාව

PropellerAds

ප සුගියදා දක්ෂිණ අධිවේග මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ගාල්ල ප්‍රදේශයේ ගුරු මාතාවක මියයාමේ සිද්ධිය එම ප්‍රදේශය තවමත් සසල කළ ආරංචියක් බවට පත්ව...

රියදුරුගේ ෆෝන් කෝල් එක අතරේ බස් රථය අඩි 300 ක් ප්‍රපාතයේ - මරණ 2 යි 63 ක් රෝහලේ
කටකතා පැතිරුණත් එජාප රැස්වීමේදී තනතුරු මාරු නොකෙරේ
සමයං ඝාතනය කරන්න එක්වූ “අල බෝලේ” අල්ලයි
සුගියදා දක්ෂිණ අධිවේග මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ගාල්ල ප්‍රදේශයේ ගුරු මාතාවක මියයාමේ සිද්ධිය එම ප්‍රදේශය තවමත් සසල කළ ආරංචියක් බවට පත්ව තිබේ. පිලියන්දල සිට ගාල්ල වලහන්දූව නිවසට වෑන් රථයකින් යමින් සිටියදී අධිවේග මාර්ගයේදී සිදුවූ මෙම අනතුර නිසා 49 හැවිරිදි ගුරු මාතාව මිය ගියාය. දරු තිදෙනා හා සැමියා
බරපතළ තුවාල ලැබූහ. වැන් රථය පැදවූයේ නිර්මලාගේ පුතුය. ඉදිරිපස අසුනේ නිර්මලාගේ සැමියා අසුන්ගෙන සිටියේය. දියණියන් දෙදෙනා හා නිර්මලා ගුරු මාතාව වෑන් රථයේ පසුපස අසුන්ගෙන සිටියහ. වෑන් රථය අධිවේගී මාර්ගයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අනතර සිදුව තිබුණි.

තිදරු මවක වූ නිර්මලා හෙට්ටිආරච්චි මහත්මිය ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයේ සේවය කළාය. ඈ නිහඬ චරිතයකි. වැඩි කතා බහක් නැත. එහෙත් ඇය තම රාජකාරිය දේව කාරියක් ලෙස සැලකුවාය.

දහස් ගණනක් වූ සිසු දරු දැරියගේ දෑස් පෑදවීමට මේ ගුරු මාතාව කටයුතු කළාය. ඇය පාසල් කාලය තුළ පමණක් දැයේ දරු දැරියන්ට තම දැනුම බෙදා දුන් ගුරුවරියක් නොවූවාය. ඈ පාසල් වෙලාවෙන් පසුවද අමතර පත්ති පවත්වමින් සිසු දරු දැරියන්ගේ නැණ නුවණ පෑදීම සඳහා කටයුතු කළාය. ජනාධිපති බාලිකාවේ සිසු දැන් ඇය හැදින්වූයේ නිර්මලා ටිචර් යනුවෙනි.  නොඑසේ නම් නිර්මලා ගුරුතුමිය කියාය.

ඈ ජනාධිපති බාලිකාවේ සිසු දැරියන්ගේ පමණක් නොව ගුරු මණ්ඩලයේ පමණක් නොව අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද සිත දිනාගෙන කටයුතු කළ ගුරු මාතාවකි. නිර්මලා ගුරු මාතාවගේ උපන් ගම කරන්දෙණියයි. ඇය ඉගෙනුම ලැබුවේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙනි. ක්‍රියාශීලී ගුරු මාතාවක වූ නිර්මලා මහත්මිය එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකාවක වූවාය. ඇය තමන් අකුරු කළ පාසලටද දැක්වූයේ දැඩි ආදරයකි. නිර්මලා ගුරු මාතාවගේ සැමියා ආනන්ද ලාල්ය. ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේය.

මෙම යුවළගේ වැඩිමහල් දියණිය රුහුණ විශ්වවිද්‍යාලයේ අවසන් වර්ෂයේ ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල සිසුවියකි. පුතු පෞද්ගලික ආයතනයක සේවය කළේය. බාල දියණිය මෙතුලි දහම්සා (13) ජනාධිපති බාලිකා විද්‍යාලයේ නවය වසරේ ඉගෙනුම ලබන්නීය. නිර්මලා ගුරු මාතාව තම අනික් දරුවන්ට මෙන්ම තම දරු තිදෙනාට මෙන්ම සැමියාටද දැක්වූයේ දැඩි ආදරයකි. සෙනෙහසකි. නිරතුරුව දරුවන් ගැන සොයා බැලුවාය.

නිර්මලා ගුරු මාතාවගේ සැමියා එක් අවස්ථාවකදී හදවත් රෝගී තත්ත්වයකින් පෙළුණාය. මේ නිසා ඔහුට හදවත් සැත්කමක් කිරීමට අවශ්‍ය වූයේය. ඒ අවස්ථාවේ ඇය තම සැමියා වෙනුවෙන් සෙවණැල්ලක් මෙන් පෙනී සිටියාය. ඒ සියලු අභියෝගයන්ට දිරිය ගැහැනියක ලෙස ඇය මුහුණ දුන්නාය.  සැමියා වෙනුවෙන් සිය යුතුකම් කොටස මනා ලෙස ඉටු කළාය. දරු තිදෙනාගේ අනාගතය සැපවත් කිරීම

මේ ගුරු මාතාවගේ එකම බලාපොරොත්තුව වූවාය. 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ අවසන් දින කිහිපය ගෙවී යමින් පැවතුණි.

නිර්මලා ගුරු මාතාව පවුලේ අය සමඟ දළඳා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා නුවර යාමට සූදානම් කරගත්ත. මීට මාස 6-7කට පමණ පෙර නිර්මලා ගුරු මාතාවගේ නිවෙසට අලුතෙන් වෑන් රථයක්ද ගෙනැවිත් තිබිණි. නිර්මලා ගුරු මාතාවගේ සහෝදරීයක් පදිංචිව සිටින්නේ පිළියන්දල ප්‍රදේශයේය. ඇය පදිංචිව සිටියේ අක්මීමන වළහන්දුව සේනානායක මාවතේය. මොවුන් පදිංචි නිවෙසේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව මුරපොළ පිහිටා ඇත්තේ  අතේ දුරිනි. නිර්මලා ගුරු මාතාව ඇතුළු පවුලේ අය අලුතෙන් මිලදී ගත් වෑන් රථයෙන් මුලින්ම පිළියන්දල ප්‍රදේශයේ පිහිටි තම නැගණියගේ නිවෙසට ගියේය.

ඉන්පසු නැඟණියගේ පවුලේ අය සමඟ නුවර බලා පිටත්ව ගියහ. එදින අලුයම කාලයේ මොවුන් නුවර සිට පිළියන්දල ප්‍රදේශයේ නැගණියගේ නිවසට පැමිණියේය. ඒ වනතෙක් වෑන් රථය පදවාගෙන එනු ලැබුවේ නිර්මලා ගුරු මාතාවගේ නැඟණියගේ සැමියා විසිනි. ඔහු රියැදුරු අසුන නිර්මලාගේ පුතුට ලබා දුන්නේය. පුතා ප්‍රවේශමෙන් යන්න ඔහු කීවේය. නිර්මලා ගුරු මාතාව තම පවුලේ අය සමඟ යළි ගාල්ල බලා ඒමට පිටත් වූහ. වැන් රථය පැදවූයේ නිර්මලාගේ පුතුය. ඉදිරිපස අසුනේ  සැමියා අසුන්ගෙන සිටියේය. දියණියන් දෙදෙනා හා නිර්මලා ගුරු මාතාව වෑන් රථයේ පසුපස අසුන්ගෙන සිටියහ.

එහෙත් සිදුවුයේ කිසිවකුත් බලාපොරොත්තුව  නොවූ සිද්ධියකි. මොවුන් ගමන් ගත් වෑන් රථය අධිවේගී මාර්ගයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටුණේය.  අනතුරෙන් නිර්මලා ගුරු මාතාව මිය ගියාය. දරු තිදෙනා හා සැමියා බරපතළ තුවාලය ලැබූහ. නිර්මලා ගුරු මාතාව මිය යන විට 49 හැවිරිදි වියේ පසුවූවාය. ඇයගේ සැමියා පුතු හා එක් දියණියක් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබති. බාල දියණිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය.  මේ ඛේදවාචකයෙන් අක්මීමන වලහන්දුව ප්‍රදේශය ශෝකයෙන් ඇලළී ගොස් ඇත්තේය.

නිර්මලා ගුරු මාතාවගේ හදිසි වියෝවෙන් ජානාධිපති බාලිකා විද්‍යාලයේ සිසු දැරියන් ආචාර්ය මණ්ඩලය හා ගම්වාසීහු දැඩි  ශෝකයට පත්ව සිටිති. "අනේ මම නිසා අම්මා යන්න ගියා. අම්මා අපිව දාලා ගියා" පුතු නාගොඩ රෝහලේදී ඔහු බැලීමට ගිය හිතවතුන් සමඟ කීවේය. දහස් ගණනක්වූ දරු දැරියන්ට නැණ පහන් දැල්වූ ඒ මිණිපහන අකාලයේ මිලින වී ගොසිනි. නිමලා හෙට්ටිආරච්චි ගුරු මාතාවන්ගේ දේහය පෙරේදා (26දා) රාත්‍රි වලහන්දුව සේනානායක මාවතේ පිහිටි ඇයගේ නිවෙසට රැගෙන එනු ලැබීය.

ඒ වන විටත් මෙම දුක්මුසු පුවත අසා ජනාධිපති බාලිකාවේ ගුරු භවතුන් හිතවතුන් ඥාතීහු ඇතුළු විශාල පිරිසක් නිමලා ගුරු මාතාවගේ නිවෙසට පැමිණ සිටියහ. එහෙත් මවගේ දේහය දකින්නට සැමියා හා දරු තිදෙනා නිවෙසේ නැත. ඔවුන් මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි බැවිනි. නිර්මලා ගුරු මාතාවගේ අඩුව දැනෙන්නේ දරු තිදෙනාට හා සැමියාට පමණක් නොවේ. ඇය විසින් අකුරු කියා දුන් දහස් ගණනක් වූ සිසු දරු දැරියන්ට නිර්මලා ගුරු මාතාවගේ අඩුව පිරිමැසිය නොහැකිය.ඒ පහන නිවී ගොස් ඇත්තේය.

ටී විතානවසම් (ඉමදූව)
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අධිවේගී අනතුරින් මියගිය ගාල්ලේ ගුරුමාතාව
අධිවේගී අනතුරින් මියගිය ගාල්ලේ ගුරුමාතාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCIBp4FQ2GH0o_GpxCSfs1f5sSH5nac11xsOuEufMO63x1nQN27SI0z48tpNXZnvLL-90NWAWDsBsQ9tCRUZNC6eP1dfd5kZnQ4QnXvKeKOQIiLtAoJ3jd9Nd-Z17P-PsvwqPXKyLxDBY/s1600/teacher.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhCIBp4FQ2GH0o_GpxCSfs1f5sSH5nac11xsOuEufMO63x1nQN27SI0z48tpNXZnvLL-90NWAWDsBsQ9tCRUZNC6eP1dfd5kZnQ4QnXvKeKOQIiLtAoJ3jd9Nd-Z17P-PsvwqPXKyLxDBY/s72-c/teacher.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_435.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_435.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy