දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"විපතට පත් අයට ආරක්ෂක අංශ උදව් කළේ යුද අපරාධ චෝදනා වලින් නිදහස් වෙන්න" - විග්නේශ්වරන්
Homeප්‍රවෘත්ති

"විපතට පත් අයට ආරක්ෂක අංශ උදව් කළේ යුද අපරාධ චෝදනා වලින් නිදහස් වෙන්න" - විග්නේශ්වරන්

PropellerAds

ගංවතුරෙන් විපතට පත් වූ උතුරේ වැසියන්ට ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් උදව් උපකාර කරණ ලද්දේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට එරෙහිව පවතින යුද අපරා...

බැඳුම්කර වංචාව ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
නාමල්ගේ නඩුවේ විමර්ශන අවසන් 
දමිළ වෙබ් අඩවියකට ලංකාවේ තහනමක්

ගංවතුරෙන් විපතට පත් වූ උතුරේ වැසියන්ට ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් උදව් උපකාර කරණ ලද්දේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ වලට එරෙහිව පවතින යුද අපරාධ චෝදනා වලින් නිදහස් වීමට යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා කිළිනොච්චියේදී පැවසීය.

සී.වී.විග්නේස්වරන් මහතා එසේ පැවසුවේ ගංවතුර අනාථයින්ට උදව් කිරීම සදහා ඔහුගේ දේශපාලන පක්ෂය වන දෙමළ ජනතා සන්ධානය(TMK) හරහා ජනතා සහන සංවිධානය(people walfare Association) නමින් නව සංවිධානයක් කිළිනොච්චියේදී පිහිටුවන ලද අවස්ථාවේදීය.

උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිනී ආනන්දි සශිහරන් මහත්මිය ඇතුළු තවත් ප්‍රාදේශීය දේශපාලනඥයින් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අවස්ථාවේදී කතා කළ සී.වී.විග්නේස්වරන මහතා කියා සිටියේ ආරක්ෂක අංශ ඔවුන්ට එරෙහිව නැගී ඇති යුද අපරාධ චෝදනා වලින් නිදහස්වීම සදහා එසේ ගංවතුර අනාථයින්ට සහන සලසන ලද නමුත් ජාත්‍යන්තර ප්‍රජාව හා ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ඊට රැවටෙනු ඇතැයි තමන් නොසිතන බවයි.

ආරක්ෂක අංශ වලට උතුරේ බලහත්කාරයෙන් රැදී සිටීමට දැඩි වුවමනාවක් ඇති නිසා ඒ සදහා අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමේ අරමුණින් ඔවුන් ගංවතුර අනාථයින්ට සැලකීම් කළ බවද ඔහු කියා සිටියේය.

මේ අවස්ථාවේදී ගංවතුර හේතුවෙන් විඅපතට පත් වූ පිරිසට උදව් උපකාර කිරීම සදහා මුලු ලෝකයේම සිටින දෙමළ ප්‍රජාව ඉදිරිපත් වී සිටින බව කී විග්නේස්වරන් මහතා එම ආධාර ජනතාවට නිසි ලෙස බෙදා දීම සදහා මෙම නව සංවිධානය බිහි කළ බවද සදහන් කළේය.

සුනාමී ව්‍යවසනය අවස්ථාවේදී උතුරේ ජනතාව බේරා ගන්නා ලද්දේ ආරක්ෂක අංශ නොව උතුරේම ජනතාව බවත්,ඉන් පසුව විපතට පත් ජනතාවට නැගී සිටීමට උදව් උපකාර කළේ රජයට වඩා ලෝකයේම සිටින දෙමළ සංවිධාන බවද කියා සිටියේය.

උතුරු පළාතට මෙවැනි වුවදුරු සිදුවන අවස්ථාවලදී රජය හා ඊට සම්බන්ධ පුද්ගලයෝ කැපී පෙනෙන්නට උත්සහ  දරණවා මිස ජනතාවට සේවයක් නොසලසන බව පෙන්වා දුන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මේ තත්ත්වය වෙනස් වීමටනම් උතුරු නැගෙනහිර දේශපාලන ව්‍යුහය මීට වඩා ශක්තිමත් එකක් විය යුතු බවද ප්‍රකාශ කළේය.

දේශපාලනමය වශයෙන් යම් අසාධාරණයක් සිදුවන විට ඊට සහනයක්ලබා  ගැනීමට ඇති එකම ස්ථානය මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය බව කී විග්නේස්වරන් මහතා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්ම සෙසු අධිකරණයන්ද මීට වඩා බලාත්මක කළ යුතු බව කියා සිටියේය.

(දිනසේන රතුගමගේ)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "විපතට පත් අයට ආරක්ෂක අංශ උදව් කළේ යුද අපරාධ චෝදනා වලින් නිදහස් වෙන්න" - විග්නේශ්වරන්
"විපතට පත් අයට ආරක්ෂක අංශ උදව් කළේ යුද අපරාධ චෝදනා වලින් නිදහස් වෙන්න" - විග්නේශ්වරන්
http://am.lk/media/k2/items/cache/fd62664cd0e70714381f250b0a124d4a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_189.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_189.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy