මාසක් ඇතුලත තමන්ට කැබිනට් ඇමති ධුරයක් නොලැබුනහොත් එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය කළ තමන් දැඩි තීරණයකට පැමිණෙන බව පුත්තලම දිස්ත්‍රික් පා...
මාසක් ඇතුලත තමන්ට කැබිනට් ඇමති ධුරයක් නොලැබුනහොත් එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය කළ තමන් දැඩි තීරණයකට පැමිණෙන බව පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතා පවසයි.
පාලිත රංගේ බංඩාර මහතා මේ බව පවසා සිටියේ ගම්පෙරලිය ව්‍යාපෘතිය යටතේ ආඩිගම සියඹලාවැව ජනතාවට උපකරණ ලබා දිමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් සිටි රංගේ බංඩාර මහතා පවසා සිටියේ තමන්ව වර්ණනා කරමින් එජාපයේ හැරවුම් ලක්ෂය කලත් රංගේ බංඩාර යැයි පැවසුවද තමන්ට නිසි ඇගයිමක් නොලැබුණ බවයි.
කැබිනට් මණ්ඩලය පත් කර සති කිහිපයක් ගත වුවද තමන්ට කැබිනට් ඇමතිකමක් නොමැති බවද ඔහු පැවසීය.
COMMENTS