දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අලි-කොටි ගිවිසුමක් ගැන ගම්මංපිලගෙන් හෙළිදරව්වක්
Homeගොසිප්

අලි-කොටි ගිවිසුමක් ගැන ගම්මංපිලගෙන් හෙළිදරව්වක්

PropellerAds

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අලි කොටි ගිවිසුමක් ගැන විශේෂ හෙලිදරව්වක් කර තිබේ. ඔහු කියූ අදහස් පහත පරිදිය. ...

දින 28 බිළිඳිය පණපිටින් වළදමා මැරූ මව සිදුකරන හෙළිදරව්ව
හික්කඩුවේ ව්‍යාපාරිකයා සුද්දන් සමග එක්ව කොල්ලුපිටිය අපාර්ට්මන්ට් එකේ සඟවා තිබූ කෝටි 108 ක කුඩු අල්ලාගත් මෙහෙයුම
දීපිකා පදුකොන් - රන්වීර් සමග හිතවතියගේ විවාහය වෙනුවෙන් බෙන්තොට හෝටලයේ
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අලි කොටි ගිවිසුමක් ගැන විශේෂ හෙලිදරව්වක් කර තිබේ. ඔහු කියූ අදහස් පහත පරිදිය.
දෙමළ ජාතික සංධානය මාසයක් පුරා කිව්වේ අපි ආණ්ඩුවට එරෙහි විශ්වාස භංග යෝජනාවට සහය පළ කලත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට
කිසිම සහයක් ලබා නොදෙන බවයි.  ඔන්න දැන් ස්ථාවරය වෙනස් කරලා.  දෙමළ ජාතික සංධානය රනිල් මහතා අගමැති කරන්න සහය දෙනවාලු.  හදිසියේ දෙමළ සංධානය වෙනස් වුණේ ඇයි?  දෙමළ සංධානය එකඟ කර ගන්න එජාපය විසින් ලබා දුන්නු පොරොන්දු මොනවා ද? 

දෙමළ සංධානය මීයක් කඩන්නේ අත ලෙව කන්න නොවේ කියලා අපි දන්නවා.  ඒ නිසා එජාපය සහ දෙමළ සංධානය අතර ඇති වුණු ගිවිසුම ජනතාවට හෙලි කළ යුතුයි.

2001 පාර්ලිමේන්තු මැතිවරණය සමයේ අලි – කොටි ගිවිසුමක් තිබෙන බවට මංගල සමරවීර මන්ත්‍රිතුමා හෙලි කළා.  නමුත් එජාපය ප්‍රතික්ෂේප කළා.  බලයට ආවාට පස්සේ කලේ මොකද්ද?  උතුරු නැගෙනහිර කොටි ප්‍රදේශ වල මායිම් පිලි ගනිමින් නොනිල ඊලාම් රාජ්‍යයට පිලි ගැනීමක් ලබා දුන්නා.  හමුදා කඳවුරු ඉවත් කර ගත්තා.  බුද්ධි අංශ පාවා දුන්නා.  අන්තර්කාලින ස්වයංපාලන අධිකාරියක් පිහිටුවන්න කටයුතු කළා.

2015 දී අලි – කොටි ගිවිසුමක පිටපත් තිස්ස අත්තනායක මන්ත්‍රිතුමා හෙලි කළා.  එතුමා කූට ලේඛණ ඉදිරිපත් කළා කියලා හිරේ දැම්මා.  නමුත් අන්තිමට මොකද වුණේ?  ඒ ගිවිසුමේ තිබුණු එකින් එක ක්‍රියාත්මක කළා.  පෙඩරල් ව්‍යවස්ථාවක් ගෙනාවා.  උතුරු සහ නැගෙනහිර යළි එකතු කරන්න නීති හැදුවා.  හමුදා කඳවුරු ඉවත් කළා.  කොටි ත්‍රස්තවාදින් නිදහස් කළා.  බුද්ධි අංශ යළිත් වතාවක් පාවා දුන්නා.  රණවිරුවන් දඩයම් කළා.  කොටි පෙරමුණු සංවිධාන වල තහනම ඉවත් කළා.

අලි – කොටි ගිවිසුම් දෙකකින් හොඳටම බැට කෑ මෙරට ජනතාව ඊ ළඟ අලි – කොටි ගිවිසුමෙන් මොන වගේ මල්ටි බැරල් රොකට් ප්‍රහාරයකට ද ලක් වෙන්නේ කියලා දැන ගන්න අයිතියක් තිබෙනවා.

ඒ නිසා අලි – කොටි ගිවිසුම වහාම හෙලි කරන්න කියලා අපි එජාපයට කියනවා.

අලි කොටි ගිවිසුම කියලා කිව්වට කමක් නැහැ .මොකද 2001 ගිවිසුම් ඇති වුණේ කොටි සංවිධානය සමග . නමුත් දැන් ඉන්නෙ දෙමළ ජාතික සන්ධානය.  ඔවුන් සමඟ ඇති කරගන්නා ගිවිසුම් වලට අලි කොටි ගිවිසුම කියන එක හරිද?   මෙවැනි ප්‍රශ්නයක් ඇතැමුන්ට ඇතිවෙන්න පුළුවන්. වේලුපිල්ලේ පිරිබාහරන් කිව්ව විදිහටම අපිට ඉක්මනින්ම අමතක වෙන නිසයි එහෙම හිතෙන්නේ. ඒ නිසා අමතක වෙච්ච ජනතාවගේ මතකය  අලුත් කරන්න මම ඡායාරූප කීපයක් පෙන්වනවා.

දෙමළ ජාතික සන්ධානය තමයි ඒ යුගයේ කොටි සංවිධානයේ දේශපාලන අංශය විදිහට කටයුතු කළේ. මේ ඡායාරූපයේ තියෙන්නේ වේළුපිල්ලේ පිරිබාහරන් හමුවීමට ගිය වත්මන් දෙමළ සන්ධානයේ නායක සම්බන්ධන් මහතා කොටි ධජය යටතේ සාකච්ඡාවක නිරතවී සිටින ආකාරයයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අලි-කොටි ගිවිසුමක් ගැන ගම්මංපිලගෙන් හෙළිදරව්වක්
අලි-කොටි ගිවිසුමක් ගැන ගම්මංපිලගෙන් හෙළිදරව්වක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdn9kARjgmXQSEz5CcHll4HY_ShN7aQm9xI-2E5a5peQmwt0Vx0pHaE0qlqKULCiULoT0Yb89zJRc0pHGt4GGiVUc7L4gIZFbIZteh3gM1Xn0dTc7AGh758iNbQOwrJZ7884QnZMniOuc/s1600/gossiplanka_2018-12-06-701.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdn9kARjgmXQSEz5CcHll4HY_ShN7aQm9xI-2E5a5peQmwt0Vx0pHaE0qlqKULCiULoT0Yb89zJRc0pHGt4GGiVUc7L4gIZFbIZteh3gM1Xn0dTc7AGh758iNbQOwrJZ7884QnZMniOuc/s72-c/gossiplanka_2018-12-06-701.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_118.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_118.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy