දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මොනරාගල සා.පෙළ මධ්‍යාස්ථානයකට කඩා වැදුණු දෙදෙනකු සිසුවියකට පිහියෙන් අනින්න ගිහින්
Homeගොසිප්

මොනරාගල සා.පෙළ මධ්‍යාස්ථානයකට කඩා වැදුණු දෙදෙනකු සිසුවියකට පිහියෙන් අනින්න ගිහින්

PropellerAds

මොනරාගල නක්කල රාජ්‍යනන්ද මහා විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයට 11 වනදා පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි මුහ...

රංගන හේරත් කුම්බ්ලේගේ වාර්තාව පසුකරයි
තනු දෙකකින් හොඳ එක තෝරගන්න බැරි වුණාම වික්ටර් මගෙන් තමයි අහන්නෙ
සුනඛයින් මරා දැමුණ කේරල පින්තූර අන්තර්ජාලය රවටද්දී මොරටු සරසවියේ සුනඛ ඝාතන ගැන උප කුලපතිතුමාගෙන් ප්‍රකාශයක්
මොනරාගල නක්කල රාජ්‍යනන්ද මහා විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයට 11 වනදා පෙරවරුවේ යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණ හිස් වැසුම් පැළඳගත්
තරුණයන් දෙදෙනකු එම විභාග මධ්‍යස්ථානයේ සිටි විභාග අපේක්ෂිකා ශිෂ්‍යාවකට පහරදී ඇයට පිහියකින් ඇනීමට උත්සාහ ගත් අවස්ථාවේ එහි සිටි මවුපියෝ දැඩි වෙහෙසක් දරා  තරුණයා මෙල්ල කර ඔයාගෙන් පිහිය උඳුරාගෙන දැරිය බේරාගෙන තිබිණි.

මෙම සිද්ධිය පිළිබඳව නක්කල රාජ්‍යානන්ද මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයාගෙන් කළ විමසීමකදි ඔහු මේ සිද්ධිය සනාථ කළේය. විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා පැවැසුවේ තමන් මේ පිළිබඳව මොනරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සරත් බන්දු ගුණසේකර මහතාද දැනුවත් කර ඇති බවයි.

මෙම සිසුවියට පහර දුන් තරුණයන් දෙදෙනා මොනරාගල බදුල්ල මාර්ගයේ 16 කණුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඉන් එක් තරුණයකුගේ පහර කෑමට ලක්වූ ශිෂ්‍යාව සමග කලක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය අයකු බවත් දැන ගන්නට තිබේ.

 සිද්ධිය වූ අවස්ථාවේ එහි පැමිණි සැකකරුගේ ඥාතිවරීයක් සැකකරු හා ඔහුගේ මිතුරන්, සැකකරු අත තිබූ පිහියත් රැගෙන විභාග මධ්‍යස්ථානයෙන් පිටතට ගොස් ඇත. ඇය මොනරාගල පොලිසියේ සේවය කරන පොලිස් කාන්තාවක් බව මාපියෝ පවසති.

මෙම සැකකාර තරුණයා හා පහර කෑමට ලක්වූ දැරිය එකම පාසලක අධ්‍යාපනය ලබා ඇති බවත් ඇය මෙම සැකකරු සමග  කාලයක් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් දැරියගේ මව්පියෝ පවසති.  මෙම සම්බන්ධතාවට දැරීයගේ පාර්ශ්වයෙන්  විරුද්ධ වූ විට දැරිය එම සම්බන්ධතාව නවත්වා
ඇති අතර ඉන් උරන වූ මෙම සැකකාර සිසුවා  දැරියට මීට පෙරද මොනරාගල බස් නැවතුමේදි පහර දී ඇති බව එම මව්පියෝ කියති.

මේ පිළිබඳ මොනරාගල පොලිසිය මීට පෙර පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් සතුටුදායක අන්දමේ පරික්ෂණයක් සිදු නොවූ  බවද ඔවුහු චෝදනා කරති.  මේ හේතුවේ තමන් මොනරාගල පොලිස් අධිකාරිවරයාට මේ පිළිබඳ පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බවද එම මව්පියෝ කියති.  අප මේ සම්බන්ද විමසීමට මොනරාගල පොලිසියේ උසස් පොලිස් නිලධාරීන් කීප දෙනකු දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය. විභාග මධ්‍යස්ථානයේ ශාලාධිපතිවරයා කළ දැනුම් දිමකට අනුව මොනරාගල කලාප කාර්යාලයෙන්ද මේ පිළිබඳ මොනරාගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව මොනරාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය.

- නයනජිව බණ්ඩාර-

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මොනරාගල සා.පෙළ මධ්‍යාස්ථානයකට කඩා වැදුණු දෙදෙනකු සිසුවියකට පිහියෙන් අනින්න ගිහින්
මොනරාගල සා.පෙළ මධ්‍යාස්ථානයකට කඩා වැදුණු දෙදෙනකු සිසුවියකට පිහියෙන් අනින්න ගිහින්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-3CiLjopT8eSNZnYWxdAOc3twiG7OvgeM1iQTX8cGEyCF96hNGq9U6741LEUI_LnTH_UUiui2O-vRsDVOrsZKHSGKv5mC5HZ6Vw_Bwsy656Q0Tbhums_8c3zyfDhGZ58kZxr9hERaJYI/s1600/gossiplanka_2018-12-13-777.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-3CiLjopT8eSNZnYWxdAOc3twiG7OvgeM1iQTX8cGEyCF96hNGq9U6741LEUI_LnTH_UUiui2O-vRsDVOrsZKHSGKv5mC5HZ6Vw_Bwsy656Q0Tbhums_8c3zyfDhGZ58kZxr9hERaJYI/s72-c/gossiplanka_2018-12-13-777.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_107.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/blog-post_107.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy