දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
තනු දෙකකින් හොඳ එක තෝරගන්න බැරි වුණාම වික්ටර් මගෙන් තමයි අහන්නෙ
Homeගොසිප්

තනු දෙකකින් හොඳ එක තෝරගන්න බැරි වුණාම වික්ටර් මගෙන් තමයි අහන්නෙ

PropellerAds

පසුගිය කාලයේ නිතර කථාබහට ලක්වූ ඉන්පසු ටික කලක් නිහඩව සිටි වික්ටර් රත්නායකගේ නව බිරිඳ හෂිනි අමේන්ද්‍රා ඔවුනගේ විවාහ දිවිය ගැන නැවත පුවත්පතකට...

වයස 8 දැරියක අපයෝජන කළ පිරිමියෙකුට ගම්මු පහරදුන් හැටි
විමල් අස්ගිරියට වැන්දට මල්වත්තට බෑලු (බදාදා කාටූන්)
දක්ෂිණ අධිවේගයේ ‘අදී අදී‘ ගයමින් නට නටා ගිය මේනකා මධුවන්තිට අධිකරණයෙන් දඩ
පසුගිය කාලයේ නිතර කථාබහට ලක්වූ ඉන්පසු ටික කලක් නිහඩව සිටි වික්ටර් රත්නායකගේ නව බිරිඳ හෂිනි අමේන්ද්‍රා ඔවුනගේ විවාහ දිවිය ගැන නැවත පුවත්පතකට අදහස් දැක්වීමක් කර තිබේ.

‘අපේ පවුල් ජීවිතය හරිම සතුටින් ගතවෙනවා.
පසුගිය කාලයේ ප්‍රදේශ කිහිපයකම ප්‍රසංග පැවැත්වුණා. ප්‍රසංගවලට මහත්තයා සහභාගි වුණා. ලබන 21දා සිරස ස්ටයින් මැදිරි සංකීර්ණයේදීත් තවත් ප්‍රසංගයක් පැවැත්වෙනවා. පසුගිය මැයි මාසයේදී එංගලන්ත සංචාරයකට සහභාගි වුණා. වික්ටර්, කසුන් කල්හාරත් සමග එක්ව පැවැත්වූ ප්‍රසංගයක් වෙනුවෙනුයි අපි එංගලන්තයට ගියේ. යුග දෙකක ගායකයන් දෙදෙනකුගේ සුසංයෝගයකින් පැවැත්වූ ප්‍රසංගයක් නිසා එයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. අනෙක ඒක තමයි විවාහයෙන් පස්සේ අපි දෙදෙනා සහභාගි වුණු පළමු විදෙස් සංචාරය. හැම කටයුත්තකදීම මම සැමියගේ ළඟින්ම සිටිනවා.
 හැමදේකටම අපි දෙදෙනාටම තමයි ආරාධනා ලැබෙන්නේ. වික්ටර් රත්නායක මහතාගේ ජීවිතයේ හොඳම කාලය එළැඹෙන්නේ වයස 75න් පසුව බව ඔහුගේ කේන්දරයේ සඳහන් වෙලා තිබුණා.මම ඒ කතාව 100ක්ම විශ්වාස කරනවා.

කෙනෙක් සතුටින් ඉන්නවා නම් ඔහුට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් විදිහේ පසුබිමක් සකස් වෙනවාමයි. මහත්තයව සතුටින් තබන්න තමයි මම හැම විටම උත්සාහ කරන්නේ. අපට අවලාද නගපු අයට අපගේ සාර්ථකත්වය ඉවසා ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒත් දෛවය කාටවත් වෙනස් කරන්න බෑනේ
ගෙදර හැම වැඩක්ම මගේ අතින් තමයි කෙරෙන්නේ.

අනෙක මට සංගීත දැනුමක් තිබෙන නිසා මහත්තයගේ සංගීත කටයුතුවලටත් මට සහාය වෙන්න පුළුවන්. සමහර වෙලාවට යම් ගීතයක් වෙනුවෙන් ඔහුගේ අතින් තනු දෙකක් නිර්මාණය වුණොත් ඒ අතරින් වඩාත් හොඳ මොකක්ද කියලා මගෙන් තමයි අහන්නේ.
අපි කවදාවත් චෝදනාවලින් සැලුණේ නැහැ අනෙක සමාජ ජාල අඩවිවල පැතිරෙන දේවල් ඒ දිනවල බැලුවෙත් නැහැ. අද බලන්නෙත් නැහැ. මහත්තයාත් අවශ්‍යම දේකට විතරයි අන්තර්ජාලයට පිවිසෙන්නේ. ඒ දේවල් අපි ලොකු ගැටලු බවට පත් කරගෙන නැහැ.

දෙපැත්තට වැනෙන විදිහේ තීරණයක් නොවෙයි මම ගත්තේ. මහත්තයාත් එහෙමයි. විවාහයට කලිනුත් අපි කාලයක් තිස්සේ සමීපව ඇසුරු කළා. ඉතින් මගේ තීරණය ගැන අදටත් මට තියෙන්නේ ලොකු සතුටක්.
වික්ටර් හැමදාමත් නවකයන් කරන හොඳ දේවල්වලට අතහිත දෙන කෙනෙක්. ඉදිරි සතියේදී නවක නිර්මාණ කරුවන් පස් දෙනෙකු අතින් බිහි වුණු අලුත් ගීත පහක් ගායනා කර පටිගත කිරීමට ඔහු සම්බන්ධ වෙනවා.වික්ටර්ගේ ආදරණීය රසික රසිකාවියන්ට වෙනස්ම විදිහේ සජීවී ප්‍රසංග අත්දැකීමක් ලබාදෙන්න සැලසුම් කරමිනුයි ඉන්නේ. ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්.‘

සටහන - කිෂාන් කනංකෙ 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: තනු දෙකකින් හොඳ එක තෝරගන්න බැරි වුණාම වික්ටර් මගෙන් තමයි අහන්නෙ
තනු දෙකකින් හොඳ එක තෝරගන්න බැරි වුණාම වික්ටර් මගෙන් තමයි අහන්නෙ
http://ift.tt/2taf9SP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_139.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_139.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy