19 වන ව්‍යවස්ථා සංශෝදනයේ කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් දේශපාලන වශයෙන් ගැටලුසහගත වන කරුණුවලට අදාළ සංශෝදන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව ස...
19 වන ව්‍යවස්ථා සංශෝදනයේ කාර්ය පටිපාටිමය දුර්වලතා ඇත්නම් දේශපාලන වශයෙන් ගැටලුසහගත වන කරුණුවලට අදාළ සංශෝදන පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අනුව සිදු කිරීමට කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
මෙහිදී 19 වන සංශෝදනයේ හරය සහ එමගින් ඇති කරනු ලබන ප්‍රජාතන්ත්‍රවාදී සාරය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියි.
දශක තුනක් තිස්සේ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් පැවති ගැටලූකාරි තත්ත්වය විසදීම සදහා 19 වන සංශෝධනය සම්මත කර ගත් බවත් එම සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපනය කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ව්‍යුහය ශක්තිමත් කිරීම ඇතුළු සාධනීය ප්‍රතිඵල සමුදායක් ශ්‍රී ලංකා සමාජයට ලැබී ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
COMMENTS