දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නිර්මාණයකට පාඨකයින් දක්වන ප්‍රතිචාරය මට පාලනය කරන්න බැහැ - අකිල් කුමාරස්වාමි
Homeගොසිප්

නිර්මාණයකට පාඨකයින් දක්වන ප්‍රතිචාරය මට පාලනය කරන්න බැහැ - අකිල් කුමාරස්වාමි

PropellerAds

අකිල් කුමාරස්වාමිගේ   පළමු කෙටි කතා එකතුව වන   Half Gods   කෘතිය ඉන්දීය Harper Collins  සමාගම දායකත්වයෙන් ප්‍රකාශයට පත්කර ඇත.   ඉන්දීය ,...

ආදරය වෙනුවෙන්ම ජීවත්වූ ප්‍රින්ස් සිය පෙම්වතියන් ගැන 2013 දී පුවත්පතකට හෙළි කළ විස්තරය
දුම්රියට ගෙළ තැබීමේ රැල්ලට යමින් 16 හැවිරිදි තරුණියක් ඊයේ රාත‍්‍රී කොට්ටාවේදී දිවි තොර කරගෙන
ඇමරිකානු බේස් බෝල් තරගයක් අතර වෙඩිතැබීමකින් දේශපාලකයින්ට තුවාල

අකිල් කුමාරස්වාමිගේ පළමු කෙටි කතා එකතුව වන Half Gods කෘතිය ඉන්දීයHarper Collins සමාගම දායකත්වයෙන් ප්‍රකාශයට පත්කර ඇත. ඉන්දීයදමිළ පවුලකට දාව ව ඉපදුණු අකිල් මේ වනවිට ඇමරිකාවේ දිවි ගෙවන අතර එකිනෙකට සම්බන්ධව ලියැවුණු කෙටිකතා මේ කෘතියේ දිගහැරේ. ලාංකික දමිළ පවුලක කතාවක් ද මෙහි සටහන් වී තිබීම විශේෂත්වයකි. මෙහි පළවන්නේ Half Gods කෘතිය සම්බන්ධයෙන් ඇය පළකල අදහස්ය.

ඔබේ Half Gods කෘතියෙන් වසර 30 කට ආසන්න කාලයක් පුරා ලංකාවේ දියත් වුණු යුද්ධය ගැන කියැවෙන බවත්ලංකාවේ යුද්ධය ගැන නොදන්නා අයට එය එක්තරා අන්දමේ ඉතිහාස පාඩමක් වූ බවත් The New Yorker සටහන් කර තිබෙනවා. ඔබ මේ ඵෙතිහාසික කරුණු මතුකළේ කොහොමද ?

යුද්ධය නිසා විවිධ අත්දැකීම් වලට මුහුණදෙන්න වුණු මෙහි ජීවත්වෙන චරිත හරහා ඉතිහාසය එළිදරව් කිරීමට මා කටයුතු කළා. නමුත්ඉතිහාසය එළිදරව් කරන අතරතුරදීම හැමදේම එලෙසින්ම ග්‍රහණය කරගෙන ඉදිරිපත් කරන්න හැකිවුණේ නැහැ. 1983 දී ලංකාවේ දමිළ පිරිස් සමූල ඝාතනය වූ අන්දමින්ම 1937 දී ඩොමීනිකන් ජනරජයේදී හයිටි පිරිස් සමූල ඝාතනයට ලක්වූ බව සඳහන් කළා.

නිදහස් දවසේ හැන්දෑවේ ඇතිවුණු සිද්ධියක් පදනම් කරගෙන කතාවක් නිර්මාණය කිරීම හරහා ජාතිකත්වය ගැන අධිරාජ්‍යවාදී මතය ගොඩනැගිලා තියෙන්නේ කොහොමද යන්න මට කතාබහ කරන්නට හැකියි. මේ කෘතිය ඉතිහාස පාඩමක් කිරීමේ වුවමනාවක් මට තිබුණේ නැති වුණත් මෙහි ගොඩනැගූ චරිත වල පුද්ගලිකත්වයට දේශපාලනය බලපා තිබෙනවා. මා ඉතිහාසය ගැන පැහැදිලි කිරීම් සිදුකරන්න කිසිදින උත්සහ නොකළත් කතාවේ ආඛ්‍යානයට ස්වභාවයෙන්ම බලපෑ දේවල් බෙදාහදා ගෙන තිබෙනවා.

Half Gods කෘතිය ‘අනන්‍යතා‘ අරගලය සම්බන්ධයෙන් ලියැවුණු කෘතියක් බව ඔබ මීට පෙර සඳහන් කර තිබෙනවා. අද අපි ජීවත්වෙන්නේ විශ්ව ගම්මානයකමේ සන්දර්භය ඇතුළේ ‘අනන්‍යතාව‘ යන්න කොයිතරම් වැදගත් වෙනවද 

අනන්‍යතාව කියන්නේ අපඅප ගැනම කියන කතාවක් වුණත් එය අපේ පාලනයෙන් ගිලිහුණු දැවැන්ත ආඛ්‍යානයක් ලෙසත් ස්ථාපිත වී තිබෙනවා. මේ ‘අනන්‍යතාව‘ කෙතරම් වියවුල් ද ? , අපවිත්‍ර ද යන්න හොයා බලන්න මට වුවමනා වුණා. ‘ශ්‍රී ලාංකිකයෙකු‘ යැයි පැවසීමේ අරුත මොකක්ද ?, අද වනතෙක් ඇතිවී තිබෙන ජාතිවාදී අර්බුද හා ප්‍රචණ්ඩත්වය ගැන සලකා බැලුවොත් මේ යෙදුම බොහොම පිරිපුන් එකක් විය හැකියි.

දමිළයෙකු වීම නිසා රජයේ ආරක්ෂක අංශ අතින් ඝාතනයට ලක්වුණා නම් ඔබඔබව ලාංකිකයෙකු විදියට ආමන්ත්‍රණය කරගන්නවාද නැත්නම්මේ රටට කියන සිංහල නම වෙනුවට ‘ඊළාම්‘ කියන දමිළ නම කියනවද ?. ආසියාවේ තිබුණු දැවැන්තම පුස්තකාල වලින් එකක් වුණු යාපනේ පුස්තකාලය ගිනි තබා විනාශ කරද්දී දමිළ පිරිසට දැනුණේ මොකක්ද ?. දස දහස් ගාණක් දමිළ සිවිල්වැසියෝ රජයේ ආරක්ෂක අංශ වලින් ඝාතනය කරද්දි මොකද වුණේ ? මේවට වගවෙන්නේ නැද්ද ?. පුරවැසියන්ගේ අයිතීන් නොදී  ඉඳිද්දීඅප – අපව හඳුනාගන්නේ කොහොමද ?  මේ නිසා අපට අහන්න වෙන්නේ මොනවගේ කතාද ?

Half Gods කෘතිය රචනා කරද්දි මෙරට යුද්ධය ගැන ලියැවුණු පොත පතලිපි ලේඛන ආදිය කියවා මේ හා සම්බන්ධ පර්යේෂණයක නියැළුණාද රැකවරණ පතා ඇමරිකාවට සරණාගතයින් විදියට පැමිණියුද්ධයේ ගොදුරු බවට පත්වූවන්  මුණගැහිලා තියෙනවද?

මං දමිළ පිරිස් ගැන දැනගත්තේ යුද්ධය හේතුවෙනුයි. යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ සිද්ධිය මං ඉපදෙන්න පෙර ඇතිවූ සිද්ධියක් වුණත් 1983 දී ඇතිවුණු ප්‍රචණ්ඩ කාල පරිච්ඡේදයේදී රැකවරණ පතා පැමිණුනු සරණාගත පවුල් වලින් ඒ ගැන අහලා දැනගත්ත මතකය තියෙනවා. උතුරු – නැගෙනහිර සම්බන්ධව පැතිරුණු පුවත් විකල්ප මාධ්‍යයන් තුළ හුවමාරු වුණා. රජය මගින්ම ප්‍රචණ්ඩ ක්‍රියා පතුරුවන විට රාජ්‍ය මාධ්‍ය මගින් ලබාදෙන තොරතුරු විශ්වාස කරන්න පුළුවන්ද ?.

පුළුල් දැක්මක් ඇතිව පුවත් වාර්තා නොකරමින් හා සමහර කණ්ඩායම් ගැන නිසි දැනුමක් නැතිව යුද්ධය ගැන විවිධ මාධ්‍ය හා කණ්ඩායම් වාර්තා කළේ කොහොමද යන්න ඉන්දියානු දමිළ හා ලාංකීය දමිළ ප්‍රජාව මිශ්‍ර සමාජයක් තුළ හැදී වැඩෙද්දි මට මනාව දැනගන්න ලැබුණා.

භාෂාවට අනුගතවී තිබෙන බල ව්‍යුහයන් සම්බන්ධයෙන් මං දැඩි උනන්දුවක් දක්වනවා. උදාහරණයක් විදියට සරණාගතයින් අතරින් බොහෝ දෙනෙකු දමිළ කියන කාරණේ වසන් කරමින් ‘ශ්‍රී ලාංකීය සරණාගතයින්‘ යන යෙදුම භාවිත කිරීම තුළ පවා මේ බල ව්‍යුහය ගැන තේරුම්ගන්න හැකියි.

පර්යේෂණ සම්බන්ධයෙන් කතා කළොත්තේ වත්තක් පදනම් කරගෙන නිදහස් දවසේ හැන්දෑවේ වුණු සිද්ධියක් ගැන ලියැවුණු කතාවක් මෙහි තිබෙනවා. මගේ සීයා මැලේසියාවේ රබර් වත්තක වැඩකරපු කම්කරුවෙකු වුණත් තේ වගාව ගැන ලියැවුණු නිශ්චිත තොරතුරු සොයා බලන්න සිද්ධ වුණා.
විශේෂයෙන්මඔබ යුද්ධයෙන් විනාශ වී ගිය ගම්මානවිශ්වවිද්‍යාල හා තේ වතු ආශ්‍රිතව ගත වෙන ලංකාවේ ජීවිත ගැන ලියද්දි මුහුණදෙන්න සිද්ධ වුණේ මොනවගේ අභියෝග වලට ද  ?

කිසි දවසක දෑසින් දැක නැති තැන් ගැන ලියද්දි දුෂ්කරතා වලට වගේම අභියෝග වලටත් මුහුණදෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම හැබෑවට අත්විඳ නැති පරිකල්පනයට පමණක් හසුවුණු ප්‍රචණ්ඩත්වය ගැන රචනා කරන්නේ කොහොමද යන්නත් තරමක අභියෝගයක් වෙනවා.

යුද්ධය ගැන ලියද්දී ඕනෑම දෙයක් පරිකල්පනය කරන දෑ නියත වශයෙන්ම ප්‍රයෝජනවත් බව ඉරාක ලේඛකයෙකු වෙන හසාන් බ්ලාසිම් වරෙක පවසා තිබෙනවා. ලේඛකයා ඉදිරිපත් කරන දැක්ම පාඨකයා තුළ අනුනාද දෙනවාදැයි යන්න ගැන හැමවිටම ගැටළුවක් පවතිනවා.

ඔබ කෙදිනක හෝ යුද්ධය අත්විඳ තිබෙනවාද ලංකාවට ඇවිත් තිබෙනවාද ?
මං කවදාවත් ලංකාවට ඇවිත් නැති වුණත් මේ අරගලය ගැන වැටහීමක් මගේ කුඩා වියේදී ඉඳන්ම පැවතුණා.

යුද්ධයෙන් වසර ගාණක් ගතවී ගිහිං අද අපි ජීවත්වෙන්නේ 2018 වසරේදී වුණත් තාමත් සමාජය සංහිඳියා මාවතට ගමන් කරන්න රජය විවිධ උත්සහයන් දරනවා. (අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයහානිපූරණ කාර්යාලය වැනි ආයතන). මේ කෘතියේදී මෙවැනි ආයතන බොහොම නිර්දය විවේචනයන්ට ලක්කර තිබෙන බව ඔබේ කෘතිය ගැන ලියැවුණු විචාර කීපයක් කියවද්දි මා දුටුවා. මේ ආයතන හුදෙක් මාධ්‍ය අවධානය ලබාගන්න පමණක් ස්ථාපිත කළ ඒවා බවත් එහි සඳහන් කර තිබුණා. ලේඛිකාවක් විදියට මේ ආයතන විවේචනය කරන්න නිර්භය වුණේ කොහොමද ?

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයට ගියපු මිනිස්සු කී දෙනෙක් නැවත ඇවිල්ලා තියෙනවද ආණ්ඩුව නියෝජනය එක් අයෙකු වත් යුධ අපරාධ සම්බන්ධයෙන් අභිචෝදනා ලබා තිබෙනවාද ?. 
මෛත්‍රීපාල සිරිසේන බලයට පත්කිරීමට පෙර පැවති මැතිවරණයේදී සංහිඳියාව හා වගවීම ගැන ප්‍රතිඥා දුන්නා. සිරිසේනගේ ආණ්ඩුව මේ ප්‍රතිඥා වලට පයින් ගැහුවාදැන් මහින්ද රාජපක්ෂ අගමැතිධූරයට නම්කර තිබෙනවාඒ ප්‍රතිඥා වල එකඟතාව අතිශය කටුක විදියට පළුදු වී තිබෙන බවත් උතුරු – නැගෙනහිර ජීවත් වෙන දමිළ පිරිස් බොහොම දුෂ්කර ඉරණමකට මුහුණ පා ඇති බවත් මින් අදහස් වෙනවා.

අතුරුදහන් වුණු තමන්ගේ ආදරණීයයන් නැවත එනතුරු බලා හිඳිමින්ඔවුන්ට සිද්ධ වුණේ මොකක්දැයි දැනගන්නමව්වරුන් අවුරුද්දකටත් අධික කාලයක් තිස්සේ තවමත් විරෝධතා දියත් කරනවා.

උතුරු-නැගෙනහිර සිද්ධ වෙන දේවල් ගැන වාර්තා කරන්නසටහන් තබන්න මාධ්‍යවේදීන් වගේම සමාජ ක්‍රියාකාරීන් පවා තමන්ගේ ජීවිත පරදුවට තබන පසුබිමක් තුළ ආණ්ඩුව විචේචනය කරන්න මට ඒ තරම් ධෛර්යයක් වුවමනා වුණේ නැහැ.

මිලිටරීකරණය වුණු උතුරු – නැගෙනහිර ප්‍රදේශ වල ජීවත් වෙන දමිළ ජාතිකයින්ගේ ජීවිතරාජපක්ෂගේ නායක්වයෙන් යුතුව උතුරේ ජනයා ඝාතනයට ලක්කරමින් පහරදෙන්න අණකරපු 2009 දී පටන්ම අනතුරේ වැටුණා.   
ලේඛිකාවක් විදියට ඔබේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී අරමුණ මොකක්ද ?

ලේඛනය තුළින් ලෝකය හසුරුවන්න උත්සහ ගත්තත් ඒ වෙනුවෙන්ම වූ විශේෂ අභිප්‍රායකින් යුතුව පොතක් ලියන්නට පිවිසෙන්නේ නැහැ.

මගේ කෘති හරහා මිනිස් අත්දැකීම් වල තිබෙන සත්‍යතාව පරිකල්පනීය මගකින් දනවන්න උත්සහ ගන්නවා. නිර්මාණයකට පාඨකයින් දක්වන ප්‍රතිචාරය කොහොමද කියන එක මට පාලනය කරන්න බැහැනමුත්නිර්මාණය හරහා කියලා තියෙන්නේ මොනවද යන්න අවබෝධ කරගෙන ලෝකය දිහා වෙනස් එළියකින් බලන්න ඔවුන්ට හැකිවෙන බව මගේ විශ්වාසයයි.

 ලංකාවේ ජීවත්වෙන පාඨකයින්ට කිවයුතු විශේෂ යමක් තිබෙනවාද ?

මේ සම්මුඛ සාකච්ඡාව සිංහල හා ඉංග්‍රීසි බසින් පමණක් පළවන නිසා  මං පාඨකයින්ගේ විමසන්න කැමතියි මෙහි කොටස්කරුවෝ වෙන්නේ කවුද කියලා.

දමිළ බසින් කියවන පාඨකයින්ට මෙය කියවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැත්නම් ඉන් අදහස් වෙන්නේ මොකක්ද ?. දශක ගණනාවක් තිස්සේ දමිළ ජනතාව සංහාරයට ලක්කිරීම හා ඔවුන්ට මුහුණදෙන්නට සිදුවී තිබෙන තත්ත්වය අතිශය මතභේදකාරී වී තිබෙන්නේ ඇයි ?

උතුරු – නැගෙනහිර ප්‍රදේශ අඛණ්ඩ මිලිටරිකරණයත් සමග දමිළ මව්වරුන් පාරවල් වලට බැහැලා අතුරුදහන් වී ගිය තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් උද්ඝෝෂණ කරනවාඅතීතයේ සිද්ධ වුණු අපරාධ වලට හෝ උතුරු – නැගෙනහිර ප්‍රදේශ වල සිද්ධ වෙන ප්‍රචණ්ඩ ක්‍රියා වල වරද භාරගන්නේ නැත්නම් සංහිඳියා මාවතක් පවතින්නේ කොහොමද ?



සාකච්ඡාව – වින්ධ්‍යා ගම්ලත්
www.reporter.lk
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නිර්මාණයකට පාඨකයින් දක්වන ප්‍රතිචාරය මට පාලනය කරන්න බැහැ - අකිල් කුමාරස්වාමි
නිර්මාණයකට පාඨකයින් දක්වන ප්‍රතිචාරය මට පාලනය කරන්න බැහැ - අකිල් කුමාරස්වාමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRS-Bha7F6rjuxOxdXnWs7yeNyW8WSXV3ApJhKszhHpcsj3hRIZ6__AbQxupIr8S4pD6kAINXugdbOfUdTVRgTHEtVnnAjHQjICrE9WK3A-83jYMjwSj8P1wid5buIsGNqXcVEKB7ITEI/s320/Catapult-Akil-Kumarasamy-class-promo-1400x924_1521739259.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiRS-Bha7F6rjuxOxdXnWs7yeNyW8WSXV3ApJhKszhHpcsj3hRIZ6__AbQxupIr8S4pD6kAINXugdbOfUdTVRgTHEtVnnAjHQjICrE9WK3A-83jYMjwSj8P1wid5buIsGNqXcVEKB7ITEI/s72-c/Catapult-Akil-Kumarasamy-class-promo-1400x924_1521739259.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_999.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_999.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy