“මහින්දට අගමැතිකමත්, මෛත්‍රිට ජනපතිකමක් ලොකු නිසයි අද රට මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ. මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ මේවා පාඩම් ...
“මහින්දට අගමැතිකමත්, මෛත්‍රිට ජනපතිකමක් ලොකු නිසයි අද රට මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ. මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ මේවා පාඩම් බවට පත්කර ගන්න. ප්‍රජතන්ත්‍රවාදී දේශපාලනයක් වෙනුවෙන් එක්වන්නැයි ජනතාවට කියනවා” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
පාර්ලිමේන්තුව රැස්වුණාම ඝාතන වෙන්න පුලුවන් කියා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළ බවත්, එම කුමන්ත්‍රණයේ සිටින්නේ කවුරුන්දැයි අද දැක බලා ගැනීමට හැකි වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පාර්ලිමේන්තුවේ පැවැති රැස්වීමෙන් පසු සභා ගැබෙන් පිටව යමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
‘‘මෛත්‍රීපාල සිරිසේන මහතා කිව්වා පාර්ලිමේන්තුව රැස්කළොත් ඝාතන කුමන්ත්‍රණයක් තිබෙනවා කියලා. අද බලා ගන්න පුලුවන් වුණා කුමන්ත්‍රණය තිබුණේ කාටද කියලා. අනිත් මන්ත්‍රීවරු අසුන්වල ඉන්දි මෛත්‍රී-මහින්ද පාර්ශ්වයේ මන්ත්‍රීවරු අසුන්වලින් නැගිටලා කලහකාරීව හැසිරුණා. කතානායකට පහර දෙන්න හැදුවා. කතානායකගේ ආරක්ෂාවට හිටපු පොලිස් නිලධාරීන්ට පහර දුන්නා. මිරිස්කුඩු වැනිදේවලින් ගැහුවා.‘‘
COMMENTS