එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා අද(03) නව රජයේ අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට ...
එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා අද(03) නව රජයේ අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
මේ අතර එජාප මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඇතුළු පිරිසක් අද(03) අළුයම 2.00ට පමණ එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා හමුවී සාකච්ඡා කර ඇති අතර එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ඕනෑම අමාත්‍යාංශයක් ලබා දීමට සූදානම් බවත් කෝටි ගණනක වුවද මුදල් ලබා දීමට සූදානම් බවත් ප්‍රකාශ කර තිබේ.
කෙසේ වෙතත් එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ කිසිවිටෙක ශ්‍රීලනිපයෙන් ඉවත් නොවන බවත් ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෙකු වන තමන් කිසිදිනෙකු මුදලට, වරදාන සහ වරප්‍රසාද වෙනුවෙන් කටයුතු නොකළ බවත් තමන් ඉදිරියටත් ජනාධිපතිවරයා යටතේ කටයුතු කරන බවත්ය.
එම උත්සාහයද අසාර්ථක වූ තැන එජාප ප්‍රබලයින්ගේ සියලු සැලසුම් ලප් තැනම ලොප් වී ඇතැයි වාර්තා වේ.
මේවන විට බහුතර බලයටත් වඩා වැඩි බලයක් හිමිව ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නව රජය අද දිනයේදී නව අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දීමට නියමිත බව ආරංචි මාර්ග පැවසී ය.
COMMENTS