ඉදිරි මහ මැතිවරණය සඳහා රටම දන්නා පුළුල් වාමාංශික පෙරමුණකින් තරග කිරීමට සන්ධාන නායකයන් තීරණය කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ...
ඉදිරි මහ මැතිවරණය සඳහා රටම දන්නා පුළුල් වාමාංශික පෙරමුණකින් තරග කිරීමට සන්ධාන නායකයන් තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ආශිර්වාදය යටතේ පොදු ලකුණක් යටතේ මහ මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ සාකච්ඡා අරඹන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති දයාසිරි ජයසේකර මහතා ඊයේ (11) ප්‍රකාශ කළේය.
ප්‍රගතිශීලී පක්ෂ හා දෙමළ, මුස්ලිම් පක්ෂ හා වතු ජනතා පක්ෂ සමඟින් නව පුළුල් පෙරමුණක් යටතේ මෙවර මැතිවරණයේදී තරග කරන බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
මැතිවරණ ජයග්‍රහණ ඉලක්ක කරගනිමින් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදා හැරනොයන බව ද ඇමැතිවරයා අවධාරණය කළේය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස කියා සිටියේ පොදු සතුරා පරාජය කිරීම සඳහා සියලු පාර්ශ්ව එක් කර ගනිමින් තරග වැදීමට අපේක්ෂා කරන බවයි. රටම දන්නා පෙරමුණකින්, රටම දන්නා ලකුණකින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව නිවාස හා සමාජ සුබසාධන ඇමැති විමල් විරවංශ මහතා සඳහන් කළේය.
COMMENTS