තමා ජනාධිපතිවරයා හමුවේ අමාත්‍යධුරයක් ලබාගැනීමට සූදානම් වන බවට විවිධ මාධ්‍ය මගින් ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව පාර්ලිමේන්තු මන්...
තමා ජනාධිපතිවරයා හමුවේ අමාත්‍යධුරයක් ලබාගැනීමට සූදානම් වන බවට විවිධ මාධ්‍ය මගින් ගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ බහුතරය හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවේ පෙන්වීම තම අභිලාශය බවයි.
ප්‍රජාතන්ත්‍ර විරෝධී කිසිදු කුමන්ත්‍රණයකට තමා කිසි විටෙකත් අනුබල නොදෙන බවත්, අමාත්‍යධුර ලබාගෙන ප්‍රජාතන්ත්‍රවාදය පාවාදීමට තමා කිසි විටෙකත් කටයුතු නොකරන බවත් රාජිත සේනාරත්න මහතා සඳහන් කර තිබේ.
ෙමේ අතර රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන මන්ත්‍රීවරු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියක් මගින් රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් බලයේ තබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා පවසයි.
COMMENTS