උතුරේ විවිධ පළාත් වල මහවිරු සැමරුම් සදහා මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ සොහොන් කොත් ළහි ළහියේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී...
උතුරේ විවිධ පළාත් වල මහවිරු සැමරුම් සදහා මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින්ගේ සොහොන් කොත් ළහි ළහියේ ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදුවෙමින් පවතී.
මෙම සොහොන් කොත් ඉදිකිරීමේ කටයුතු වලින් බොහොමයක් බාරගෙන ඇත්තේ අදාල ප්‍රදේශ වල ප්‍රාදේශීය සභා මගිනි.
යාපනයේ කෝපායි ප්‍රදේශයේ එක් ඉඩමක මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් වෙණුවෙන් සොහොන් කොත් ඉදිකොට ඒවා අයිතිකරුවන්ට බාරදීම පසුගිය ඉරිදා සවස සිදුවුණි.
අයිතිකරුවන් විසින් බාර දෙන ලද විස්තර හා ඡායාරූප ඇතුලත් කොට ලබන 27 වෙනිදා මහවිරුවන් සමරණ අවස්ථාව වන විට එම සොහොන් කොත් සම්පූර්ණ කොට අලංකාර කොට දීමට සංවිධායකයෝ පොරොන්දු වී තිබේ.
උතුරු පළාතේ සෑම පළාතකම අතීතයේදී එල්.ටී.ටී.ඊ.සොහොන් කොත් පැවති අතර ආරක්ශක අංශ විසින් යුද සමයේදී ඒවා විනාශ කොට දමන ලදී.
දෙමළ ජාතික සන්ධානයත් සෙසු දෙමළ දේශපාලන පක්ෂත් ඒ ඒ පළාත් වල ජනතාවට පවසා ඇත්තේ තම පළාතේ තිබී විනාශ වී ගිය එල්.ටී.ටී.ඊ.සොහොන් බිම් හා හා සොහොන් කොත් වෙනුවට අළුතින් සොහොන් බිම් හා සොහොන් කොත් ඉදි කරන ලෙසයි.
ඒ අනුව අදාල පළාත් වල ප්‍රාදේශීය සභාවල විශේෂ අනුග්‍රහය හා අවසරය මත මේ වනවිට පළාත් කීපයකම මියගිය එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් වෙනුවෙන් සොහොන් බිම් හා සොහොන් කොත් ඉදිවී තිබේ.
උතුරේ මේ වන විට වැඩිම සොහොන් බිම් හා සොහොන් කොත් ඉදිවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ වන අතර එම දිස්ත්‍රික්කයේ කෝපායි පළාත ඉන් පලමු ස්ථානය ගෙන තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS