මේ රටේ සිදු විශාලතම මුදල් වංචාව වන බැදුම්කර වංචාව සිදුකල අර්ජුන ඇලොසියස් මහතාව එම ධුරයට පත් කල මේ රටේ හිටපු අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ...
මේ රටේ සිදු විශාලතම මුදල් වංචාව වන බැදුම්කර වංචාව සිදුකල අර්ජුන ඇලොසියස් මහතාව එම ධුරයට පත් කල මේ රටේ හිටපු අග්‍රමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කල යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍යය නලින්ද ජයතිස්ස මහතා පැවසිය.
නලින්ද ජයතිස්ස මහතා ඒ බැව් කියා සිටියේ රට රකින රට හදන ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් යන මැයෙන් හැටන් වටවල ප්‍රදේශයේ ජනතාව දැනුවත් කිරිම සදහා එම පක්ෂය විසින් ඊයේ (11) සංවිධානය කර තිබු රැස්විමක් අමතමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ බැදුම්කර වංචාව සිදු කර අර්ජුන ඇලොසියස් මහතා මේ රටින් පලා ගොස් සිංගප්පුරුවේ සැගවි සිටින බවත්, එවැනි වංචාවක් සිදු නොවුවා සේ හිටපු අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ මහතා ඔහුට එරෙහිව කිසිදු නිතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන සිටි බවය.
ජන්ද කාඩ්පත කිසිවෙකුටත් අලෙවි කිරිමට නොහැකි නිති තත්ත්වයක් තිබෙන මේ රටේ, ජනතාවගේ ජන්දයෙන් තේරි පත් වන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ ලංසුව රු කෝටි පනහ දක්වා අලෙවි වන බවත් නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේය.
බලපෙරලියේදි එවැනි ලංසු මුදලකට මන්ත්‍රිවරුන් අලෙවි වු බවද නලින්ද ජයතිස්ස මහතා කියා සිටියහ.
(හැටන් රංජිත් රාජපක්ෂ)
COMMENTS