දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'ත්‍රිවිධ හමුදාවට ඡන්දයට අත ගැසීමට බලයක් නෑ' - මැතිවරණ කොමිසමේ සභාපති - (video)
Homeප්‍රවෘත්ති

'ත්‍රිවිධ හමුදාවට ඡන්දයට අත ගැසීමට බලයක් නෑ' - මැතිවරණ කොමිසමේ සභාපති - (video)

PropellerAds

මැතිවරණ රාජකාරි සදහා මැදිහත් වීමට ත්‍රිවිධ හමුදාවට බලයක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උතුරේදී පවසා තිබේ. "මේ ඡන්ද විමසීමේදී ...

ඇවන්ගාඩ් නැව මිලියන 35ක බැඳුම්කරයක් මත මුදා හරී
ශෂී වීරවංශගේ නඩු විභාගයට දින තීන්දුයි
කොටි සැමරුමට එක්වෙන්නැයි යාපනය සරසවියේ පොස්ටර් (PHOTOS)
මැතිවරණ රාජකාරි සදහා මැදිහත් වීමට ත්‍රිවිධ හමුදාවට බලයක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා උතුරේදී පවසා තිබේ.

"මේ ඡන්ද විමසීමේදී යුද හමුදාව හෝ නාවික හමුදාව, ගුවන් හමුදාව ජන්ද විමසීමට අදාල රාජකාරි වලට මැදිහත් වෙන්නේ නෑ," සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේ උතුරේ පුළුල් වශයෙන් රඳවා සිටින හමුදා භට පිරිස් මැතිවරණ කටයුතු වලට මැදිහත් වීම සම්බන්ධයෙන් දෙමළ මාධ්‍යවේදියකු යාපනයේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු ලෙසිනි.


සියලු මැතිවරණ රාජකාරි කටයුතු සිදුකරනු ලබන්නේ පොලීසිය සමග වුවත් ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සදහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සහාය වන බවයි මැතිවරණ කොමිසමේ සභාපති  මහින්ද දේශප්‍රිය පවසන්නේ.

මැතිවරණ කටයුතු පිළිබඳව සොයා බැලීම සදහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමක්  ජුනි 14 අඟහරුවාදා  යාපනය දිස්ත්‍රික්කයේ  සංචාරයක නිරතවී තිබු අතර යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී උතුරේ මාධ්‍යවේදීන්ද මුණ ගැසී තිබුනි.

මැතිවරණ රාජකාරි වල නිරතව සිටින මැතිවරණ  කොමිසමේ  නිලධාරීන් පවා උතුරේදී හමුදා සාමාජිකයන් අතින්  පරීක්ෂා කිරීම්වලට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියකුට මහින්ද දේශප්‍රිය සභාපතිවරයා කියා සිටියේ අගනගරයේදී තමන්ද පරීක්ෂා කිරීම්වලට ලක් වන බවයි.

"අපිත් චෙක් කරනවානේ. මම කොලොන්නාවේ ඉදලා ඉලෙක්ෂන් ඔෆිස් එකට යනකොටත් නවත්තලා චෙක් කරනවා."

එම පරීක්ෂා කිරීම් සිදු නොකරන ලෙස කීමට තමන්ට හැකියාවක් නොමැති බව පවසන මහින්ද දේශප්‍රිය සභාපතිවරයා, යාපනයේදී  අවධාරණය කළේ උතුරේ ජනයා වැඩි වශයෙන් පරීක්ෂා කිරීම් වලට ලක් වන බවට තමන් වෙතද පැමිණිලි ලැබී ඇති බවයි.

මාධ්‍යවේදීන්ට පොරොන්දුවක්:

ඒ සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කරන බවට යාපනයේ මාධ්‍යවේදීන්ට පොරොන්දු වු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අවධාරණය කළේ යාපනයේ ආරක්ෂක මුර කපොලු වැඩි වශයෙන් පවතීද යන්න සොයා බැලීමත් තම සංචාරයේ එක් අරමුණක්  වු බවයි.

කෙසේ නමුත් සෝදිසි පරීක්ෂාව සඳහා යුද හමුදාවට බලය පැවරූ ගැසට් පත්‍රයක් පවතින බව ද මහින්ද දේශප්‍රිය එහිදී පෙන්වා දුන්නේය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයන් වුවද අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇත්තේ නිල ඇදුමින් සැරසුන පොලිස් නිලධාරීන්ට පමණක් බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එහිදී  වැඩි දුරටත් අවධාරණය කළේය.

"කාරණය තමයි, මැතිවරණයට සම්බන්ධ ප්‍රචණ්ඩ ක්‍රියා වලට පුද්ගලයන් අත් අඩංගුවට ගත හැක්කේ පොලිසියට පමණයි. හැමෝටම බෑ. සිවිල් නිලධාරීන්ටත් කාවවත් අත් අඩංගුවට ගන්න බෑ. ඒක කරන්න පුළුවන් පොලිසියට විතරයි."

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දින දෙකක් පුරා උතුරු පළාතේ සිදු කළ සංචාරට සදහා කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්, කොමසාරිස් ජනරාල් සමන් රත්නායක, නියෝජ්‍ය කොමසාරිස්වරුන් දෙදෙනකු සමග විශ්‍රාමික කොමසාරිස් ජෙනරාල් එම්.ඒ. මොහොමඩ්  ද එක්ව සිටියහ.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'ත්‍රිවිධ හමුදාවට ඡන්දයට අත ගැසීමට බලයක් නෑ' - මැතිවරණ කොමිසමේ සභාපති - (video)
'ත්‍රිවිධ හමුදාවට ඡන්දයට අත ගැසීමට බලයක් නෑ' - මැතිවරණ කොමිසමේ සභාපති - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-_z5hUkaHk_lnAjiqDtxx_hz1PCgUwBawK8QKXe7M7E_etnZLoInV3TUNdDVaDYVU0Wtk9bahSjxzCj2DuoMYe4iKvpJ60o12AgwWj6do1CHQsVZLZzbEcYx8OCCL5_XHsYZKaj9EYOQ/s320/mahinda-deshapyiya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg-_z5hUkaHk_lnAjiqDtxx_hz1PCgUwBawK8QKXe7M7E_etnZLoInV3TUNdDVaDYVU0Wtk9bahSjxzCj2DuoMYe4iKvpJ60o12AgwWj6do1CHQsVZLZzbEcYx8OCCL5_XHsYZKaj9EYOQ/s72-c/mahinda-deshapyiya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/video_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/video_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy