කවර පාර්ශවයක් විසින් රුපියල් කෝටි ගණනක් ලබා දුන්නත් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස තවදුරටත් රැදී සිටින බව දෙමළ ජාතික සන්ධා...
කවර පාර්ශවයක් විසින් රුපියල් කෝටි ගණනක් ලබා දුන්නත් තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස තවදුරටත් රැදී සිටින බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පවසයි.
ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ වවුනියාවේ පැවති උත්සවයකට සහභාගී වූ අවස්ථාවේදීය.
රටේ දේශපාලන අර්බුදය ඇතිවූ පසුගිය 26 දා රාත්‍රී සිට තමන්ට දෙපාර්ශ්වයෙන්ම ආරාධනා ලැබෙන බවත් ඒ ආරාධනා සමග විවිධ මිල ගණන් තමන් වෙත ඉදිරිපත් වන බවද මන්ත්‍රීවරයා කියා සිටියි.
ශිවසක්ති ආනන්දන් මහතා දෙමළ ජාතික සන්ධානය යටතේ වන්නි දිස්ත්‍රික්කයෙන් තරග කොට අවස්ථා තුනක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවට පත්ව තිබේ.
ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා දෙමළ ජාතික සන්ධානය අතහැර ගිය අවස්ථාවේදී ශිවශක්ති ආනන්දන් මහතාද දෙමළ ජාතික සන්ධානය අතහැර ගොස් ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් පෙනී සිටියේය.
රටේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදයත් සමග දෙමළ ජාතික සන්ධානය විසින් ගන්නා තීරණය සිවශක්ති ආනන්දන් මහතාට අදාල නොවන නිසා ඔහුව කුමන හෝ පාර්ශ්වයකට එක් කර ගැනීමට දෙපාර්ශ්වයේ සියළුම දෙනා මේ දිනවල උත්සහ දරමින් සිටිති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේද සිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වූ දිනයේදී ඔහු තීරණය කළේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුව තුළ සිටින බවට නිසා ඉදිරියටත් ඔහු ඒ ස්ථාවරය රකින බව තමන්ට විශ්වාස බවයි.
දෙමළ ජාතික සන්ධානය මේ අවස්ථාවේදී කවරෙකුට හෝ සහය නොදී සිටීම ඉතා වැදගත් බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මීට දින දෙකකට පෙර යාපනයේදී ප්‍රකාශ කළ අතර ඊට පෙර තමන් සිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා සමග පෞද්ගලිකව සාකච්ඡා කළ අවස්ථාවේද ඔවුන් දෙදෙනාගේම මතය වූයේ එය බව සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා කියා සිටියේය.
කෙසේ වෙතත් මේ දිනවල විවිධ තරාතිරම් වල පුද්ගලයින්ගෙන් තමන්ට කිසිදු බේරිල්ලක් නොමැති බව පවසන ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා කියා සිටින්නේ දේශපාලනය මෙතරම් බාල්දු තත්ත්වයකට ඇද වැටෙන බව තමන් කිසි විටකත් නොසිතූ බවයි.
මේ අවස්ථාවේදී තමන්ට කළ යුතු හා කළ හැකි එකම දේ වන්නේ සිදුවන දේ දෙස ඉතා අවධානයෙන් යුතුව බලා සිටීම බව පවසන මන්ත්‍රීවරයා තමන්ගේ ආත්මය ජනතාව මිස මුදල් නොවන බවද කියා සිටියි.
(දිනසේන රතුගමගේ)
COMMENTS