දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාදුක්ක පොලීසියේදී අතවරයට පත් කාන්තාවක් ජනාධිපතිතුමාට හා පොලිස්පතිතුමාට කරන අභියාචනය - (video)
Homeප්‍රවෘත්ති

පාදුක්ක පොලීසියේදී අතවරයට පත් කාන්තාවක් ජනාධිපතිතුමාට හා පොලිස්පතිතුමාට කරන අභියාචනය - (video)

PropellerAds

ඇයගේ පණිවිඩය ලේඛණ ගත කිරීමක් පහත සදහන් වෙි. මමයි මගේ දරු දෙන්නයි ලොකු දුවයි පොඩි දුවයි මහත්තයයි ගියා පාදුක්ක පොලීසියට පැමිණිල්ලක් දාන්න ...

ලංගම සේවකයින්ගේ නිවාඩු සතියක් අවලංගු කරයි
රූමත් පොලිස් කතුන්ට ලොක්කන්ගෙන් අතවර?
ප්‍රංශ ආරක්ෂක හමුදා අණදෙන නිලධාරී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවෙයි
ඇයගේ පණිවිඩය ලේඛණ ගත කිරීමක් පහත සදහන් වෙි.

මමයි මගේ දරු දෙන්නයි ලොකු දුවයි පොඩි දුවයි මහත්තයයි ගියා පාදුක්ක පොලීසියට පැමිණිල්ලක් දාන්න ඒ ගියේ මගේ පොඩි දෙන්නා වට්ස් ඇප් එකේ වැඩ කරනවා ඔන්ලයින්. මගේ දුවට පිරිමි ළමයෙක් එවලා තිබුනා නිරුවත් ෆොටෝ වගයක්. අපි ඒ පිරිමි ළමයා ගැන දන්නේ නැති නිසා ගියා පාදුක්ක පොලීසියට. ගියාම එතන හිටපු රාළහමිලා ඔක්කොම බලලා ඉවර වෙලා කියුවා කාන්තා පොලීසියෙන් නෑ අපිට පහුවදා උදේට එනන් කියලා ඊට පස්සේ පහුවදා මට වැඩට යනන්න තියන නිසා අපි ගියා මිරිහාන පොලීසියට. මිරිහාන පොලීසියේ කාන්තා කාර්යංශයේ පැමිණිල්ලක් දැම්මා. දාලා අපි ආපහු ආවා.

මට උදේට වැඩට යන්න තියන නිසා මහත්තයා කියුවා ගිහිල්ලා අපි පාදුක්ක පොලීසියට කියලා යන් අපි මිරිහාන පොලීසියට පැමිණිල්ලක් දැම්මා ආයි එන්න ඔින නෑනේ කියලා මායි මහත්තයයි පොලීසිය ඇතුලට ගිහිල්ලා කියුවා අපි මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් දැම්මා ආයේ පාදුක්කට එනන් ඔින නෑනේ කියලා කියුවා. නෑ නෑ ඔයාලගේ පැමිණිල්ල ලියා ගන්න ඔින කියලා මහත්තයා පුටුවේ ඉන්දවලා ලියුවා. පැමිනිල්ල ලියුවේ අපිට උවමනා විදියට නෙවෙයි. ලියලා ඉවරවෙලා මහත්තයගේ අත්සනත් අරගෙන ලදුපතත් අතට දුන්නට පස්සේ මහත්තයට කියුවා එතන හිටපු විමලසිරි කියන නිළධාරියා ආ උඹ පලයන් කූඩුවට කියලා බෙල්ලෙන් අල්ලලා තල්ලු කරලා ලොකු ඉබ්බෙක් දාලා වැහුවා. මට කියුවා ඔතනින් ඉදගන්න කියලා.

මගේ ලොකු දුව එකපාරක් එක්කරගෙන ආවා ගේට්ටුවේ හිටපු රාළහාමි. ඊට පස්සේ චූටි දුව එක්කගෙන ඇවිල්ලා ත්‍රීවිල් එකට යන්න කියලා තිබුනා. ඊට පස්සේ ඒ දෙන්නා එක්ක එතන ඉදගෙන ඉන්න කියුවා. ඊට පස්සේ අපිට වෙච්ච අසාධාරණේ නිසා මහත්තයා කූඩුව ඇතුලේ ඉදලා ටිකක් ආවේගයෙන් කෑ ගැහුවා. කේන්තියයි දුකයි එක්ක ඇයි අපිට මේ වගේ අසාධාරණයක් කරන්නේ කියලා. මහත්තයට ටිකක් සනීප නෑ එයාට ෂුගර් කොලෙස්ට්‍රලෝල් තියනවා. ඒ නිසා එයා කෑගහලා ඉදන් ඉන්න කොට කූඩුවේ තිබුනු වතුර කරාමෙන් වතුර එන්න පටන් ගත්තා ඇරලා තිබිලා. අපි නෙවෙයි ඒ ගොල්ලෝ ඇරලා තිබිලා මුලු රිසව් එක තෙමෙන තරම්ම වතුර ආවා. ඊට පස්සේ ඒ රිසව් එකේ මහත්තයා කියුවා ඔක වහන්න කියලා. මම කියුවා ඔික වහන්න එපා ඔික කැඩුනොත් එහෙම රාජ්‍ය දේපළට හානි කරා කියලා නඩුවක් දායි කියලා. මහත්තයා නිදාගත්තා.

ඔය සිද්ධිය වුනේ 2021.06.20 පාන්දර. අපි මිරිහානෙන් යනකොට හම්බවුනා මහත්තුරු දෙන්නෙක් අපිට සාධාරණයක් වුනේ නැත්නම් කතා කරන්න කියුවා කොළඹට. පොලීසියෙන් මගේ ෆොන් දෙකම ගත්ත නිසා මම පාදුක්ක පොලීසියෙන්ම ඒ නොම්බරේට කෝල් කලා. එතකොට කියුවා කාන්තා කාර්යන්ශයේ කවුරුත් නැතිව එහෙම තියා ගන්න බෑ උදේට කොළඹට ඇවිල්ලා පැමිණිල්ලක් දාන්න කියලා. ඊට පස්සේ මම ඇවිල්ලා ඉදගෙන ඉන්න කොට මගේ චූටි දුවගේ අතේ තුවාල වගයක් තිබුනා එයා හොදටම අඩන්න පටන් ගත්තා. ඊට පස්සේ මම කියුවා උදේට ලොකු මහත්තයා ආවම කියමු අඩන්න එපා කියලා. ලොකු දුව ටිකක් නිදාගෙන හිටියේ සනීප නැතිව හිටියේ දතේ අමාරුවක් හැදිලා. ඊට පස්සේ බඩගිනී කියලා කෑ ගැහුවා ළමයි. ඊට පස්සේ මම ඇහුවා රිසව් එකේ හිටපු මහත්තයගෙන් කෑම තියනවද කියලා කියුවා මේ වෙලාවට කෑම නෑ ඉදගෙන හිටපන් කියලා. බෑග් එකේ තිබුනා දුව හවස කාලා ඉතිරි වුන රෝල්ස් කෑල්ලක් මම ඒක දුන්නා. ඒක කාලා චූටි එක්කෙනාට වයස 9 එයා අඩන්න පටන් ගත්තා දැවිල්ලයි කියලා. එතන මම රිසව් එකේ හිටපු මහත්තයගෙන් වතුට ටිකක් ඉල්ලුවා දුන්නේ නෑ. ඒ තරම් දුෂ්ඨයි. වතුර ගොඩේ අපි හිටියේ. මම කියුවා අඩන්න එපා කියලා.

පාන්දර 2 විතර ටොයිලට් එකට යන්න ඔින වෙලා කාන්තා කාර්යන්ශයේ කවුරුත් හිටියේ නැ එතනග ශිටියා මහත්තයෙක් නම දන්නේ අංකය 14541 අනිත් මහත්තුරු තරණ අය මට එයාලට කියන්න බැරි නිසා මම කියුවා මහත්තයෝ මට ටොයිලට් එකට යන්න ඔින කියලා. ටොයිලට් එක පොඩ්ඩක් පෙන්නනන්න කියලා රූ නිසා. මාව එක්කගෙන ගියා. පොලීසිය ඇතුලෙන් පිටිපස්සට මාව එක්කගෙන ගියා එලියට. මම එළියට එද්දි එතන තිබුනා ආපනශාලාව කියලා ලොකු ලයිට් එකක් ඒ ලයිට් එක මම යද්දි දාලා තිබුනේ මම එනකොට ඔිෆ් කරලා. මම එද්දි ඒ මහත්තයා අල්ල ගත්තා මගේ අත් දෙක තදින් පාරවල් හිටන් තිබුනා. කියුවා මහත්තයවත් අපි තුන්දෙනාවත් යවන්නම් ගෙදර එයාගේ අවශ්‍යයතාවයක් තියනවා කරලා දෙන්න කියලා. ඇත්තම කියනවනම් ඒ මහත්තයා මගේ තාත්තා වගේ නිසා මම ටොයිලට් එකට පාර පෙන්නන්න කියුවේ. මම ඇහුවා ඇයි මගේ අත්දෙකෙන් අල්ල ගත්තේ කියලා ඊට පස්සේ කියුවා මට අවශ්‍යතාවයක් තියනවා කරලා දෙන්න කියලා ඊට පස්සේ මම කෑ ගැහුවා. මම මාස්ක එක දාලා හිටියේ එයා අත්දෙක පිටිපස්සට කරලා තද කරගෙන හිටියේ මගේ කට තද කලා හුස්ම ගන්නත් බැරිවෙන තරමට ඊට පස්සේ මගේ කෑ ගැහිල්ලට මහත්තුරු 4-5 දෙනෙක් ආවා. ඒ එක මහත්තයෙන් ගැහුවා මට බටයක් වගේ දෙයකින් මේකිට මෙහෙම කියලා හරියන්නේ නෑ කියලා ගැහුවා වව් අතටයි දකුණු අතටයි තාම පාරවල් තියනවා. ඊට පස්සේ පිටටත් ගැහුවා. ඊට පස්සේ මට පිටිපස්සෙන් කෙනෙක් ඇවිත් පයින් ගැහුවා මම වීසිවෙලා වැටුනා. ඊට පස්සේ මගේ ඇස් දෙක නිලංකාර වුනා කිසි දෙයක් මතක නෑ. ඊට පස්සේ එයාලා කොහොමහරි මම හිටපු තැනටම ගෙනත් දාලා තිබුනා. මම යන්තම් සිහිය එද්දි ඇගපුරා මඩ මම මහත්තයට කතා කරලා කියුවා මට වුන විස්තරේ. නැගිටින කොට සම්පූර්ණයෙන්ම රිදෙනවා. මහත්තයා කියුවා උදේට ලොකු මහත්තයා එනවනේ අපි සේරම විස්තරේ කියමු කියලා.

ඊට පස්සේ ලොකු මහත්තයා උදේ ආවා. මට එන්න කියුවා උදේ වැඩ කරපු මහත්තයා මාව එක්කගෙන ගියා. මට වචනයක්වත් කියන්න දුන්නේ නෑ. ලොකු මහත්තයා කියුවා තොගේ ළමයා වැදුවේ මමද තොගේ ළමයා හැදුවේ මමද තොගේ ළමයින්ට කන්න බොන්න දෙන්නනේ මමද තොපේ ළමයින්ට ෆොන් අරන් දුන්නනේ මමද කියලාග පාදුක්ක පොලීසියේ ඔි. අයි. සී. මහත්තයා බොහොම නරක විදියට බැන්නා මට. මට වචනයක්වත් කියන්න අවස්ථාව දුන්නේ නෑ. ඊට පස්සේ මහත්තයවත් ගෙන්නගෙන කියුවා තෝ චන්ඩියද තෝ කරපුවා වීඩියෝ කරලා තියෙන්නේ අවුරුදු ගානක් එනන් බැරිවෙන්න දානවා කියුවා උසාවි. ඊට පස්සේ මට කාවවත් විශ්වාස නෑ මම කිසි දෙයක් කියුවේ නෑ පොලීසියේ අයට. ඊට පස්සේ 1.30 විතර අපිට ඇප දුන්නා. ඒ කියන්නේ අපි පැමිණිල්ලක් දාන්න ගියේ සැකකාරයෝ විදියට තියාගෙන හිටියේ. ලොකු දුවටයි මහත්තයටයි ඇප දුන්නේ මහත්තයගේ යාලුවෙක්.

අපි ගෙදර ආවා මගේ මුලු ඇගම රිදෙනවා කකුල් දෙකම ඉදිමිලා. පහුවෙනිදා අපි කොළඹ කාන්තා කාර්යංශයට ගියා. මම එතන හිටපු තරු තුනක් තියන මැඩම් කෙනෙක්ට සේරම විස්තර කියුවා. එයා මේක හෙඩ් ක්වාටස් එකට දාන්න ඔින කියලා ලොකු මහත්තය කෙනෙක් ගාවට දානවා කියලා ගිහිල්ලා හම්බ වෙවන්න කියුවා එස්. අයි. හේරත් කියලා මහත්තයෙක්. ඊට පස්සේ අපි ගියා. වෙච්ච විස්තරේ ලියලා ඒ මහත්තයා මට ලොකු ෆෝම් කොලයක් දුන්නා ගිහිල්ලා ඉස්පිරිතාලේ නතර වෙන්න කියලා මම අවිස්සාවෙල්ල හොස්පිටල් එකට ගියා 23 තමයි ගියේ 26 තමයි මගේ ටිකට් කැපුවේ. දවස් 4 මම හිටියා ඉස්පිරිතාලේ. අද තාවෙනතුරු කිසිම සාධාරණයන් නෑ තාම පොලීසියේ තියෙන්නනේ මගේ ෆොන් එක දැන් දවස් ගානක් වෙනවා. දැන් දවස් ගානක් වෙනවා. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ මගේ රස්සසාවත් නැති වුනා. මහත්තයටත් රස්සාවක් නෑ.

ඊට පස්සේ මගේ ගෙදර තිබුනා වැලි ගොඩක් චූටි පුතා දාලා. එතන පොඩි ඇල පාරක් යනවා ඒ ඇළ පාරෙන් දාලා මේ ලගදි සල්ලි නැති නිසා ඔික හාඩ්වෙයාර් එකකට දෙන්න කතා කලා. හවස ඒ වැලි එක පැටෙව්වා ලොරියකට එවෙලෙම පාදුක්ක පොලීසයෙන් ඇවිල්ලා ඒ වැලි එක අරන් ගිහිල්ලා ඒ ගොල්ලන්ට උසාවි දලා දඩ ගහලා තිබුනා. එක්කෙනෙක්ට 50000.00 ගානේ. අසාධාරණයි ඒක අපිට කන්න දෙයක් තිබුනේ නැති නිසා ඒක විකුණුවේ. ඊට කලින් දවසේ අපි ඒ. එස්. පී මහත්තයා හම්බවෙන්න ගිහිල්ලා ආව දවසේ හවස අපේ ගෙදරට අල්ලපු ගෙදරට මිනිස්සු වගයක් ඇවිල්ලා අපේ මිදුලටම ඇවිල්ලා කෑ ගැහුවා. කෑ ගැහුවම අපේ මහත්තයා කියුවා මහත්තයෝ අපිට ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ ඔයාල යන්න කියලා. ඊට පස්සේ කුණු හරුපෙන් බැන්නම මහත්තයා 119 එකට කෝල් කලා. ඒ ගොල්ලෝ පොලීසියෙන් ආවා. අපි කියුවා මහත්තයෝ අපි පාදුක්ක පොලීසියේ පැමිණිල්ලක් දාලා තියන නිසා ඒ ගොල්ලෝ එකක් ගහ ගනන් ගියේ නෑ. 119 එකේ මහත්තුරු පැමිණිල්ල ලියාගෙන ගියා. ඒ ආපු මිනිස්සු මහත්තයගේ කටට පාරක් ගහලා තිබුනා ගැහුවා කියන එක කියුවා ඒ ගොල්ලෝ ඒ ගෙදර ඉනන් එකත් පෙන්නුවා. නමුත් ඒ කිසිම කෙනෙක් අත්තඩංගුවට ගත්තේ නෑ. පහුවදා මගේ මහත්තයයි මාගේ චූටි පුතයි අවුරුදු 13 එයාට වයස පැමිණිල්ලක තියනවා එහා ගෙදර අයට ගැහුව එකට කියලා අරන් ගිහිල්ලා උසාවි දැම්මා. මම ගිහිල්ලා ඇප දීලා අරගෙන ආවා.


 
මම කියන්නේ පොලිස්පති තුමාටයි ජනාධිපතිතුමාටයි ඇයි මේ වගේ අසාධාරණකම් කරන්නේග මේ ගොල්ලෝ තාම අපි පස්සෙන් එන එක නතර කරලා නෑ. අසාධාරණයි මේක. අපි කාටවත් කරදරයක් නෑ. මේ ගොල්ලෝ කට කතා පතුරවනවා අපි අරක්කු, කසිප්පු විකුනනවා කියලා අපේ ඉතිහාසයේ කවදාවත් එහෙම කරලා නෑ. කුඩු, ගංජා විකුණලා නෑ. නරක දේවල් කලා කියලා අපිට පැමිණිලි නෑ පොලිස් පොත් වල. මේ වගේ කට කතා පතුරවණ අයට නිසි දඩුවම් දෙන්න කියලා මම පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ. මේ වගේ මිනිස්සු පොලිීසි වල තියන්න එපා කියලා මම ඉල්ලන්නේ. තාමත් නෑ කට උත්තර ගන්නවා විතරයි කොළඹ හෙඩ් ක්වාටස් එකෙතුත් ඇවිල්ලා කට උත්තර ගත්තා. එදා තමයි මගේ රස්සාව නැති වුනේ. හෝමගම ඒ. එස්. පී මහත්තයගෙනුත් කට උත්තර ගත්තා. මාසෙකුත් වෙනවා මට සාධාරණයක් නෑ තාම. දරුවො වැඩ කරන ෆෝන් එක පොලීසියේ තාම ඒ ගොල්ලලෝ ඒක දෙන්න කැමති නෑ. එයාල කියනවා උසාවි දානවා කියලා. අපි කියුවා මේක නිරාවරණය කරලා මේක දෙන්න කියලා. අපිට අකටුතුකම් කරපු නිළධාරියෝ තාමත් පොලීසියේ ඉන්නවා. තාම දඩුවමක් දීලා නෑ. කිසිම තැනකින් පැමිණිල්ලක් ලියා ගත්තේ නෑ නමුත් කොළඹ දන්නවා.

අවිස්සාවෙල්ල ඉස්පිරිතාලෙනුත් ජේ. එම්. ඔි ඩොක්ටර් බැලුවට එයාලත් අපිට අසාධාරණය කරලා තියෙන්නේ. එයාලා නීතිය දන්නවා අපි නීතිය දන්නේ නෑ මම නීතිය දැනන් හිටියනම් ඔයිට වඩා දෙයක් කරනවා. මට වෙච්ච අසාධාරණය තවත් කෙනෙක්ට නොවෙන්න සාධාරණය ඉල්ලනවා. මට සාධාරණය විතරයි ඔින. අසාධාරණය ඉස්සරහට ඇවිල්ලා සාධාරණය යටපත් වෙන අද වගේ සමාජයක මට සාධාරණය ඔින. එයාලට දඩුවම් දීලා මට යුක්තිය ඉටු කරලා දෙන්න කියලා තමයි මම පොලිස්පති තමාගෙන් ඉල්ලන්නේ.

පොලීසියෙන් එතනත් අසාධාරණය ඒ පිරිමි ළමයට කොවිඩ් හැදිලාලු තියෙන්නේ තාමත් හොයලා අල්ලා බලලා නෑ. අපිට නීතිය ක්‍රියාත්මක කරන්න බෑ. ඇත්තම කියනවනම් මහත්තයෝ හරිම නින්දිතයි. පොලීසිවල තියන්න හොද නෑ රජයේ කිසිම තැනක තියන්න හොද නෑ ඇත්තටම හිගා කන තත්වෙට පත් වෙන්න ඔින මේ වගේ මිනිස්සු.

අපි වගේ පුංචි දුප්පත් මිනිස්සු ඇති එයාටත් එහෙමකරනවා ඇති. ඒ උනාට මට එහෙම ඉන්න බෑ මම දරුවෝ 3ක් ඉන්න අම්මා කෙනෙක්. ජනතාවට කියන්නේ මේ වගේ ලිංගික අල්ලසි ගන්න මිනිස්සුන්ට තමන්ට වාසියක් වුනා හෝ නොවුනා කවදාවත් ලිංගික අල්ලස් දෙනන්න එපා. සල්ලි වලින්වත් අල්ලස් දෙන්න එපා. මොකද අපි හැමෝම මේ මහ පොළොවේ එක වගේම හුස්ම ගන්න මිනිස්සු එක වගේ ජීවත් වෙන්න කැමති මිනිස්සු. මම ඉල්ලන්නේ පොලිස්පතිතුමාගෙන් ඉල්ලන්නේ මෙයාලා වෙනත් තැනකට මාරු කරන්න එපා. ඒ ගිහිල්ලත් කරන්නේ තවත් කාන්තාවකට මේ ටිකමයි මේ මිනිස්සු මම කියන්නේ රස්සාවෙන් අස් කරලා ගෙදරම යවන්න කියලා. එතකොට තමයි සාධාරණයක් තියෙන්නේ අහිංසක මිනිස්සුන්ට. මම කියන්නේ එල්ලුම් ගහ මදි මේ මිනිස්සුන්ට අරාභියේ තියෙන නීතිය ගේන්න ඔින ගහලා මරන්න. ප්‍රසිද්ධියේ ගහලා මරන නීතියක් ගේන්න ඔින ස්ත්‍රී දූෂණ කරන මේ වගේ අමණ මිනිස්සුන්ට.

ස්ත්‍රීන් තමයි හැමදේකම මූලිකත්වය ගන්නේ ස්ත්‍රීන්ට වද හිංසා කරණ අය ප්‍රසිද්ධියේ අනිවාර්යෙන් දඩුවම් දෙන්න ඔින. මම නීතිය පතාගෙන ගියේ නීතිය රකින තැනකට එතනිනුත් මට අකටයුත්තක් උනා නේ මම අහන්න කැමතියි හැමෝගෙන්ම මම කොතන්ටද යන්න තියෙන්නේ. නීතිය රකින තවත් තැනක් තියනවද? ඒ නිසා මට සාධාරණයක් කරලා දෙන්න පොලිස්පති තුමනි. මට විතරක් නෙවෙයි ඒක මුලු සමාජයටම වේවි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාදුක්ක පොලීසියේදී අතවරයට පත් කාන්තාවක් ජනාධිපතිතුමාට හා පොලිස්පතිතුමාට කරන අභියාචනය - (video)
පාදුක්ක පොලීසියේදී අතවරයට පත් කාන්තාවක් ජනාධිපතිතුමාට හා පොලිස්පතිතුමාට කරන අභියාචනය - (video)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxzQ8KFu56ik13BYLrxiVMuKxn3-_hxWDpXpBa823xzC9Jz6jg-399SaBt3Xesv2oguJ2EAUNsVDmzFWbXDPcFylvP4qSb-fpbeauXwsyDRAX1drvMPGwbkvqx_CE2lLTqA6rmmVM09T0/s320/padukka-police.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjxzQ8KFu56ik13BYLrxiVMuKxn3-_hxWDpXpBa823xzC9Jz6jg-399SaBt3Xesv2oguJ2EAUNsVDmzFWbXDPcFylvP4qSb-fpbeauXwsyDRAX1drvMPGwbkvqx_CE2lLTqA6rmmVM09T0/s72-c/padukka-police.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/video_48.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/video_48.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy