දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සර්ව පාක්ෂික සමුළුව: රනිල්ට පුද්ගලික අාරාධනා නෑ - අගමැති ගැන කතා කිරීමට අයිතියක් නෑ
Homeප්‍රවෘත්ති

සර්ව පාක්ෂික සමුළුව: රනිල්ට පුද්ගලික අාරාධනා නෑ - අගමැති ගැන කතා කිරීමට අයිතියක් නෑ

PropellerAds

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද(18) පස්වරු 05.00ට ජනාධිපති ලේකම් ...

දඩ මුදල් වැඩි කිරීම ගැන බස් සංගම් තීරණාත්මක සාකච්ඡාවක
විනිසුරුවරුන් වෙනුවෙන් විශේෂ වැටුප් ක්‍රමයක්
ප්‍රථම හරිත රෝහල මහනුවරින්
සර්ව පාක්ෂික සමුළුව: රනිල්ට පුද්ගලික අාරාධනා නෑ - අගමැති ගැන කතා කිරීමට අයිතියක් නෑ

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද(18) පස්වරු 05.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට මීට සහභාගීවීමට ආරාධනා කර ඇති අතර, කථානායක ගරු කරූ ජයසූරිය මහතාට ද මෙම හමුව සඳහා ආරාධනා කර තිබේ.
 
පාර්ලිමේන්තුවේ දී පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමත්, විශ්වාසභංගය නිවැරදිව ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර දීමටත් මෙම හමුව කැඳවා ඇතැයිද එය කිසිසේත් අගමැතිවරයෙකු පිළිබද සාකච්ඡා කරන හමුවක් නොවන බවද ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ‍මෙම හමුවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට අාරාධනා කළද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ අාරාධනයක් සිදු කර නොමැති බවත් නමුත් පක්ෂවල මහ ලේකම්වරුන් මෙම හමුවට සහභාගී වනු අැති බවත් එම ප්‍රකාශකයා පැවසී ය.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා කිහිපවතාවක් ජනාධිපතිවරයාව පුද්ගලිකව හමුවීමට උත්සාහ කර අැති අතර ඊට කිසිසේත් තමන් සූදානම් නොමැති බවට ජනාධිපතිවරයා පවසා අැතැයි වාර්තා වේ.

කෙසේ වෙතත් අද පැවැත්වෙන් සර්ව පාක්ෂික හමුවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා බලෙන් සහභාගි වීමේ සූදානමක් ඇති බවත් එලෙස සහභාගී වුවද ජනාධිපතිවරයා එහිදී හෝ ඉන් පසුව හෝ රනිල් වික්‍රමසිංහ මහතා හමු නොවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත් එම ප්‍රකාශකයා සදහන් කළේය.

මෙම සර්ව පාක්ෂික හමුවේදී අගමැති ධූරය ගැන සාකච්ඡා කිරීමේ කිසිදු සූදානමක් නොමැති බවත් එම හමුවේදී එ් ගැන අදහස් ප්‍රකාශ කිරීමට හෝ අයිතියක් නොමැති බවත් වාර්තා වේ.

මේ වන විටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ කිසිසේත්ම අගමැතිධුරය නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා ලබා නොදීම ස්ථිර බවයි.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සර්ව පාක්ෂික සමුළුව: රනිල්ට පුද්ගලික අාරාධනා නෑ - අගමැති ගැන කතා කිරීමට අයිතියක් නෑ
සර්ව පාක්ෂික සමුළුව: රනිල්ට පුද්ගලික අාරාධනා නෑ - අගමැති ගැන කතා කිරීමට අයිතියක් නෑ
http://am.lk/media/k2/items/cache/07cf95f088e502cebee2f5f5af01abfa_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_147.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/11/blog-post_147.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy