වසර පන්සියයක් අතරම් ඇත අතිතයේ පටන් නොසිදෙන සොබාදහමේ අපුර්වතම නිර්මානයක්සේ සැලකිය හැකි හිනටිගල දෙකේ කණුවේ රජ පිල්ල නැමති ජල උල්පත හබරාදුව ප...
වසර පන්සියයක් අතරම් ඇත අතිතයේ පටන් නොසිදෙන සොබාදහමේ අපුර්වතම නිර්මානයක්සේ සැලකිය හැකි හිනටිගල දෙකේ කණුවේ රජ පිල්ල නැමති ජල උල්පත හබරාදුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ හීනටිගල හදුගොඩ ග්‍රාමසේවා වසමේ පිහිටා තිබේ.
මෙම ජල උල්පතෙහි ජලය අධික පෑවිල්ලකදී වුවත් කිසිදා නොසිදෙන අතර, එය ඉතා සීතල පිරිසිදු තත්ත්වයේ පවති. ප්‍රදේශයේ ජනතාව පානිය ජල අවශ්‍යතාවය සපුරාගනු ලබනුනේ මෙම ජල උල්පත මගිනි.
හීනටිගල ප්‍රදේශයේ අක්කර දෙසිය පනහකට වැඩි කුඹුරු ප්‍රමාණයක් දෙකන්නයම වගා කිරීම සදහා ද ජලය සපයන ස්වාභාවික ජල උල්පතකී. එකී ජල උල්පතට ගල් බටයක් සවිකර ඇති මෙය හීනටිගල රජ පීල්ල ලෙසද හදුන්වයි. දිනපතාම පැය 24 පුරාම මෙහි ජලය උතුරා යමින් පවතින අතර, එක්තරා ආකාරයකට එය ජල සම්පත අපතේ යැවීමකී.
මෙවන් අසිරිමත් සොබාදහමේහී නිමැයුම් මතුපරපුරට ආරක්ෂා කර දීම වත්මන් පරපුරේ වගකීමකී.
COMMENTS