මියගිය පිරිසක් සැමරීමට සියළු දෙනාටම මිනිසුන් වශයෙන් අයිතියක් ඇති නිසා සියළුම එල්.ටී.ටී.ටී.සොහොන් බිම් සුද්ධ පවිත්‍ර කොට ලබන 27 දා මහවිරුවන...
මියගිය පිරිසක් සැමරීමට සියළු දෙනාටම මිනිසුන් වශයෙන් අයිතියක් ඇති නිසා සියළුම එල්.ටී.ටී.ටී.සොහොන් බිම් සුද්ධ පවිත්‍ර කොට ලබන 27 දා මහවිරුවන් සිහිකොට පහන් දල්වන මෙන් දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා කිලිනොච්චියේ ජනතාවට පවසා තිබේ.
මන්ත්‍රීවරයා එසේ පවසා ඇත්තේ ඔහු යාපනයට යමින් සිටින අතරතුර කිළිනොච්චියේ කනකපුරම් ප්‍රදේශයේ පිරිසක් පැරණි එල්.ටී.ටී.ඊ.සුසාන භූමියක් සුද්ධ පවිත්‍ර කරමින් සිටි අවස්ථාවේදීය.
කිළිනොච්චිය කනකපුරම් සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කිරීම සදහා දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු හා පළාතේ තවත් දේශපාලනඥයින් කීප දෙනෙක්ද පැමිණ ඇත.
මේ පිරිස විසින් එම එල්.ටී.ටී.ඊ.සුසාන භූමිය සුද්ධ පවිත්‍ර කිරීම ආරම්භ කොට තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS