වසර 11කට පමණ පසු මෙරටට ජාත්‍යන්තර තලයේ පදක්කමක් හිමි කර දුන් පාරමී මාරිස්ටෙලා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් යලිත් මෙරටට පැමිණියහ. ඇය යොවුන් ...
වසර 11කට පමණ පසු මෙරටට ජාත්‍යන්තර තලයේ පදක්කමක් හිමි කර දුන් පාරමී මාරිස්ටෙලා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් යලිත් මෙරටට පැමිණියහ.
ඇය යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේදී ලෝකඩ පදක්කම දිනා ගන්නා ලද්දේ කාන්තා මීටර 2000 බාධක දිවීමේ තරග ඉසව්වෙනි.
මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය ක‍්‍රීඩා බලධාරීන්ට චෝදනාත්මක ස්වරයෙන් අදහස් පල කල අතර පදක්කම ගෙන ඒමට තමන් විසින් කල කැපකිරීම්ද සිහිපත් කලාය.
තම කණ්ඩායමේ ක‍්‍රීඩා කටයුතු වෙනුවෙන් බලධාරීන් විසින් වූ පොරොන්දු කඩ කිරීම ගැනද ඇය අදහස් පල කලාය.
ක‍්‍රීඩා අමාත්‍යංශයේ උපදේශකාවක් වන ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ මීට පිලිතුරු ලෙස කියා සිටියේ තමන් ක‍්‍රීඩා කරන කලායේ මෙරතම් හෝ පහසුකම් නොලැබුනු බවයි.
ඒ පිළිබඳව අදහස් දක්වූ හිටපු ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තික ජයසිංහ දැන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට බොහෝ දෑ ලැබෙන බව පවසමින් තමන්ගෙ කාලයේ දී තමන්,දර්ශා ,කුලවංශ බොහෝ දුක් විඳි බව පවසයි. තමන්ට ඒ කාලයේ තිබුණේ මොනාදැයි විමසන්නීය. දැන් තාක්ෂණයේ දියුණුවත් සමගම කෙනෙක් ජයක් ලද විගස එය ෆේස්බුක් දමා දුප්පත් ක්‍රීඩිකාවක් දිනලා යනුවෙන් විවේචන කරන බවත් පවසයි. එමගින් ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා ඇමතිවරයා විවේචනය වීමට තමන් විරුද්ධ බවත් පවසන්නීය.
විශේෂයෙන්ම ” මේ ජූනියර් තරගයක් දිනලා කියලා. මට හැත්තපන්දාහක් ලැබුණේ ඔලිම්පික් ගියාම” යැයි පාරමීගේ ජයග්‍රහණය අවතක්සේරු කරන හේ පාරමී වසන්ති යනු පාසල් ක්‍රීඩිකාවක් නිසා ඇය පිළිබඳව වැඩි වගකීමක් ඇත්‍තේ ක්‍රීඩා අමාත්‍යංශයට නොව අධ්‍යාපන අමාත්‍යංශයට බව පවසන්නීය.
එම වීඩියෝව පහතින්,
COMMENTS