ජපානයේ තවත් රජ කුමරියක් සිය රාජකීයත්වය අතහැර සාමාන්‍ය වැසියෙකු සමඟ විවාහ වී තිබේ. ඇය අකිහිතෝ අධිරාජ්‍යයාගේ ඥාති සහෝදරයෙකුගේ දියණිය වන අය...
ජපානයේ තවත් රජ කුමරියක් සිය රාජකීයත්වය අතහැර සාමාන්‍ය වැසියෙකු සමඟ විවාහ වී තිබේ.
ඇය අකිහිතෝ අධිරාජ්‍යයාගේ ඥාති සහෝදරයෙකුගේ දියණිය වන අයාකෝ කුමරියයි.
ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයාගේ ඥාති සහෝදරයෙකු වන නැසීගිය ටකමොඩෝ කුමරුගේ තුන්වන දියණිය වන අයාකෝ කුමරිය සාමාන්‍ය වැසියෙකු සමගින් විවාහ දිවියට පිවිස තිබේ.
28 හැවිරිදි වියේ පසුවන අයාකෝ කුමරිය විවාහවී ඇත්තේ ජපාන නාවික සමාගමේ සේවකයෙකු වන 32හැවිරිදි කේයි මොරියා සමගිනි.
ටෝකියෝ හි මෙයිජි ආශ්‍රමයේදී සාම්ප්‍රදායානුකූලව ඔවුන්ගේ විවාහය සිදු විය.
නව යුවලට සුබ පැතීම සඳහා අමුත්තන් සහ රටවැසියන් සිය ගණනක් ආශ්‍රමය ඉදිරිපිටට රැස්වී සිටි බවත් සඳහන් වේ.
මෙම විවාහයත් සමඟ අයාකෝගේ රාජකීයත්වය අහෝසි වන අතර ඉදිරියේදී ඇය අයාකෝ මොරියා ලෙස හඳුන්වනු ඇති.
කෙටි කාලයක් තුළදී රාජකීයත්වය අතහැර සාමාන්‍ය වැසියෙකු සමගින් විවාහ වූ දෙවන ජපාන රජකුමරිය ඇය වේ.
අකිහිතෝ අධිරාජ්‍යයාගේ මිණිපිරියක වන මාකෝ කුමරිය පසුගිය වසරේදී මෙලෙසම සිය රාජකීයත්වය අතහැර සාමාන්‍ය පුද්ගලයෙකු සමගින් විවාහ වුණි.






COMMENTS