දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයන් ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන ආ එළවළු මිලදී නොගැනීම නිසා අද (10...
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි ව්‍යාපාරිකයන් ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් රැගෙන ආ එළවළු මිලදී නොගැනීම නිසා අද (10) පෙරවරුවේ සිට ආර්ථික මධ්‍යස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය විසින් අද (10) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි එළවළු මිලදී ගත් ව්‍යාපාරිකයන්ගේ එළවළු ලොරි රථවලට පැටවීමේදී පොදු වූ රථගාල භාවිතා කළ යුතු බවත් රථගාල යෙන් පිට එළවළු පැටවීම නොකළ යුතු යැයි තීන්දුවක් ගෙන තිබිණි. එම තීන්දුවට විරෝධය ප්‍රකාශ කරමින් ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිලදී ගැනීමට සඳහා පැමිණි ව්යාපාරිකයින් එළවළු මිලදී ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.
එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ සිටි ව්‍යාපාරිකයන් කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු පැටවීම සඳහා වෙනම මංතීරුවක් පවතින බවත් එම මංතීරුව ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන තිබෙන බවය.
එසේම වාහන නැවතුම් පලක ස්ථානයේ සිට එළවළු පැටවීම සිදු කිරීමේදී අතිවිශාල වියදමක් යන බවත් දුර බැහැර ප්‍රදේශවලට එළවළු ප්‍රවාහනය කිරීම සඳහා විශාල කාල වේලාවක් ගතවීම හේතුවෙන් තමන්ට එළවළු අලෙවි කිරීමට නොහැකි වන තත්වයක් උදා වන බව ද ඔවුහු පවසති.
මේ හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට 10 දින එළවලු ගෙනා ආ ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව සිටිති.
උදෑසන සිට දහවල් වනතුරු ම එළවළු මිලදී ගැනීමක් සිදු නොවීම නිසා ගොවීන් එකවරම කෑ කෝ ගසමින් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයන් හමුවීම සඳහා කාර්යාලයට කඩා පැනීම සිදු කළහ.
එහිදී වෙළෙඳ සංගම් නියෝජිතයන් සමග ගොවීන් සාකච්චාවක් ආරම්භ කළ අතර එහිදී ගොවීන් සහ ව්‍යාපාරිකයන් අතර දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විනි .ගොවීන් කියා සිටියේ ව්‍යාපාරිකයන් විසින් ගොවීන්ට නිසි ලෙස සලකන්නේ නැති බවය. එමෙන්ම විවිධ අක්‍රමිකතා සිදුකරන බවත් ඔවුහු චෝදනා කරන්නට වූහ. කෙසේවෙතත් ව්‍යාපාරිකයන් කියා සිටියේ මෙම තීන්දු තීරණ ලබා ගනු ලබන්නේ ගොවීන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ මෙන්ම එළවළු මිලදී ගැනීමට එන ව්‍යාපාරිකයන්ගේ සහයෝගයට බවය .
කෙසේවෙතත් එළවලුළු මිලදී නොගන්නේ නම් ගොවීන්ගේ එළවළු ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ ව්‍යාපාරිකයන් විසින් වැඩි මිලකට මිලදී ගන්නා බව ව්‍යාපාරිකයෝ කියන්නට වූහ. එම ප්‍රකාශයට ගොවීන්ගේ දැඩි සතුට පළ කරන්නට ද විය.
කෙසේවෙතත් එළවළු මිලදී ගැනීම සඳහා පැමිණ ඇති ව්‍යාපාරිකයන් මෙන්ම ගොවීන් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්ද ආර්ථික මධ්‍යස්ථාන එළිමහනේ දී සිදුකෙරිණි. එහිදී දෙපාර්ශවයම චෝදනා කර ගත් අතර නිශ්චිත විසඳුමකට එළඹීමට නොහැකි විණි. එළවළු මිලදී ගැනීම සඳහා පැමිණි ව්යාපාරිකයින් තමන් එළවළු මිලදී ගැනීම සිදු නොකරන බව කියන්නට වූහ.
ව්‍යාපාරිකයන් කියාසිටියේ ආර්ථික මධ්‍යස්ථාන ආසන්නයේ පිහිටි රථවාහන නැවතුම්පොළේ නවතා තිබියදී තම කම්කරුවන් යොදා පටවා දීමට කැමැත්ත පළ කරන බව ය.
එහෙත් ව්‍යාපාරිකයන් කියා සිටියේ ප්‍රමාණ කූලව එම ක්‍රියාවලිය නිසි වේලාවට සිදු නොවන බවය. ප්‍රායෝගිකව එය සිදුකිරීමට නොහැකි බවද ඔවුහු අවධාරණය කරන්නට වූහ. එමනිසා මිලදීගන්න භාණ්ඩ පැටවීම සඳහා ආර්ථික මධ්‍යස්ථානය තුල වෙන්කොට ඇති භූමි ප්‍රමාණය ලබා දුන්නේ නම් මෙවැනි තත්ත්වයක් ඇති නොවන බව ද ඔවුහු පවසති.
ගොවීන් ද කියා සිටියේ ආර්ථික මධ්‍යස්ථානයේ ඇතුළත ගොවීන්ට වෙන්කොට ඇති ප්‍රමාණයත් එළවළු මිලදී ගැනීමට පිරිස්ද වෙන්කොට ඇති භූමි ප්‍රමාණයක් ව්‍යාපාරිකයන් විසින් අත්පත් කරගෙන තිබෙන බවය .එමෙන්ම ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට ආපනශාලා ඉදිරිපිට සහ කුණු කසල බැහැර කරන ස්ථාන පවා ව්‍යාපාරිකයන් අත්පත් කරගෙන ඇතැයි ගොවීන් චෝදනා කරන්නට වූහ.
කෙසේවෙතත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මක වන අතර පිටස්තර එළවළු මිලදී ගැනීමට පැමිණි ව්‍යාපාරිකයන්ටද එළවළු මිලදී ගැනීම සිදු නොකර සිටි අතර ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ එළවළු මිලදී ගන්නා බව සඳහන් කළ ද ගොවීන්ගේ එළවළු මිලදී නොගත ගොවීන් තවදුරටත් තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානය තුළ තබාගෙන සිටින අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS