උතුරේ ග්‍රාම නාම හා ස්ථානීය නාමයන් පුවරු වල යෙදීමේදී මුලින්ම දෙමළ භාෂාවෙන් ඒවා නම් කිරීමත් අර්ථ පරිවර්ථනය කොට ගම්වල නම් සදහන් නොකරණ ලෙසත් ...
උතුරේ ග්‍රාම නාම හා ස්ථානීය නාමයන් පුවරු වල යෙදීමේදී මුලින්ම දෙමළ භාෂාවෙන් ඒවා නම් කිරීමත් අර්ථ පරිවර්ථනය කොට ගම්වල නම් සදහන් නොකරණ ලෙසත් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උතුරේ පළාත් පාලන නිලධාරීන් සදහා වූ රැස්වීමකදී ප්‍රකාශ කළේය.
ප්‍රධාන අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙන ලද්දේ ''නාගදීපය'' යනුවෙන් ගමක් නැති බවත් එය සියළු භාෂාවලින් නයිනතීව් වශයෙන් සටහන් විය යුතු බවත්ය.
මේ නිසා උතුරේ සියළුම ග්‍රාම නාම හා ස්ථානීය නාම නිවැරදි ලෙස දෙමළ භාෂාවෙන් මුලින්ම යොදා යළි සකස් කරණ ලෙස ප්‍රධාන අමාත්‍යවරයා පළාත් පාලන නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.
විදේශිකයින් විශාල පිරිසක් පැමිණෙන බැවින් දෙමළ භාෂාවට පසුව ඉංග්රීසියෙන්ද අවසානයට ඒ නාම සිංහල භාෂාවෙන්ද සදහන් කළ යුතු බව ප්‍රධාන අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.
ප්‍රධාන අමාත්‍යවරයාගේ ඉල්ලීමට අනුව මේ දිනවල උතුරේ බොහෝ ස්ථාන වල ග්රාම නාම හා ස්ථානීය නාම වෙනස් කොට නව පුවරු සැකසීමට පටන්ගෙන තිබේ.
නමුත් යාපනයේ සිටින සිංහල පිරිස් කියා සිටින්නේ එම නාම පුවරුවල අකුරු සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇතැම් ස්ථාන වල කුණුහරප වැකි පවා දක්නට ඇති බවයි.
යාපනයේ සිටින සිංහල ජනතාව කියා සිටින්නේ නම යෙදීම කුමන පිළිවෙලකට සිදු කළත් ඒවායෙහි සිංහල යෙදීමේදී නිවැරදිව සිංහල යෙදීමට දන්නා අයෙකුගේ හෝ සහය ලබා ගත යුතුව ඇති බවයි.
මේ පිළිබදව තොරතුරු විමසූ අවස්ථාවේදී රාජ්‍ය භාෂා කටයුතු පිළිබද අමාත්‍ය මනෝගණේෂන් මහතා කියා සිටියේ සිංහල භාෂාවෙන් මුලින් ලිවිය යුතු බවට කිසිදු තැනක සදහන් නොමැති බවයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS