රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇතැයි, බන්ධනා...
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇතැයි, බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි.
එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ විශේෂ මැදිරියක රඳවා ඇති බවයි.
ඔහුගේ ආරක්ෂාවට අතිරේක බන්ධනාගාර නිලධාරීන් කිහිපදෙනෙකු යොදවා ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.
එම ජ්‍යෙෂ් නිලධාරියා පැවසුවේ, වැලිකඩ බන්ධනාගාරයේ වයි ඕ වාට්ටුවේ විශේෂ මැදිරියක රඳවා ඇති හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමුත්තන් හමුවීම සඳහා වෙනත් ස්ථානයකට ගෙන ඒමෙන් පසු අවස්ථාව ලබා දෙන බවයි.
පසුගිය 25 වනදා රාත්‍රීයේ අත්අඩංගුවට ගත් පොලිස් ත්‍රස්තවිමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා එදිනම රාත්‍රීයේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 7 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේ ය.
COMMENTS