දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දයාසිරිගෙන් චන්ද‍්‍රිකාට කණ පුපුරණ පිලිතුරක්.. අම්ම-අප්පා මතක් කරමින් කියයි
Homeප්‍රවෘත්ති

දයාසිරිගෙන් චන්ද‍්‍රිකාට කණ පුපුරණ පිලිතුරක්.. අම්ම-අප්පා මතක් කරමින් කියයි

PropellerAds

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පක්ෂය පිහිටුවීමේ මූලධර්මවලට අනුව එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු ...

සමාජ ජාල පැමිණිලි 2100ක්
පස්වරුවේ ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි
EPDP සාමාජිකයින් 3කට මරණ දණ්ඩනය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පක්ෂය පිහිටුවීමේ මූලධර්මවලට අනුව එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීම නොගැළපෙන තත්ත්වයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට දැනුම් දී තිබේ.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව දැනුම් දී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීම ගැන හිටපු ජනාධිපතිනිය විරෝධය පළ කිරීමට පිළිතුරක් ලෙස දයාසිරි ජයසේකර මෙම සටහන තබා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගනු ලැබුවේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූලව බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. පක්ෂය පිහිටුවීමේ ප්‍රතිපත්ති, වටිනාකම් ආරක්ෂා කරමින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹ ඇත. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති රාමුව ඇතුළතශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන්ට සහාය දැක්විය නොහැක.

පසුගිය යහපාලන රජයට පෙර නොවූවිරූ ලෙස සංකීර්ණ ගැටලුවලට මුහුණදීමට සිදුවූයේ එම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලය වූයේ මීට මාස 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන රජයෙන් ඉවත්වීමය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය ලබාදෙන කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර තිබේ. මෙම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීම හොඳම ගැළපෙන විකල්පය බව දයාසිරි ජයසේකර හිටපු ජනාධිපතිනියට පෙන්වා දෙයි.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුව මහලේකම්වරයා ලෙස පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි. පෞද්ගලික දැක්මට වඩා ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු බව ඔහු සඳහන් කරයි.

පෞද්ගලික ප්‍රතිපත්තිවලින් තොරව ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා තීන්දු තීරණ ගත යුතුයි. රටේ යහපත වෙනුවෙන් පුළුල් තීරණ ගත යුතුයි. ඔබ ජනාධිපති ධුරයේ කටයුතු කරන විට ජනතා විමුක්ති පෙරමුණ සමග ඒකාබද්ධව ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කළේද එවැනි තීරණයක් මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හිටපු ජනාධිපතිනියට පෙන්වාදී තිබේ.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දයාසිරිගෙන් චන්ද‍්‍රිකාට කණ පුපුරණ පිලිතුරක්.. අම්ම-අප්පා මතක් කරමින් කියයි
දයාසිරිගෙන් චන්ද‍්‍රිකාට කණ පුපුරණ පිලිතුරක්.. අම්ම-අප්පා මතක් කරමින් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirvu4Apmg6jddNa8liHVe_1oX9DV4foKJBgl2M2M7ntIZscdygHzFvefY4djl02SqIpRSfSSw515y4DasVwqWCTvk5nHMaJxuje2lV5vXkHk1AGiwpEjjLV0DWjWABdINEpgvBtv-QTIka/s320/dayasiri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirvu4Apmg6jddNa8liHVe_1oX9DV4foKJBgl2M2M7ntIZscdygHzFvefY4djl02SqIpRSfSSw515y4DasVwqWCTvk5nHMaJxuje2lV5vXkHk1AGiwpEjjLV0DWjWABdINEpgvBtv-QTIka/s72-c/dayasiri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_809.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/10/blog-post_809.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy