ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිලද ඉහළ යාම අප රටට මෙන්ම විදෙස් රටවලට බලපා තිබෙනවා. මෙම ගැටලුව හේතුවෙන් අසල්වැසි ඉන්දීයාවේ වෙසෙන ජනතාවට ...
ලෝක ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිලද ඉහළ යාම අප රටට මෙන්ම විදෙස් රටවලට බලපා තිබෙනවා.
මෙම ගැටලුව හේතුවෙන් අසල්වැසි ඉන්දීයාවේ වෙසෙන ජනතාවට ගැටලු රැසකට මුහුණ දීමට සිදු වුණා.
ඒ අනුව මුහුණදී ඇති ගැටලු අවම කිරීම සඳහා ඉන්දීය රජය විසින් භූමිතෙල් හා ඩීසල් වෙනුවෙන් පනවා තිබූ බදු අඩු කිරීමට තීරණය කර තිබෙනවා.
අදාළ ඉන්ධන දෙක වෙනුවෙන් අය කළ තීරුබද්ද ඉන්දීය රුපියල් 1.50කින් අඩුකර ඇති අතර ඉන්දිය රජයේ තෙල් පිරිපහදු ආයතන වෙත තවත් රුපියලකින් මෙම ඉන්ධනවල මිල අඩු කිරීමටයි නියම කර ඇත්තේ.
ඒ අනුව ඉන්දීය වෙළඳපොළ තුළ ඩීසල් ලීටරයක හා භූමිතෙල් ලීටරයක මිල ඉන්දීය රුපියල් 2.50කින් අඩුවෙනු ඇති.
COMMENTS